මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ‘සප්පිනී’ කියන නදිය අසලයි. එදා රැය පහන් වෙද්දි, සනංකුමාර බ්‍රහ්මයා බබලන සිරුරකින් යුතුව, මුළු මහත් සප්පිනී ගංතෙරම ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටිය සනංකුමාර බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මේ ගාථාව පැවසුවා.
“ජනතාව තුළ වංශය සළකා බලනවා නම්, ශ්‍රේෂ්ඨ වන්නේ රජ පවුලෙ කෙනෙක් තමයි. නමුත්, දෙවිමිනිසුන් අතර පරම ශ්‍රේෂ්ඨ වන්නේ විජ්ජාචරණ සම්පන්න මුනිවරයෙක්මයි.”
සනංකුමාර බ්‍රහ්මයා ඔය විදිහට කිව්වා. ශාස්තෘන් වහන්සේ එය අනුමත කොට වදාළා. එතකොට සනංකුමාර බ්‍රහ්මයා ‘ශාස්තෘන් වහන්සේ මාගේ අදහස අනුමත කළ සේකැ’ යි (සතුටු වෙලා) භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැදකුණු කළා. එතනම නොපෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_6-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M