සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

7.1.8. අග්ගික සුත්තං

7.1.8. අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‌දකනිවාපේ. තේන ඛෝ පන සමයේන අග්‌ගිකභාරද්‌වාජස්‌ස බ්‍රාහ්‌මණස්‌ස සප්‌පිනා පායාසෝ සන්‌නිහිතෝ හෝති අග්ගිං ජුහිස්‌සාමි. අග්‌ගිහුත්‌තං පරිචරිස්‌සාමීති.

අථ ඛෝ භගවා පුබ්බන්හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය රාජගහං පිණ්‌ඩාය පාවිසි. රාජගහේ සපදානං පිණ්‌ඩාය චරමානෝ යේන අග්‌ගිකභාරද්‌වාජස්‌ස බ්‍රාහ්‌මණස්‌ස නිවේසනං තේනුපසංකමි. උපසංකමිත්‌වා ඒකමන්තං අට්‌ඨාසි.

අද්‌දසා ඛෝ අග්‌ගිකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්‌තං පිණ්‌ඩාය ඨිතං. දිස්‌වාන භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ. ඒ දිනවල අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයා ගිනි පූජාවක් කරන්න ඕන කියලා, ගිනි යාගයක් කරන්න ඕන කියල ගිතෙල් දාපු කිරිබතක් සූදානම් කළා. එදා උදේ වරුවේ භාග්‍යවතුන් වහන්සේ සිවුරු පොරවාගෙන, පාත්‍රයත්, සිවුරුත් අරගෙන, පිණ්ඩපාතෙ වැඩියා. රජගහ නුවර ගෙපිළිවෙළින් පිණ්ඩපාතෙ වඩිද්දි, අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයාගේ නිවසටත් වැඩියා. වැඩම කරලා පැත්තකින් හිටගත්තා. පිණ්ඩපාතෙ වැඩම කරල, හිටගෙන ඉන්න භාග්‍යවතුන් වහන්සේව අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයාට දකින්න ලැබුනා. දැකල, භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙහෙම කිව්වා.

තීහි විජ්‌ජාහි සම්‌පන්‌නෝ ජාතීමා සුතවා බහූ
විජ්‌ජාචරණසම්‌පන්‌නෝ සෝමං භුඤ්‌ජෙය්‍ය පායසන්‌ති

“ත්‍රිවිද්‍යාවෙන් (ත්‍රිවේදය හදාරලා) යුක්ත වෙලා, පිරිසිදු වංශෙක ඉපදිලා, ඉන්නවා නම්, ඔහු තමයි මේ කිරිබත වළඳන කෙනා.” (මෙතනදී ඒ බමුණා විජ්ජාචරණ සම්පන්න වශයෙන් පැවසුවේ, ත්‍රිවේදය ගැන දැනීමත්, උසස් කුලයක ඉපදීලා ජීවත් වීමත් ගැනයි. මේ ගාථාවෙන් පැවසුවේ, බුදුරජාණන් වහන්සේට ඒ කිරිබත නුසුදුසු බවයි.)

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

බහුම්‌පි පලපං ජප්‌පං න ජච්‌චා හෝති බ්‍රාහ්මණෝ
අන්‌තෝ කසම්‌බු සංකිලිට්‌ඨෝ කුහනා පරිවාරිතෝ

“බොහෝ බොරු දේවල් ජප කළත්, උපතින් නම් බ්‍රාහ්මණයෙක් වෙන්නෙ නෑ. ඇතුළත කුණු වෙලා, කිලුටු වෙලා, වංචාවෙනුයි ඒ උදවිය ඉන්නෙ.

පුබ්‌බේනිවාසං යෝ වේදී සග්‌ගාපායඤ්‌ච පස්‌සති
අථෝ ජාතික්‌ඛයං පත්‌තෝ අභිඤ්‌ඤාවෝසිතෝ මුනි

යමෙකුට පුබ්බේනිවාස ඤාණය තියෙනවා නම්, ස්වර්ගයත්, අපායත් දකිනවා නම්, විශේෂ ඤාණයකින් යුතුව ඉපදීම නැති කරලා, අරහත්වයට පත් වුනා නම්, ඔහු මුනිවරයෙක්.

ඒතාහි තීහි විජ්‌ජාහි තේවිජ්‌ජෝ හෝති බ්‍රාහ්මණෝ
විජ්‌ජාචරණසම්‌පන්‌නෝ සෝමං භුඤ්‌ජෙය්‍ය පායසන්‌ති

ඔන්න ඔය ත්‍රිවිද්‍යාවෙන් යුක්ත කෙනා තමයි ත්‍රිවිද්‍යාලාභී බ්‍රාහ්මණයෙක් වෙන්නෙ. ඔහු විජ්ජාචරණ සම්පන්න කෙනෙක්. ඔහුට මේ කිරිබත වළඳන්න පුළුවනි.”

(බ්‍රාහ්මණෝ);

(බ්‍රාහ්මණයා) :

භුඤ්‌ජතු භවං ගෝතමෝ. බ්‍රාහ්මණෝ භවන්‌ති.

“භවත් ගෞතමයන් වහන්සේ (මේ කිරිබත) වළඳිනු මැනවි. භවතාණන් බ්‍රාහ්මණයෙක්ම තමයි.”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

ගාථාභිගීතං මේ අභෝජනෙය්‍යං සම්‌පස්‌සතං බ්‍රාහ්‌මණ නේස ධම්මෝ
ගාථාභිගීතං පනුදන්‌ති බුද්‌ධා ධම්මේ සති බ්‍රාහ්‌මණ වුත්‌තිරේසා.

“පින්වත් බ්‍රාහ්මණය, ගාථා පවසා ලබන බොජුන් වළඳන්න සුදුසු නෑ. ඒක පිරිසිදු ජීවිතයක් ඇති කෙනෙකුගේ ස්වභාවය නොවෙයි. ගාථා පවසා ලබන බොජුන බුදුවරයන් වහන්සේලා පිළිගන්නෙ නෑ. පින්වත් බ්‍රාහ්මණය, ධර්මය තිබෙන ජීවිතයක ස්වභාවය ඕකයි.

අඤ්‌ඤේන ච කේවලිනං මහේසිං ඛීණාසවං කුක්‌කුච්‌චවූපසන්‌තං
අන්‌නේන පානේන උපට්‌ඨහස්‌සු ඛෙත්‌තං හි තං පුඤ්‌ඤපෙක්‌ඛස්‌ස හෝතීති.

සැක සංසිඳුන, පරිපූර්ණ ජීවිත ඇති මහඉසිවර රහතන් වහන්සේලා තව වැඩඉන්නවා. උන්වහන්සේලාට දන්පැන් වලින් උපස්ථාන කරන්න. පින් කැමති කෙනෙකුට ඒක කුඹුරක් වේවි.”

ඒවං වුත්තේ අග්‌ගිකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්‌තං ඒතදවෝච. අභික්‌කන්‌තං භෝ ගෝතම ….(පෙ)…. අඤ්‌ඤතරෝ ච පනායස්‌මා භාරද්වාජෝ අරහතං අහෝසීති.

මෙහෙම වදාළ විට, අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! …. (පෙ) …. අවබෝධ කරගත්තා.” ඉතින් ඒ ආයුෂ්මත් භාරද්වාජයන් වහ්නසේත් රහතන් වහන්සේලා අතර කෙනෙක් වුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M