මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.4.9. අරණ විභංග සුත්තං

3.4.9. අර්බුද රහිත වීම පිළිබඳ විග්‍රහ කොට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්ෂූන් ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

අරණවිභංගං වෝ භික්ඛවේ, දේසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරෝථ. භාසිස්සාමීති.

“පින්වත් මහණෙනි, ඔබට කෙලෙස් නැති ස්වභාවය පිළිබඳ වූ විග්‍රහයක් දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. මනාකොට නුවණින් මෙනෙහි කරන්න. මා කියාදෙන්නම්.”

ඒවං භන්තේති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

“එසේය, ස්වාමීනී” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

න කාමසුඛමනුයුඤ්ජෙය්‍ය හීනං ගම්මං පෝථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං. න ච අත්තකිලමථානුයෝගමනුයුඤ්ජෙය්‍ය දුක්ඛං අනරියං අනත්ථසංහිතං. ඒතේ තේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා, චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. උස්සාදනඤ්ච ජඤ්ඤා, අපසාදනඤ්ච ජඤ්ඤා, උස්සාදනඤ්ච ඤත්වා අපසාදනඤ්ච ඤත්වා නේවුස්සාදෙය්‍ය, නාපසාදෙය්‍ය ධම්මමේව දේසෙය්‍ය. සුඛවිනිච්ඡයං ජඤ්ඤා, සුඛවිනිච්ඡයං ඤත්වා අජ්ඣත්තං සුඛමනුයුඤ්ජෙය්‍ය, රහෝවාදං න භාසෙය්‍ය, සම්මුඛා න ඛීණං භණේ, අතරමානෝව භාසෙය්‍ය, නෝ තරමානෝ. ජනපදනිරුත්තිං නාභිනිවේසෙය්‍ය, සමඤ්ඤං නාතිධාවෙය්‍යාති. අයමුද්දේසෝ අරණවිභංගස්ස.

“ලාමක වූ, ග්‍රාම්‍ය වූ, පෘථග්ජනයන්ට අයත් වූ, අනාර්ය වූ, අයහපත පිණිස පවතින, කාම සුඛයෙහි නොයෙදිය යුතුයි. දුක් වූ, අනාර්ය වූ, අයහපත පිණිස පවතින, තමාව පීඩාවට පත්කරගැනීමේ තපස් ක්‍රමවල නොයෙදිය යුතුයි.

පින්වත් මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දේ මධ්‍යමප්‍රතිපදාවයි. එය වනාහී දහම් ඇස ලබා දෙයි. නුවණ උදාකරයි. සංසිඳීම ඇතිකරයි. විශේෂ ඤාණය ඇතිකරයි. අවබෝධය ඇතිකරයි. නිවන පිණිස පවතියි.

ඒ වගේම හුවාදැක්වීම ගැනත් දැනගත යුතුයි. හෙළාදැකීම ගැනත් දැනගත යුතුයි. හුවාදැක්වීම ගැනත් දැනගෙන, හෙළාදැකීම ගැනත් දැනගෙන හුවා නොදැක්ක යුතුයි. හෙළා නොදැක්ක යුතුයි. ධර්මය විතරක් දෙසිය යුතුයි.

ඒ වගේම සැප විනිශ්චය දැනගත යුතුයි. සැප විනිශ්චය දැනගෙන ආධ්‍යාත්ම සැපයෙහි යෙදිය යුතුයි.

ඒ වගේම රහසේ කියන කියුම් නොකිව යුතුයි. ඉදිරියෙහි කියන පහත් දේ නොකිව යුතුයි.

ඒ වගේම හෙමින් කිව යුතුයි. වේගයෙන් නොකිව යුතුයි.

ඒ වගේම ජනපදයන් හි ඇති වචන පිළිබඳ විග්‍රහය තුළ නොබැසගත යුතුයි. පොදු ව්‍යවහාරය ඉක්මවා නොයා යුතුයි. නිකෙලෙස් බව පිළිබඳ විස්තර විභාගයේදී කෙරෙන මූලික මාතෘකාව මෙයයි.’

‘න කාමසුඛමනුයුඤ්ජෙය්‍ය හීනං ගම්මං පෝථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, න ච අත්තකිලමථානුයෝගං අනුයුඤ්ජෙය්‍ය දුක්ඛං අනරියං අනත්ථසංහිත’න්ති ඉති ඛෝ පනේතං වුත්තං. කිඤ්චේතං පටිච්ච වුත්තං: යෝ කාමපටිසන්ධිසුඛිනෝ සෝමනස්සානුයෝගෝ හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ අනරියෝ අනත්ථසංහිතෝ, සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සඋපඝාතෝ සඋපායාසෝ සපරිළාහෝ මිච්ඡාපටිපදා. යෝ කාමපටිසන්ධිසුඛිනෝ සෝමනස්සානුයෝගං අනනුයෝගෝ හීනං ගම්මං පෝථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිළාහෝ සම්මාපටිපදා. යෝ අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථසංහිතෝ, සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සඋපඝාතෝ සඋපායාසෝ සපරිළාහෝ මිච්ඡාපටිපදා. යෝ අත්තකිලමථානුයෝගං අනනුයෝගෝ දුක්ඛං අනරියං අනත්ථසංහිතං, අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිළාහෝ සම්මාපටිපදා ‘න කාමසුඛමනුයුඤ්ජෙය්‍ය හීනං ගම්මං පෝථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, න ච අත්තකිලමථානුයෝගං අනුයුඤ්ජෙය්‍ය දුක්ඛං අනරියං අනත්ථසංහිත’න්ති ඉති යං තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං.

‘ලාමක වූ, ග්‍රාම්‍ය වූ, පෘථග්ජනයන්ට අයත් වූ, අනාර්ය වූ, අයහපත පිණිස පවතින, කාම සුඛයෙහි නොයෙදිය යුතුයි. දුක් වූ, අනාර්ය වූ, අයහපත පිණිස පවතින, තමාව පීඩාවට පත්කරගැනීමේ තපස් ක්‍රමවල නොයෙදිය යුතුයි’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ කුමන කරුණක් සඳහාද? ලාමක වූ, ග්‍රාම්‍ය වූ, පෘථග්ජනයන්ට අයත් වූ, අනාර්ය වූ, අයහපත පිණිස පවතින කාමයට බැඳුණු සැපයෙන් යුක්ත වූ යමෙක් ඒ සතුටෙහි යෙදී ඉන්නවාද, මෙම ස්වභාවය දුක් සහිතයි. පීඩා සහිතයි. කරදර සහිතයි. දැවිලි සහිතයි. මිත්‍යා ප්‍රතිපදාවක්.

ලාමක වූ, ග්‍රාම්‍ය වූ, පෘථග්ජනයන්ට අයත් වූ, අනාර්ය වූ, අයහපත පිණිස පවතින කාමයට බැඳුණු සැපයෙන් යුක්ත වූ යමෙක් ඒ සතුටෙහි නොයෙදී ඉන්නවාද, මෙම ස්වභාවය දුක් රහිතයි. පීඩා රහිතයි. කරදර රහිතයි. දැවිලි රහිතයි. සම්‍යක් ප්‍රතිපදාවක්.

දුක් වූ, අනාර්ය වූ, අයහපත පිණිස පවතින අත්තකිලමථානුයෝගයෙහි යමෙක් යෙදී ඉන්නවාද, මෙම ස්වභාවය දුක් සහිතයි. පීඩා සහිතයි. කරදර සහිතයි. දැවිලි සහිතයි. මිත්‍යා ප්‍රතිපදාවක්.

දුක් වූ, අනාර්ය වූ, අයහපත පිණිස පවතින අත්තකිලමථානුයෝගයෙහි යමෙක් නොයෙදී ඉන්නවාද, මෙම ස්වභාවය දුක් රහිතයි. පීඩා රහිතයි. කරදර රහිතයි. දැවිලි රහිතයි. සම්‍යක් ප්‍රතිපදාවක්.

‘ලාමක වූ, ග්‍රාම්‍ය වූ, පෘථග්ජනයන්ට අයත් වූ, අනාර්ය වූ, අයහපත පිණිස පවතින, කාම සුඛයෙහි නොයෙදිය යුතුයි. දුක් වූ, අනාර්ය වූ, අයහපත පිණිස පවතින, තමාව පීඩාවට පත්කරගැනීමේ තපස් ක්‍රමවල නොයෙදිය යුතුයි’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ මෙන්න මේ තේරුම ඇතුවයි.

‘ඒතේ තේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා, චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතී’ති ඉති ඛෝ පනේතං වුත්තං. කිඤ්චේතං පටිච්ච වුත්තං: අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, සෙය්‍යථිදං: සම්මාදිට්ඨි, සම්මාසංකප්පෝ, සම්මාවාචා, සම්මාකම්මන්තෝ, සම්මාආජීවෝ, සම්මාවායාමෝ, සම්මාසති, සම්මාසමාධි. ‘ඒතේ තේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා, චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතී’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දේ මධ්‍යම ප්‍රතිපදාවයි. එය වනාහී දහම් ඇස ලබා දෙයි. නුවණ උදාකරයි. සංසිඳීම ඇතිකරයි. විශේෂ ඤාණය ඇතිකරයි. අවබෝධය ඇතිකරයි. නිවන පිණිස පවතියි’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ කුමන කරුණක් සඳහාද?

ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම යි. එනම්; සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි. ‘පින්වත් මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දේ මධ්‍යම ප්‍රතිපදාවයි. එය වනාහී දහම් ඇස ලබා දෙයි. නුවණ උදාකරයි. සංසිඳීම ඇතිකරයි. විශේෂ ඤාණය ඇතිකරයි. අවබෝධය ඇතිකරයි. නිවන පිණිස පවතියි’ කියලා යම් ප්‍රකාශයක් කළා ද, එම ප්‍රකාශය කරන ලද්දේ ඔය තේරුම ඇතුවයි.

‘උස්සාදනඤ්ච ජඤ්ඤා, අපසාදනඤ්ච ජඤ්ඤා, උස්සාදනඤ්ච ඤත්වා අපසාදනඤ්ච ඤත්වා නේවුස්සාදෙය්‍ය, න අපසාදෙය්‍ය, ධම්මමේව දේසෙය්‍යා’ති ඉති ඛෝ පනේතං වුත්තං. කිඤ්චේතං පටිච්ච වුත්තං: කථඤ්ච භික්ඛවේ, උස්සාදනා ච හෝති අපසාදනා ච, නෝ ච ධම්මදේසනා:

‘ඒ වගේම හුවාදැක්වීම ගැනත් දැනගත යුතුයි. හෙළාදැකීම ගැනත් දැනගත යුතුයි. හුවාදැක්වීම ගැනත් දැනගෙන, හෙළාදැකීම ගැනත් දැනගෙන හුවා නොදැක්විය යුතුයි. හෙළා නොදැක්ක යුතුයි. ධර්මය විතරක් දෙසිය යුතුයි’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ කුමන කරුණක් සඳහාද?

පින්වත් මහණෙනි, හුවාදක්වන්නේ කොහොමද? හෙළාදකින්නේ කොහොමද? ධර්ම දේශනාව නොවන්නේ කොහොමද?

යේ කාමපටිසන්ධිසුඛිනෝ සෝමනස්සානුයෝගං අනුයුත්තා හීනං ගම්මං පෝථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, සබ්බේ තේ සදුක්ඛා සඋපඝාතා සඋපායාසා සපරිළාහා මිච්ඡාපටිපන්නාති ඉති වදං ඉත්ථේකේ අපසාදේති. යේ කාමපටිසන්ධිසුඛිනෝ සෝමනස්සානුයෝගං අනනුයුත්තා හීනං ගම්මං පෝථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, සබ්බේ තේ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිළාහා සම්මාපටිපන්නාති ඉති වදං ඉත්ථේකේ උස්සාදේති.

හීන වූ, ග්‍රාම්‍ය වූ, පෘථග්ජනයන්ට අයත් වූ, අනාර්ය වූ, අනර්ථ සහිත වූ, යම් කාමයකට ඇලී සැප විඳින උදවිය ඒ සොම්නසේ යෙදී සිටිනවාද, ඒ සියලු දෙනාම දුක් සහිතවයි ඉන්නේ. පීඩා සහිතවයි ඉන්නේ. කරදර සහිතවයි ඉන්නේ. දැවිලි සහිතවයි ඉන්නේ. මිත්‍යා ප්‍රතිපදාවෙන් යුක්තයි කියලා ඔය විදිහට කිව්වොත් ඒ තුළින් කෙනෙකුව හෙලාදැක්කා වෙනවා.

හීන වූ, ග්‍රාම්‍ය වූ, පෘථග්ජනයන්ට අයත් වූ, අනාර්ය වූ, අනර්ථ සහිත වූ, යම් කාමයකට ඇලී සැප විඳින උදවිය ඒ සොම්නසේ නොයෙදී සිටිනවාද, ඒ සියලු දෙනාම දුක් රහිතවයි ඉන්නේ. පීඩා රහිතවයි ඉන්නේ. කරදර රහිතවයි ඉන්නේ. දැවිලි රහිතවයි ඉන්නේ. සම්‍යක් ප්‍රතිපදාවෙන් යුක්තයි කියලා ඔය විදිහට කිව්වොත් ඒ තුළින් කෙනෙකුව හුවාදැක්කුවා වෙනවා.

‘යේ අත්තකිලමථානුයෝගං අනුයුත්තා දුක්ඛං අනරියං අනත්ථසංහිතං, සබ්බේ තේ සදුක්ඛා සඋපඝාතා සඋපායාසා සපරිළාහා මිච්ඡාපටිපන්නා’ති ඉති වදං ඉත්ථේකේ අපසාදේති. ‘යේ අත්තකිලමථානුයෝගං අනනුයුත්තා දුක්ඛං අනරියං අනත්ථසංහිතං, සබ්බේ තේ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිළාහා සම්මාපටිපන්නා’ති ඉති වදං ඉත්ථේකේ උස්සාදේති.

යමෙක් දුක් වූ, අනාර්ය වූ, අනර්ථ සහිත වූ, අත්තකිලමථානුයෝගයෙහි යෙදෙනවාද, ඒ හැමෝම දුක් සහිතවයි ඉන්නේ. පීඩා සහිතවයි ඉන්නේ. කරදර සහිතවයි ඉන්නේ. දැවිලි සහිතවයි ඉන්නේ. මිත්‍යා ප්‍රතිපදාවෙන් යුක්තයි කියලා මෙහෙම කියනවා නම් කෙනෙකුව හෙලාදැක්කා වෙනවා.

යමෙක් දුක් වූ, අනාර්ය වූ, අනර්ථ සහිත වූ, අත්තකිලමථානුයෝගයෙහි නොයෙදෙනවාද, ඒ හැමෝම දුක් රහිතවයි ඉන්නේ. පීඩා රහිතවයි ඉන්නේ. කරදර රහිතවයි ඉන්නේ. දැවිලි රහිතවයි ඉන්නේ. සම්‍යක් ප්‍රතිපදාවෙන් යුක්තයි කියලා මෙහෙම කියනවා නම් කෙනෙකුව හුවාදැක්කුවා වෙනවා.

‘යේසං කේසඤ්චි භවසංයෝජනං අප්පහීනං, සබ්බේ තේ සදුක්ඛා සඋපඝාතා සඋපායාසා සපරිළාහා මිච්ඡාපටිපන්නා’ති ඉති වදං ඉත්ථේකේ අපසාදේති. ‘යේසං කේසඤ්චි විභවසංයෝජනං පහීනං, සබ්බේ තේ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිළාහා සම්මාපටිපන්නා’ති ඉති වදං ඉත්ථේකේ උස්සාදේති. ඒවං ඛෝ භික්ඛවේ, උස්සාදනා ච හෝති අපසාදනා ච, නෝ ච ධම්මදේසනා.

යම් කෙනෙකුට භව සංයෝජන ප්‍රහාණය වෙලා නැද්ද, ඒ සියලු දෙනාම දුක් සහිතවයි ඉන්නේ. පීඩා සහිතවයි ඉන්නේ. කරදර සහිතවයි ඉන්නේ. දැවිලි සහිතවයි ඉන්නේ. මිත්‍යා ප්‍රතිපදාවෙන් යුක්තයි කියලා ඔය විදිහට කිව්වොත් ඒ තුළින් කෙනෙකුව හෙලාදැක්කා වෙනවා.

යම් කෙනෙකුට භව සංයෝජන ප්‍රහාණය වෙලාද තියෙන්නේ, ඒ සියලු දෙනාම දුක් රහිතවයි ඉන්නේ. පීඩා රහිතවයි ඉන්නේ. කරදර රහිතවයි ඉන්නේ. දැවිලි රහිතවයි ඉන්නේ. සම්‍යක් ප්‍රතිපදාවෙන් යුක්තයි කියලා ඔය විදිහට කිව්වොත් ඒ තුළින් කෙනෙකුව හුවාදැක්කුවා වෙනවා.

පින්වත් මහණෙනි, ඔය විදිහට තමයි හුවාදක්වන්නෙත්, හෙළාදකින්නෙත්, ධර්ම දේශනාව නොවන්නෙත්.

කථඤ්ච භික්ඛවේ, නේවුස්සාදනා හෝති න අපසාදනා, ධම්මදේසනා ච: ‘යේ කාමපටිසන්ධිසුඛිනෝ සෝමනස්සානුයෝගං අනුයුත්තා හීනං ගම්මං පෝථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, සබ්බේ තේ සදුක්ඛා සඋපඝාතා සඋපායාසා සපරිළාහා මිච්ඡාපටිපන්නා’ති න ඒවමාහ: ‘අනුයෝගෝ ච ඛෝ, සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සඋපඝාතෝ සඋපායාසෝ සපරිළාහෝ මිච්ඡාපටිපදා’ති ඉති වදං ධම්මමේව දේසේති.

පින්වත් මහණෙනි, හුවානොදක්වන්නෙත්, හෙළානොදකින්නෙත් ධර්ම දේශනාව වන්නෙත් කොහොමද?

හීන වූ, ග්‍රාම්‍ය වූ, පෘථග්ජනයන්ට අයත් වූ, අනාර්ය වූ, අනර්ථ සහිත වූ, යම් කාමයකට ඇලී සැප විඳින උදවිය ඒ සොම්නසේ යෙදී සිටිනවාද, ඒ සියලු දෙනාම දුක් සහිතවයි ඉන්නේ. පීඩා සහිතවයි ඉන්නේ. කරදර සහිතවයි ඉන්නේ. දැවිලි සහිතවයි ඉන්නේ. මිත්‍යා ප්‍රතිපදාවෙන් යුක්තයි කියලා ඔය විදිහට කියන්නේ නෑ. නමුත් මෙහෙම කියනවා. කාම සුඛයෙහි යෙදීම නම් වූ ඔය ස්වභාවය දුක් සහිතයි. පීඩා සහිතයි. කරදර සහිතයි. දැවිලි සහිතයි. මිත්‍යා ප්‍රතිපදාවක් කියලා. එතකොට ධර්මයම යි ඒ කියන්නේ.

‘යේ කාමපටිසන්ධිසුඛිනෝ සෝමනස්සානුයෝගං අනනුයුත්තා හීනං ගම්මං පෝථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, සබ්බේ තේ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිළාහා සම්මාපටිපන්නා’ති න ඒවමාහ. ‘අනනුයෝගෝ ච ඛෝ, අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිළාහෝ සම්මාපටිපදා’ති ඉති වදං ධම්මමේව දේසේති.

හීන වූ, ග්‍රාම්‍ය වූ, පෘථග්ජනයන්ට අයත් වූ, අනාර්ය වූ, අනර්ථ සහිත වූ, යම් කාමයකට ඇලී සැප විඳින උදවිය ඒ සොම්නසේ නොයෙදී සිටිනවාද, ඒ සියලු දෙනාම දුක් රහිතවයි ඉන්නේ. පීඩා රහිතවයි ඉන්නේ. කරදර රහිතවයි ඉන්නේ. දැවිලි රහිතවයි ඉන්නේ. සම්‍යක් ප්‍රතිපදාවෙන් යුක්තයි කියලා ඔය විදිහට කියන්නේ නෑ. නමුත් මෙහෙම කියනවා. කාම සුඛයෙහි නොයෙදීම නම් වූ ඔය ස්වභාවය දුක් රහිතයි. පීඩා රහිතයි. කරදර රහිතයි. දැවිලි රහිතයි. සම්‍යක් ප්‍රතිපදාවක් කියලා. එතකොට ධර්මයම යි ඒ කියන්නේ.

‘යේ අත්තකිලමථානුයෝගං අනුයුත්තා දුක්ඛං අනරියං අනත්ථසංහිතං, සබ්බේ තේ සදුක්ඛා සඋපඝාතා සඋපායාසා සපරිළාහා මිච්ඡාපටිපන්නා’ති න ඒවමාහ: ‘අනුයෝගෝ ච ඛෝ, සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සඋපඝාතෝ සඋපායාසෝ සපරිළාහෝ මිච්ඡාපටිපදා’ති ඉති වදං ධම්මමේව දේසේති.

යමෙක් දුක් වූ, අනාර්ය වූ, අනර්ථ සහිත වූ, අත්තකිලමථානුයෝගයෙහි යෙදෙනවාද, ඒ හැමෝම දුක් සහිතවයි ඉන්නේ. පීඩා සහිතවයි ඉන්නේ. කරදර සහිතවයි ඉන්නේ. දැවිලි සහිතවයි ඉන්නේ. මිත්‍යා ප්‍රතිපදාවෙන් යුක්තයි කියලා මෙහෙම කියන්නේ නෑ. නමුත් මෙහෙම කියනවා. අත්තකිලමථානුයෝගයෙහි යෙදීමක් ඇද්ද, එය දුක් සහිතයි. පීඩා සහිතයි. කරදර සහිතයි. දැවිලි සහිතයි. මිත්‍යා ප්‍රතිපදාවක් කියලා. එතකොට ධර්මයම යි කියන්නේ.

‘යේ අත්තකිලමථානුයෝගං අනනුයුත්තා දුක්ඛං අනරියං අනත්ථසංහිතං, සබ්බේ තේ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිළාහා සම්මාපටිපන්නා’ති න ඒවමාහ: ‘අනනුයෝගෝ ච ඛෝ, අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිළාහෝ සම්මාපටිපදා’ති ඉති වදං ධම්මමේව දේසේති.

යමෙක් දුක් වූ, අනාර්ය වූ, අනර්ථ සහිත වූ, අත්තකිලමථානුයෝගයෙහි නොයෙදෙනවාද, ඒ හැමෝම දුක් රහිතවයි ඉන්නේ. පීඩා රහිතවයි ඉන්නේ. කරදර රහිතවයි ඉන්නේ. දැවිලි රහිතවයි ඉන්නේ. සම්‍යක් ප්‍රතිපදාවෙන් යුක්තයි කියලා මෙහෙම කියන්නේ නෑ. නමුත් මෙහෙම කියනවා. අත්තකිලමථානුයෝගයෙහි නොයෙදීමක් ඇද්ද, එය දුක් රහිතයි. පීඩා රහිතයි. කරදර රහිතයි. දැවිලි රහිතයි. සම්‍යක් ප්‍රතිපදාවක් කියලා. එතකොට ධර්මයම යි කියන්නේ.

‘යේසං කේසඤ්චි භවසංයෝජනං අප්පහීනං, සබ්බේ තේ සදුක්ඛා සඋපඝාතා සඋපායාසා සපරිළාහා මිච්ඡාපටිපන්නා’ති න ඒවමාහ: ‘භවසංයෝජනේ ච ඛෝ අප්පහීනේ භවෝපි අප්පහීනෝ හෝතී’ති ඉති වදං ධම්මමේව දේසේති.

යම් කෙනෙකුට භව සංයෝජන ප්‍රහාණය වෙලා නැද්ද, ඒ සියලු දෙනාම දුක් සහිතවයි ඉන්නේ. පීඩා සහිතවයි ඉන්නේ. කරදර සහිතවයි ඉන්නේ. දැවිලි සහිතවයි ඉන්නේ. මිත්‍යා ප්‍රතිපදාවෙන් යුක්තයි කියලා ඔය විදිහට කියන්නේ නෑ. නමුත් මෙහෙම කියනවා. භව සංයෝජනය ප්‍රහීණ වෙලා නැත්නම්, භවයත් ප්‍රහීණ වෙලා නෑ කියලා. එතකොට ධර්මයම යි කියන්නේ.

‘යේසං කේසඤ්චි භවසංයෝජනං පහීනං, සබ්බේ තේ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිළාහා සම්මාපටිපන්නා’ති න ඒවමාහ. ‘භවසංයෝජනේ ච ඛෝ පහීනේ භවෝපි පහීනෝ හෝතී’ති ඉති වදං ධම්මමේව දේසේති. ඒවං ඛෝ භික්ඛවේ, නේවුස්සාදනා හෝති න අපසාදනා, ධම්මදේසනා ච.

යම් කෙනෙකුට භව සංයෝජන ප්‍රහාණය වෙලාද තියෙන්නේ, ඒ සියලු දෙනාම දුක් රහිතවයි ඉන්නේ. පීඩා රහිතවයි ඉන්නේ. කරදර රහිතවයි ඉන්නේ. දැවිලි රහිතවයි ඉන්නේ. සම්‍යක් ප්‍රතිපදාවෙන් යුක්තයි කියලා ඔය විදිහට කියන්නේ නෑ. නමුත් මෙහෙම කියනවා. භව සංයෝජනය ප්‍රහීණ වෙලා නම්, භවයත් ප්‍රහීණ වෙලා කියලා. එතකොට ධර්මයම යි කියන්නේ.

පින්වත් මහණෙනි, ඔය විදිහට තමයි හුවානොදක්වන්නෙත්, හෙළානොදකින්නෙත්, ධර්ම දේශනාව වන්නෙත්.

‘උස්සාදනඤ්ච ජඤ්ඤා, අපසාදනඤ්ච ජඤ්ඤා, උස්සාදනඤ්ච ඤත්වා අපසාදනඤ්ච ඤත්වා නේවුස්සාදෙය්‍ය, න අපසාදෙය්‍ය, ධම්මමේව දේසෙය්‍යා’ති ඉති යං තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං.

‘හුවාදැක්වීම ගැනත් දැනගත යුතුයි. හෙළාදැකීම ගැනත් දැනගත යුතුයි. හුවාදැක්වීම ගැනත් දැනගෙන, හෙළාදැකීම ගැනත් දැනගෙන හුවා නොදැක්ක යුතුයි. හෙළා නොදැක්ක යුතුයි. ධර්මය විතරක් දෙසිය යුතුයි’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ ඔය තේරුම ඇතුවයි.

‘සුඛවිනිච්ඡයං ජඤ්ඤා, සුඛවිනිච්ඡයං ඤත්වා අජ්ඣත්තං සුඛමනුයුඤ්ජෙය්‍යා’ති ඉති ඛෝ පනේතං වුත්තං. කිඤ්චේතං පටිච්ච වුත්තං: පඤ්චිමේ භික්ඛවේ, කාමගුණා. කතමේ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සෝතවිඤ්ඤෙය්‍යා සද්දා …පෙ… ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා …පෙ… ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා …පෙ… කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා ඉමේ ඛෝ භික්ඛවේ, පඤ්ච කාමගුණා. යං ඛෝ භික්ඛවේ, ඉමේ පඤ්ච කාමගුණේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං ඉදං වුච්චති කාමසුඛං මීළ්හසුඛං පුථුජ්ජනසුඛං අනරියසුඛං. ‘න ආසේවිතබ්බං, න භාවේතබ්බං, න බහුලීකාතබ්බං, භායිතබ්බං ඒතස්ස සුඛස්සා’ති වදාමි. ඉධ භික්ඛවේ, භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං …පෙ… චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති නෙක්ඛම්මසුඛං පවිවේකසුඛං උපසමසුඛං සම්බෝධිසුඛං. ‘ආසේවිතබ්බං, භාවේතබ්බං, බහුලීකාතබ්බං, න භායිතබ්බං ඒතස්ස සුඛස්සා’ති වදාමි. ‘සුඛවිනිච්ඡයං ජඤ්ඤා, සුඛවිනිච්ඡයං ඤත්වා අජ්ඣත්තං සුඛමනුයුඤ්ජෙය්‍යා’ති ඉති යං තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං.

‘ඒ වගේම සැප විනිශ්චය දැනගත යුතුයි. සැප විනිශ්චය දැනගෙන ආධ්‍යාත්ම සැපයෙහි යෙදිය යුතුයි’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ කුමන කරුණක් සඳහාද?

පින්වත් මහණෙනි, මේ කාම ගුණ පහක් තියෙනවා. කවර පහක්ද යත්; ඇසෙන් දැක්ක යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති වෙන, කෙලෙස් හටගන්නා රූප තියෙනවා. කනෙන් ඇසිය යුතු ශබ්ද ….(පෙ)…. නාසයෙන් දත යුතු ගඳ සුවඳ ….(පෙ)…. දිවෙන් දත යුතු රස ….(පෙ)…. කයෙන් දත යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇතිවෙන, කෙලෙස් හටගන්නා පහස තියෙනවා. පින්වත් මහණෙනි, මේවාට තමයි පංච කාම ගුණ කියන්නේ. පින්වත් මහණෙනි, මේ පංච කාම ගුණයන් හේතු කොට ගෙන යම් සැපයක් සොම්නසක් උපදිනවා නම්, මෙයට තමයි කාමය සැපය, අසුචි සැපය, පෘථග්ජන සැපය, අනාර්ය සැපය කියල කියන්නේ. සේවනය නොකළ යුතු, පුරුදු නොකළ යුතු, බහුල වශයෙන් සේවනය නොකළ යුතු මෙම සැපයට බිය විය යුතුයි කියලයි මා කියන්නේ.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක විචාර සහිත, ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. විතර්ක විචාර සංසිඳුවාගෙන, තමා තුළ ප්‍රසන්න බව ඇති කරගෙන, සිතේ එකඟ බවින් යුතුව, විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය තියෙන දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. හතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, මෙයට කියන්නේ නෙක්ඛම්ම සැපය, හුදෙකලා විවේකයෙන් ලැබෙන සැපය, කෙලෙස් සංසිඳීමෙන් ලැබෙන සැපය, අවබෝධයෙන් ලැබෙන සැපය කියලයි. සේවනය කළ යුතු, වැඩිය යුතු, බහුල වශයෙන් සේවනය කළ යුතු මේ සැපයට බිය නොවිය යුතුයි කියලයි මා කියන්නේ.

‘සැප විනිශ්චය දැනගත යුතුයි. සැප විනිශ්චය දැනගෙන ආධ්‍යාත්ම සැපයෙහි යෙදිය යුතුයි’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ ඔය තේරුම ඇතුවයි.

‘රහෝවාදං න භාසෙය්‍ය, සම්මුඛා න ඛීණං භණේ’ති ඉති ඛෝ පනේතං වුත්තං. කිඤ්චේතං පටිච්ච වුත්තං: තත්‍ර භික්ඛවේ, යං ජඤ්ඤා රහෝවාදං අභූතං අතච්ඡං අනත්ථසංහිතං සසක්කං තං රහෝවාදං න භාසෙය්‍ය. යම්පි ජඤ්ඤා රහෝවාදං භූතං තච්ඡං අනත්ථසංහිතං තස්සපි සික්ඛෙය්‍ය අවචනාය. යඤ්ච ඛෝ ජඤ්ඤා රහෝවාදං භූතං තච්ඡං අත්ථසංහිතං තත්‍ර කාලඤ්ඤූ අස්ස තස්ස රහෝවාදස්ස වචනාය. යත්‍ර භික්ඛවේ, යං ජඤ්ඤා සම්මුඛා ඛීණවාදං අභූතං අතච්ඡං අනත්ථසංහිතං, සසක්කං තං සම්මුඛා ඛීණවාදං න භාසෙය්‍ය. යම්පි ජඤ්ඤා සම්මුඛා ඛීණවාදං භූතං තච්ඡං අනත්ථසංහිතං තස්සපි සික්ඛෙය්‍ය අවචනාය. යඤ්ච ඛෝ ජඤ්ඤා සම්මුඛා ඛීණවාදං භූතං තච්ඡං අත්ථසංහිතං, තත්‍ර කාලඤඤූ අස්ස තස්ස සම්මුඛා ඛීණවාදස්ස වචනාය. ‘රහෝවාදං න භාසෙය්‍ය, සම්මුඛා න ඛීණං භණේ’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

‘ඒ වගේම රහසේ කියන කියුම් නොකිව යුතුයි. ඉදිරියෙහි කියන පහත් දේ නොකිව යුතුයි’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ කුමන කරුණක් සඳහාද?

පින්වත් මහණෙනි, එහිලා රහසේ පවසන්නා වූ යම් සිදු නොවූ දෙයක් ඇද්ද, අසත්‍ය වූ දෙයක් ඇද්ද, අනර්ථ සහිත දෙයක් ඇද්ද, ඒ රහසේ කියන දෙය ඒකාන්තයෙන්ම දැනගෙන නොකිව යුතුයි.

ඒ වගේම රහසේ පවසන්නා වූ යම් සිදු වූ දෙයක් ඇද්ද, සත්‍ය වූ දෙයක් ඇද්ද, අනර්ථ සහිත දෙයක් ඇද්ද, ඒ රහසේ කියන දෙයද දැනගෙන නොකියා සිටීම පිණිස හික්මිය යුතුයි.

ඒ වගේම රහසේ පවසන්නා වූ යම් සිදු වූ දෙයක් ඇද්ද, සත්‍ය වූ දෙයක් ඇද්ද, අර්ථ සහිත දෙයක් ඇද්ද, ඒ රහසේ කියන දෙයද දැනගෙන කීම පිණිස සුදුසු කාලය දැනගත යුතුයි.

පින්වත් මහණෙනි, එහිලා ඉදිරියෙහි කියන යම් දැඩි බසක් ඇද්ද, එය සිදු නොවූ දෙයක් නම්, අසත්‍ය වූ දෙයක් නම්, අනර්ථ සහිත දෙයක් නම්, ඒ ඉදිරියෙහි කියන දෙය ඒකාන්තයෙන්ම දැනගෙන නොකිව යුතුයි.

ඒ වගේම ඉදිරියෙහි පවසන යම් දැඩි බසක් ඇද්ද, එය සිදු වූ දෙයක් නමුත්, සත්‍ය වූ දෙයක් නමුත්, අනර්ථ සහිත දෙයක් නම්, ඒ ඉදිරියෙහි කියන කිලිටි බසද දැනගෙන නොකියා සිටීම පිණිස හික්මිය යුතුයි.

ඒ වගේම ඉදිරියෙහි පවසන යම් දැඩි බසක් ඇද්ද, එය සිදු වූ දෙයක් නමුත්, සත්‍ය වූ දෙයක් නමුත්, අර්ථ සහිත දෙයක් නමුත්, ඒ ඉදිරියෙහි කියන දැඩි බසද දැනගෙන එය කීමට සුදුසු කාලය දැනගත යුතුයි.

‘රහසේ කියන කියුම් නොකිව යුතුයි. ඉදිරියෙහි කියන පහත් දේ නොකිව යුතුයි’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ ඔය තේරුම ඇතුවයි.

‘අතරමානෝව භාසෙය්‍ය, නෝ තරමානෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං. කිඤ්චේතං පටිච්ච වුත්තං: තත්‍ර භික්ඛවේ, තරමානස්ස භාසතෝ කායෝපි කිලමති, චිත්තම්පි උපහඤ්ඤති, සරෝපි උපහඤ්ඤති, කණ්ඨෝපි ආතුරීයති, අවිසට්ඨම්පි හෝති අවිඤ්ඤෙය්‍යං තරමානස්ස භාසිතං, තත්‍ර භික්ඛවේ, අතරමානස්ස භාසතෝ කායෝපි න කිලමති, චිත්තම්පි න උපහඤ්ඤති, සරෝපි න උපහඤ්ඤති, කණ්ඨෝපි න ආතුරීයති, විසට්ඨම්පි හෝති විඤ්ඤෙය්‍යං අතරමානස්ස භාසිතං. ‘අතරමානෝව භාසෙය්‍ය, නෝ තරමානෝ’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

‘ඒ වගේම හෙමින් කිව යුතුයි. වේගයෙන් නොකිව යුතුයි’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ කුමන කරුණක් සඳහාද?

පින්වත් මහණෙනි, එහිලා වේගයෙන් කතාකරන කෙනාගේ කයත් ක්ලාන්ත වෙනවා. සිතටත් පීඩා ඇතිවෙනවා. ස්වරයත් නරක් වෙනවා. බෙල්ලත් රිදෙනවා. වේගයෙන් කියන කෙනාගේ ශබ්දය පිටට පැතිරෙන්නෙත් නෑ. කියන දේ තේරෙන්නෙත් නෑ.

නමුත් පින්වත් මහණෙනි, හෙමින් කතා කරන කෙනාගේ කයට ක්ලාන්තයක් නෑ. සිතටත් පීඩාවක් නෑ. ස්වරය නරක් වෙන්නෙත් නෑ. බෙල්ල රිදෙන්නෙත් නෑ. හෙමින් කියන කෙනාගේ හඬ ත් පැතිරෙනවා. කියන දේ තේරෙනවා.

‘හෙමින් කිව යුතුයි. වේගයෙන් නොකිව යුතුයි’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ ඔය තේරුම ඇතුවයි.

‘ජනපදනිරුත්තිං නාභිනිවේසෙය්‍ය, සමඤ්ඤං නාතිධාවෙය්‍යා’ති ඉති ඛෝ පනේතං වුත්තං. කිඤ්චේතං පටිච්ච වුත්තං: කථඤ්ච භික්ඛවේ, ජනපදනිරුත්තියා ච අභිනිවේසෝ හෝති සමඤ්ඤාය ච අතිසාරෝ: ඉධ භික්ඛවේ, තදේවේකච්චේසු ජනපදේසු පාතීති සඤ්ජානන්ති, පත්තන්ති සඤ්ජානන්ති, විත්තන්ති සඤ්ජානන්ති, සරාවන්ති සඤ්ජානන්ති, ධාරෝපන්ති සඤ්ජානන්ති, පෝණන්ති සඤ්ජානන්ති, පිසීලවන්ත සඤ්ජානන්ති. ඉති යථා යථා නං තේසු තේසු ජනපදේසු සඤ්ජානන්ති. තථා තථා ථාමසා පරාමස්ස අභිනිවිස්ස වෝහරති: ‘ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති. ඒවං ඛෝ භික්ඛවේ, ජනපදනිරුත්තියා ච අභිනිවේසෝ හෝති සමඤ්ඤාය ච අතිසාරෝ.

‘ඒ වගේම ජනපදයන්හි ඇති වචන පිළිබඳ විග්‍රහය තුළ නොබැසගත යුතුයි. පොදු ව්‍යවහාරය ඉක්මවා නොයා යුතුයි’ කියලා යම් ප්‍රකාශයක් කළා ද, එම ප්‍රකාශය කරන ලද්දේ කුමන කරුණක් සඳහා ද?

පින්වත් මහණෙනි, ජනපදයන්හි ඇති වචන විග්‍රහයට බැසගන්නේ කොහොමද? ඒ වගේම පොදු ව්‍යවහාරය ඉක්මවා යන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් ජනපදයන්හි එක ම භාජනය හඳුනාගන්නේ ‘පාති’ කියන නමින්. ඇතැම් ජනපදයක දී එය හඳුනාගන්නේ ‘පාත්‍රය’ කියන නමින්. ඇතැම් ජනපදයකදී එය හඳුනාගන්නේ ‘විත්ථ’ කියන නමින්. ඇතැම් ජනපදයකදී එය හඳුනාගන්නේ ‘සරාව’ කියන නමින්. ඇතැම් ජනපදයකදී එය හඳුනාගන්නේ ‘ධාරෝප’ කියන නමින්. ඇතැම් ජනපදයකදී එය හඳුනා ගන්නේ ‘පෝණ’ කියන නමින්. ඇතැම් ජනපදයකදී එය හඳුනාගන්නේ ‘පිසීලව’ කියන නමින්. ඔය විදිහට එකම බඳුන ඒ ඒ ජනපදවලදී විවිධ වචන ඔස්සේ හඳුනාගනිද්දී එහි බැසගෙන කියනවා ‘මෙයම යි සත්‍ය ය. අනෙක හිස්’ කියලා. පින්වත් මහණෙනි, මේ විදිහටයි ජනපද නිරුක්තියේ බැසගන්නේත්, ලෝක ව්‍යවහාරය ඉක්මවා යන්නෙත්.

කථඤ්ච භික්ඛවේ, ජනපදනිරුත්තියා ච අනභිනිවේසෝ හෝති සමඤ්ඤාය ච අනතිසාරෝ: ඉධ භික්ඛවේ, තදේව ඒකච්චේසු ජනපදේසු පාතීති සඤ්ජානන්ති, පත්තන්ති සඤ්ජානන්ති, විත්තන්ති සඤ්ජානන්ති, සරාවන්ති සඤ්ජානන්ති, ධාරෝපන්ති සඤ්ජානන්ති, පෝණන්ති සඤ්ජානන්ති, පිසීලවන්ති සඤ්ජානන්ති. ඉති යථා යථා නං තේසු තේසු ජනපදේසු සඤ්ජානන්ති: ඉදං කිර මේ ආයස්මන්තෝ සන්ධාය වෝහරන්තීති තථා තථා වෝහරති අපරාමසති. ඒවං ඛෝ භික්ඛවේ, ජනපදනිරුත්තියා ච අනභිනිවේසෝ හෝති, සමඤ්ඤාය ච අනතිසාරෝ. ‘ජනපදනිරුත්තිං නාභිනිවේසෙය්‍ය සමඤ්ඤං නාතිධාවෙය්‍යා’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

පින්වත් මහණෙනි, ජනපදයන්හි ඇති වචන විග්‍රහයට නොබැසගන්නේ කොහොමද? ඒ වගේම පොදු ව්‍යවහාරය ඉක්මවා නොයන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් ජනපදයන්හි එක ම භාජනය හඳුනාගන්නේ ‘පාති’ කියන නමින්. ඇතැම් ජනපදයකදී එය හඳුනාගන්නේ ‘පාත්‍රය’ කියන නමින්. ඇතැම් ජනපදයකදී එය හඳුනාගන්නේ ‘විත්ථ’ කියන නමින්. ඇතැම් ජනපදයකදී එය හඳුනාගන්නේ ‘සරාව’ කියන නමින්. ඇතැම් ජනපදයකදී එය හඳුනාගන්නේ ‘ධාරෝප’ කියන නමින්. ඇතැම් ජනපදයකදී එය හඳුනාගන්නේ ‘පෝණ’ කියන නමින්. ඇතැම් ජනපදයකදී එය හඳුනාගන්නේ ‘පිසීලව’ කියන නමින්. ඔය විදිහට එකම බඳුන ඒ ඒ ජනපදවලදී විවිධ වචන ඔස්සේ හඳුනාගනිද්දී ‘මේ ආයුෂ්මතුන් වහන්සේලා ඔය වචනය ව්‍යහාර කරන්නේ මේ සඳහා නෙව’ කියලා ඒ ඒ අයුරින් ව්‍යවහාර කරනවා මිසක් ඒක දැඩිව ගන්නේ නෑ. පින්වත් මහණෙනි, මේ විදිහටයි ජනපද නිරුක්තියේ නොබැසගන්නෙත්, ලෝක ව්‍යවහාරය ඉක්මවා නොයන්නෙත්.

‘ජනපදයන්හි ඇති වචන පිළිබඳ විග්‍රහය තුළ නොබැසගත යුතුයි. පොදු ව්‍යවහාරය ඉක්මවා නොයා යුතුයි’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ ඔය තේරුම ඇතුවයි.

තත්‍ර භික්ඛවේ, යෝ කාමපටිසන්ධිසුඛිනෝ සෝමනස්සානුයෝගෝ හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ අනරියෝ අනත්ථසංහිතෝ, සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සඋපඝාතෝ සඋපායාසෝ සපරිළාහෝ මිච්ඡාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ සරණෝ. තත්‍ර භික්ඛවේ, යෝ කාමපටිසන්ධිසුඛිනෝ සෝමනස්සානුයෝගං අනනුයෝගෝ හීනං ගම්මං පෝථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිළාහෝ සම්මාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ අරණෝ.

පින්වත් මහණෙනි, එහිලා කාමයට බැඳුණු සැපයෙන් සැප විඳින කෙනෙකුගේ හීන වූ, ග්‍රාම්‍ය වූ, පෘථග්ජන වූ, අනාර්ය වූ, අනර්ථ සහිත වූ යම් සැප පස්සේම යෑමක් ඇද්ද, එම දෙය දුක් සහිතයි. පීඩා සහිතයි. කරදර සහිතයි. දැවිලි සහිතයි. මිත්‍යා ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද සහිතයි.

පින්වත් මහණෙනි, එහිලා කාමයට බැඳුණු සැපයෙන් සැප විඳින කෙනෙකුගේ හීන වූ, ග්‍රාම්‍ය වූ, පෘථග්ජන වූ, අනාර්ය වූ, අනර්ථ සහිත වූ යම් සැප පස්සේ නොයෑමක් ඇද්ද, එම දෙය දුක් රහිතයි. පීඩා රහිතයි. කරදර රහිතයි. දැවිලි රහිතයි. සම්‍යක් ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද රහිතයි.

තත්‍ර භික්ඛවේ, යෝ අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථසංහිතෝ, සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සඋපඝාතෝ සඋපායාසෝ සපරිළාහෝ මිච්ඡාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ සරණෝ.

පින්වත් මහණෙනි, එහිලා දුක් වූ, අනාර්ය වූ, අනර්ථ සහිත වූ යම් අත්තකිලමථානුයෝගයක යෙදීමක් ඇද්ද, එම දෙය දුක් සහිතයි. පීඩා සහිතයි. කරදර සහිතයි. දැවිලි සහිතයි. මිත්‍යා ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද සහිතයි.

තත්‍ර භික්ඛවේ, යෝ අත්තකිලමථානුයෝගං අනනුයෝගෝ දුක්ඛං අනරියං අනත්ථසංහිතං, අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිළාහෝ සම්මාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ අරණෝ.

පින්වත් මහණෙනි, එහිලා දුක් වූ, අනාර්ය වූ, අනර්ථ සහිත වූ යම් අත්තකිලමථානුයෝගයක නොයෙදීමක් ඇද්ද, එම දෙය දුක් රහිතයි. පීඩා රහිතයි. කරදර රහිතයි. දැවිලි රහිතයි. සම්‍යක් ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද රහිතයි.

තත්‍ර භික්ඛවේ, යායං මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා, චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිළාහෝ සම්මාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ අරණෝ.

පින්වත් මහණෙනි, එහිලා තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද, දහම් ඇස ලබාදෙන, නුවණ ලබාදෙන, සංසිඳීම ඇතිකරන, විශේෂ ඤාණය ඇතිකරන, අවබෝධය ඇතිකරන, නිවන පිණිස පවතින්නා වූ යම් මධ්‍යම ප්‍රතිපදාවක් ඇද්ද, එම දෙය දුක් රහිතයි. පීඩා රහිතයි. කරදර රහිතයි. දැවිලි රහිතයි. සම්‍යක් ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද රහිතයි.

තත්‍ර භික්ඛවේ, යායං උස්සාදනා ච අපසාදනා ච නෝ ච ධම්මදේසනා, සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සඋපඝාතෝ සඋපායාසෝ සපරිළාහෝ මිච්ඡාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ සරණෝ.

පින්වත් මහණෙනි, එහිලා යම් හුවාදැක්වීමක් ඇද්ද, හෙළාදැක්වීමක් ඇද්ද, ධර්ම දේශනාවක් නැද්ද, එම දෙය දුක් සහිතයි. පීඩා සහිතයි. කරදර සහිතයි. දැවිලි සහිතයි. මිත්‍යා ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද සහිතයි.

තත්‍ර භික්ඛවේ, යායං නේවුස්සාදනා ච න අපසාදනා ධම්මදේසනා ච, අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිළාහෝ සම්මාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ අරණෝ.

පින්වත් මහණෙනි, එහිලා යම් හුවාදැක්වීමක් නැද්ද, හෙළාදැක්වීමක් නැද්ද, ධර්ම දේශනාවක් ඇද්ද, එම දෙය දුක් රහිතයි. පීඩා රහිතයි. කරදර රහිතයි. දැවිලි රහිතයි. සම්‍යක් ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද රහිතයි.

තත්‍ර භික්ඛවේ, යමිදං කාමසුඛං මීළ්හසුඛං පෝථුජ්ජනසුඛං අනරියසුඛං , සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සඋපඝාතෝ සඋපායාසෝ සපරිළාහෝ මිච්ඡාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ සරණෝ.

පින්වත් මහණෙනි, එහිලා අසුචි සැපයක් වූ, පෘථග්ජන සැපයක් වූ, අනාර්ය සැපයක් වූ, යම් කාම සැපයක් ඇද්ද, එම දෙය දුක් සහිතයි. පීඩා සහිතයි. කරදර සහිතයි. දැවිලි සහිතයි. මිත්‍යා ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද සහිතයි.

තත්‍ර භික්ඛවේ, යමිදං නෙක්ඛම්මසුඛං පවිවේකසුඛං උපසමසුඛං සම්බෝධිසුඛං, අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිළාහෝ සම්මාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ අරණෝ.

පින්වත් මහණෙනි, එහිලා හුදෙකලා විවේකයෙන් ලත් සැපයක් වූ, සංසිඳීමෙන් ලත් සැපයක් වූ, අවබෝධයෙන් ලත් සැපයක් වූ, යම් නෙක්ඛම්ම සැපයක් ඇද්ද, එම දෙය දුක් රහිතයි. පීඩා රහිතයි. කරදර රහිතයි. දැවිලි රහිතයි. සම්‍යක් ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද රහිතයි.

තත්‍ර භික්ඛවේ, ය්වායං රහෝවාදෝ අභූතෝ අතච්ඡෝ අනත්ථසංහිතෝ, සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සඋපඝාතෝ සඋපායාසෝ සපරිළාහෝ මිච්ඡාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ සරණෝ.

පින්වත් මහණෙනි, එහිලා සිදු නොවූ දෙයක් වූත්, අසත්‍ය දෙයක් වූත්, අනර්ථ සහිත දෙයක් වූත්, රහසේ කියන්නා වූ යම් දෙයක් ඇද්ද, එම දෙය දුක් සහිතයි. පීඩා සහිතයි. කරදර සහිතයි. දැවිලි සහිතයි. මිත්‍යා ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද සහිතයි.

තත්‍ර භික්ඛවේ, ය්වායං රහෝවාදෝ භූතෝ තච්ඡෝ අනත්ථසංහිතෝ, සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සඋපඝාතෝ සඋපායාසෝ සපරිළාහෝ මිච්ඡාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ සරණෝ.

පින්වත් මහණෙනි, එහිලා සිදු වූ දෙයක් නමුත්, සත්‍ය දෙයක් නමුත්, අනර්ථ සහිත වූ, රහසේ කියන්නා වූ යම් දෙයක් ඇද්ද, එම දෙය දුක් සහිතයි. පීඩා සහිතයි. කරදර සහිතයි. දැවිලි සහිතයි. මිත්‍යා ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද සහිතයි.

තත්‍ර භික්ඛවේ, ය්වායං රහෝවාදෝ භූතෝ තච්ඡෝ අත්ථසංහිතෝ, අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිළාහෝ සම්මාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ අරණෝ.

පින්වත් මහණෙනි, එහිලා සිදු වූ දෙයක් වූත්, සත්‍ය දෙයක් වූත්, අර්ථ සහිත වූත්, රහසේ කියන්නා වූ යම් දෙයක් ඇද්ද, එම දෙය දුක් රහිතයි. පීඩා රහිතයි. කරදර රහිතයි. දැවිලි රහිතයි. සම්‍යක් ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද රහිතයි.

තත්‍ර භික්ඛවේ, ය්වායං සම්මුඛා ඛීණවාදෝ අභූතෝ අතච්ඡෝ අනත්ථසංහිතෝ, සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සඋපඝාතෝ සඋපායාසෝ සපරිළාහෝ මිච්ඡාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ සරණෝ.

පින්වත් මහණෙනි, එහිලා සිදු නොවූ දෙයක් වූත්, අසත්‍ය දෙයක් වූත්, අනර්ථ සහිත දෙයක් වූත්, ඉදිරියේ කියන්නා වූ යම් දැඩි වූ දෙයක් ඇද්ද, එම දෙය දුක් සහිතයි. පීඩා සහිතයි. කරදර සහිතයි. දැවිලි සහිතයි. මිත්‍යා ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද සහිතයි.

තත්‍ර භික්ඛවේ, ය්වායං සම්මුඛා ඛීණවාදෝ භූතෝ තච්ඡෝ අනත්ථසංහිතෝ, සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සඋපඝාතෝ සඋපායාසෝ සපරිළාහෝ මිච්ඡාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ සරණෝ.

පින්වත් මහණෙනි, එහිලා සිදු වූ දෙයක් නමුත්, සත්‍ය දෙයක් නමුත්, අනර්ථ සහිත වූ, ඉදිරියේ කියන්නා වූ යම් දැඩි වූ දෙයක් ඇද්ද, එම දෙය දුක් සහිතයි. පීඩා සහිතයි. කරදර සහිතයි. දැවිලි සහිතයි. මිත්‍යා ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද සහිතයි.

තත්‍ර භික්ඛවේ, ය්වායං සම්මුඛා ඛීණවාදෝ භූතෝ තච්ඡෝ අත්ථසංහිතෝ, අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිළාහෝ සම්මාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ අරණෝ.

පින්වත් මහණෙනි, එහිලා සිදු වූ දෙයක් වූත්, සත්‍ය දෙයක් වූත්, අර්ථ සහිත වූත්, ඉදිරියේ කියන්නා වූ යම් දැඩි වූ දෙයක් ඇද්ද, එම දෙය දුක් රහිතයි. පීඩා රහිතයි. කරදර රහිතයි. දැවිලි රහිතයි. සම්‍යක් ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද රහිතයි.

තත්‍ර භික්ඛවේ, යමිදං තරමානස්ස භාසිතං, සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සඋපඝාතෝ සඋපායාසෝ සපරිළාහෝ මිච්ඡාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ සරණෝ.

පින්වත් මහණෙනි, එහිලා වේගයෙන් කියන්නා වූ යම් කථාවක් ඇද්ද, එම දෙය දුක් සහිතයි. පීඩා සහිතයි. කරදර සහිතයි. දැවිලි සහිතයි. මිත්‍යා ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද සහිතයි.

තත්‍ර භික්ඛවේ, යමිදං අතරමානස්ස භාසිතං, අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිළාහෝ සම්මාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ අරණෝ.

පින්වත් මහණෙනි, එහිලා සෙමින් කියන්නා වූ යම් කථාවක් ඇද්ද, එම දෙය දුක් රහිතයි. පීඩා රහිතයි. කරදර රහිතයි. දැවිලි රහිතයි. සම්‍යක් ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද රහිතයි.

තත්‍ර භික්ඛවේ, ය්වායං ජනපදනිරුත්තියා ච අභිනිවේසෝ සමඤ්ඤාය ච අතිසාරෝ, සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සඋපඝාතෝ සඋපායාසෝ සපරිළාහෝ; මිච්ඡාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ සරණෝ.

පින්වත් මහණෙනි, එහිලා දැඩි ලෙස ග්‍රහණය කරගෙන, ලෝක ව්‍යවහාරය ඉක්මවා ගොස් කරනු ලබන ජනපදයන්හි ඇති යම් වචන නිරුක්තියක් ඇද්ද, එම දෙය දුක් සහිතයි. පීඩා සහිතයි. කරදර සහිතයි. දැවිලි සහිතයි. මිත්‍යා ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද සහිතයි.

තත්‍ර භික්ඛවේ, ය්වායං ජනපදනිරුත්තියා ච අනභිනිවේසෝ සමඤ්ඤාය ච අනතිසාරෝ, අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිළාහෝ සම්මාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ අරණෝ.

පින්වත් මහණෙනි, එහිලා කිසිවක් ග්‍රහණය නොකරගෙන, ලෝක ව්‍යවහාරය ඉක්මවා නොගොස් කරනු ලබන ජනපදයන්හි ඇති යම් වචන නිරුක්තියක් ඇද්ද, එම දෙය දුක් රහිතයි. පීඩා රහිතයි. කරදර රහිත යි. දැවිලි රහිතයි. සම්‍යක් ප්‍රතිපදාවක්. එනිසා එම දෙය අර්බුද රහිතයි.

තස්මාතිහ භික්ඛවේ, සරණඤ්ච ධම්මං ජානිස්සාම, අරණඤ්ච ධම්මං ජානිස්සාම, සරණඤ්ච ධම්මං ඤත්වා අරණඤ්ච ධම්මං ඤත්වා අරණපටිපදං පටිපජ්ජිස්සාමා’ති ඒවං හි වෝ භික්ඛවේ, සික්ඛිතබ්බං. සුභූති ච පන භික්ඛවේ, කුලපුත්තෝ අරණපටිපදං පටිපන්නෝති.

පින්වත් මහණෙනි, එහෙයින් අර්බුද සහිත වූ දෙයත් අපි දැනගනිමු. අර්බුද රහිත වූ දෙයත් අපි දැනගනිමු. අර්බුද සහිත වූ දෙයත් දැනගෙන, අර්බුද රහිත වූ දෙයත් දැනගෙන අර්බුද රහිත වූ ප්‍රතිපදාවට බැසගන්නෙමු’යි පින්වත් මහණෙනි, ඔබ විසින් හික්මිය යුත්තේ ඔන්න ඔය ආකාරයටයි. පින්වත් මහණෙනි, සුභූති භික්ෂුව නම් වූ කුලපුත්‍රයා අර්බුද රහිත ප්‍රතිපදාවෙහි බැස ගෙනයි ඉන්නේ.

ඉදමවෝච භගවා, අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

අරණවිභංගසුත්තං නවමං.

අර්බුද රහිත වීම පිළිබඳ විග්‍රහය ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M