සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.10.5. පඨවි සුත්තං

1.10.5. පොළොව මුල්කොට වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ………………

සෙය්‍යථාපි භික්ඛවේ, පුරිසෝ මහාපඨවියා සත්‌තකෝලට්‌ඨිමත්‌තියෝ ගුළිකා උපනික්‌ඛිපෙය්‍ය. තං කිම්මඤ්‌ඤථ භික්ඛවේ කතමන්නු ඛෝ බහුතරං යා වා සත්‌ත කෝලට්‌ඨිමත්‌තියෝ ගුළිකා උපනික්‌ඛිත්‌තා, යා වා මහාපඨවි’ති?

“පින්වත් මහණෙනි, පුරුෂයෙක් මේ මහා පොළොවෙන් වෙරළු ගෙඩි හතක ප්‍රමාණයේ ගුලි හතක් වෙන් කරනවා කියල හිතමු. පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? වඩාත් වැඩි මොනවාද? අර වෙන් කරපු වෙරළු ගෙඩි ප්‍රමාණයේ ගුලි හතද? මේ මහා පොළොවද?”

ඒතදේව භන්තේ, බහුතරං යදිදං මහාපඨවි. අප්‌පමත්‌තිකා සත්‌ත කෝලට්‌ඨිමත්‌තියෝ ගුළිකා උපනික්‌ඛිත්‌තා. නේව සතිමං කලං උපෙන්‌ති, න සහස්‌සිමං කලං උපෙන්‌ති, න සතසහස්‌සිමං කලං උපෙන්‌ති, මහාපඨවිං උපනිධාය සත්‌ත කෝලට්‌ඨිමත්‌තියෝ ගුළිකා උපනික්‌ඛිත්‌තා’ති. ඒවමේව ඛෝ භික්ඛවේ ….(පෙ)…. මහත්ථියෝ ධම්‌මචක්‌ඛුපටිලාභෝ’ති.

“ස්වාමීනී, මේ මහා පොළොවේ පස්මයි වැඩි. වෙන් කරපු වෙරළු ගෙඩි ප්‍රමාණයේ ගුලි නම් ඉතාමත්ම ස්වල්පයයි. මේ මහා පොළොවේ පස් සමඟ වෙන් කරපු වෙරළු ගෙඩි ප්‍රමාණයේ ගුලි සසඳා බැලීමේදී සියවන කලාවටත් සසඳන්න බෑ. දහස්වන කලාවටත් සසඳන්න බෑ. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.”

“පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කළ (සෝතාපන්න වූ) සම්මා දිට්ඨියෙන් යුතු ආර්ය ශ්‍රාවක පුද්ගලයා විසින් යම් දුකක් ක්ෂය කළා නම්, යම් දුකක් අවසන් කළා නම් ඒ දුක ඉතාමත්ම වැඩියි. ….(පෙ)…. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.

පින්වත් මහණෙනි, ධර්මාවබෝධය ඔය ආකාරයෙන් අතිවිශාල යහපතක් සළසා දෙනවා. ධම්මචක්ඛු ප්‍රතිලාභයෙන් ඔය ආකාරයට අතිවිශාල යහපතක් සළසා දෙනවා.

සාදු! සාදු!! සාදු!!!

පඨවි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-10-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M