සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

2.2.2. වෙණ්හු සුත්තං

2.2.2. වෙණ්හු දිව්‍යපුත්‍රයා නිසා වදාළ දෙසුම

සාවත්ථියං…

සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

ඒකමන්තං ඨිතෝ ඛෝ වෙණ්‌හු දේවපුත්‌තෝ භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එකත්පසක සිටි වෙණ්හු දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

සුඛිතා වත තේ මනුජා සුගතං පයිරුපාසිය
යුඤ්‌ජං ගෝතමසාසනේ අප්‌පමත්‌තා නු සික්‌ඛරේති

“මනුෂ්‍යයන් සුගතයන් වහන්සේව ඇසුරු කරනවා. ඉතින් ඔවුන් අප්‍රමාදීව ගෞතම බුදු සසුනේ පුහුණු වෙනවා. ඇත්තෙන්ම ඔවුන් සුවපත් වෙනවා.”

යේ මේ පවුත්තේ සත්ථිපදේ (වෙණ්‌හෝති භගවා) අනුසික්‌ඛන්‌ති ඣායිනෝ
කාලේ තේ අප්‌පමජ්‌ජන්‌තා න මච්‌චුවසගා සියුන්‌ති

(භාග්‍යවතුන් වහන්සේ) :

“වෙණ්හු, යමෙක් මා පවසන විදිහට ඒ අනුශාසනාවට අනුව සුදුසු කල නොපමාව ධ්‍යාන වඩනවා නම්, ඔවුන් මරු වසඟයට යන්නේ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M