☰
රජගහ නුවරදී …………………….
එකත්පසක සිටිය උත්තර දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“ජීවිතය මරණය කරා ගෙන යනවා. ආයුෂ තියෙන්නෙ ටිකයි. ජරාවෙන් මරණය කරා යන සත්වයාට ආරක්‍ෂා වෙන්න තැනක් නෑ. මරණය අභියස ඇති මේ බිය දකින කෙනා සැප ලැබෙන පින්කම් කරන්න ඕන.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ජීවිතය මරණය කරා ගෙන යනවා. ආයුෂ තියෙන්නෙ ටිකයි. ජරාවෙන් මරණය කරා ගෙන යන කෙනාට ආරක්‍ෂා වෙන්න තැනක් නෑ. මරණය අභියස තියෙන මේ භය දකින කෙනා ශාන්ත වූ නිවන අපේක්‍ෂාවෙන් ලෝකාමිසය අත්හරින්න ඕන.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M