සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.2.1. ආහාර සුත්තං

1.2.1. ආහාර ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවර දී ………………

චත්තාරෝ මේ භික්ඛවේ, ආහාරා භූතානං වා සත්‌තානං ඨිතියා සම්‌භවේසීනං වා අනුග්‌ගහාය. කතමේ චත්‌තාරෝ? කබළිංකාරෝ ආහාරෝ ඕළාරිකෝ වා සුඛුමෝ වා. ඵස්සෝ දුතියෝ, මනෝසඤ්‌චේතනා තතියා, විඤ්‌ඤාණං චතුත්‌ථං. ඉමේ ඛෝ භික්ඛවේ චත්‌තාරෝ ආහාරා භූතානං වා සත්‌තානං ඨිතියා සම්‌භවේසීනං වා අනුග්‌ගහාය.

පින්වත් මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපතක් කරා යන සත්වයන් හට රුකුල් දීම පිණිසත්, මේ ආහාර සතර හේතුවෙනවා. මොනවද මේ ආහාර සතර? ගොරෝසු හෝ සියුම් හෝ කබලිංකාර ආහාරය. දෙවෙනි ආහාරය ස්පර්ශ ආහාරයයි. මනෝසංචේතනාව තුන් වෙනි ආහාරයයි. සතර වන ආහාරය නම් විඤ්ඤාණයයි. පින්වත් මහණෙනි, මෙන්න මේ ආහාර සතර උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපතක් කරා යන සත්වයන් හට රුකුල් දීම පිණිසත් හේතු වෙනවා.

ඉමේ ඛෝ භික්ඛවේ චත්‌තාරෝ ආහාරා කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවා? ඉමේ චත්‌තාරෝ ආහාරා තණ්‌හානිදානා, තණ්‌හාසමුදයා, තණ්‌හාජාතිකා, තණ්‌හාපභවා.

ඉතින් පින්වත් මහණෙනි, ඔය ආහාර සතරේ මුල මොකක්ද? මොකෙන්ද හටගන්නේ? මොකෙන්ද උපදින්නේ? මොකෙන්ද බිහිවෙන්නේ? ඔය ආහාර සතරේ මුල තණ්හාවයි. තණ්හාවෙනුයි හටගන්නේ. තණ්හාවෙනුයි උපදින්නේ. තණ්හාවෙනුයි බිහිවන්නේ.

තණ්‌හා චායං භික්ඛවේ කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවා? තණ්‌හා වේදනානිදානා, වේදනාසමුදයා, වේදනාජාතිකා, වේදනාපභවා.

පින්වත් මහණෙනි, ඔය තණ්හාවේ මුල මොකක්ද? මොකෙන්ද හටගන්නේ? මොකෙන්ද උපදින්නේ? මොකෙන්ද බිහිවෙන්නේ? ඔය තණ්හාවේ මුල විඳීමයි. විඳීමෙනුයි හටගන්නේ. විඳීමෙනුයි උපදින්නේ. විඳීමෙනුයි බිහිවන්නේ.

වේදනා චායං භික්ඛවේ කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවා? වේදනා ඵස්‌සනිදානා, ඵස්‌සසමුදයා, ඵස්‌සජාතිකා, ඵස්‌සප්පභවා.

පින්වත් මහණෙනි, ඔය විඳීමේ මුල මොකක්ද? මොකෙන්ද හටගන්නේ? මොකෙන්ද උපදින්නේ? මොකෙන්ද බිහිවෙන්නේ? ඔය විඳීමේ මුල ස්පර්ශයයි. ස්පර්ශයෙනුයි හටගන්නේ. ස්පර්ශයෙනුයි උපදින්නේ. ස්පර්ශයෙනුයි බිහිවන්නේ.

ඵස්සෝ චායං භික්ඛවේ කින්නිදානෝ? කිංසමුදයෝ? කිඤ්ජාතිකෝ? කිම්පභවෝ? ඵස්සෝ සළායතනනිදානෝ, සළායතනසමුදයෝ, සළායතනජාතිකෝ, සළායතනප්පභවෝ.

පින්වත් මහණෙනි, ඔය ස්පර්ශයේ මුල මොකක්ද? මොකෙන්ද හටගන්නේ? මොකෙන්ද උපදින්නේ? මොකෙන්ද බිහිවෙන්නේ? ඔය ස්පර්ශයේ මුල ආයතන හයයි. ආයතන හයෙනුයි හටගන්නේ. ආයතන හයෙනුයි උපදින්නේ. ආයතන හයෙනුයි බිහිවන්නේ.

සළායතනඤ්‌චිදං භික්ඛවේ කින්නිදානං? කිංසමුදයං? කිඤ්ජාතිකං? කිම්පභවං?සළායතනං නාමරූපනිදානං, නාමරූපසමුදයං, නාමරූපජාතිකං, නාමරූපප්පභවං.

පින්වත් මහණෙනි, ඔය ආයතන හයේ මුල මොකක්ද? මොකෙන්ද හටගන්නේ? මොකෙන්ද උපදින්නේ? මොකෙන්ද බිහිවෙන්නේ? ඔය ආයතන හයේ මුල නාමරූපයි. නාමරූපයෙනුයි හටගන්නේ. නාමරූපයෙනුයි උපදින්නේ. නාමරූපයෙනුයි බිහිවන්නේ.

නාමරූපඤ්‌චිදං භික්ඛවේ කින්නිදානං? කිංසමුදයං? කිඤ්ජාතිකං? කිම්පභවං?නාමරූපං විඤ්‌ඤාණනිදානං, විඤ්‌ඤාණසමුදයං, විඤ්‌ඤාණජාතිකං, විඤ්‌ඤාණප්පභවං.

පින්වත් මහණෙනි, ඔය නාමරූපයේ මුල මොකක්ද? මොකෙන්ද හටගන්නේ? මොකෙන්ද උපදින්නේ? මොකෙන්ද බිහිවෙන්නේ? ඔය නාමරූපයේ මුල විඤ්ඤාණයයි. විඤ්ඤාණයෙනුයි හටගන්නේ. විඤ්ඤාණයෙනුයි උපදින්නේ. විඤ්ඤාණයෙනුයි බිහිවන්නේ.

විඤ්‌ඤාණඤ්‌චිදං භික්ඛවේ කින්නිදානං? කිංසමුදයං? කිඤ්ජාතිකං? කිම්පභවං? විඤ්‌ඤාණං සංඛාරනිදානං, සංඛාරසමුදයං, සංඛාරජාතිකං, සංඛාරප්පභවං.

පින්වත් මහණෙනි, ඔය විඤ්ඤාණයේ මුල මොකක්ද? මොකෙන්ද හටගන්නේ? මොකෙන්ද උපදින්නේ? මොකෙන්ද බිහිවෙන්නේ? ඔය විඤ්ඤාණයේ මුල සංස්කාරයි. සංස්කාරවලිනුයි හටගන්නේ. සංස්කාරවලිනුයි උපදින්නේ. සංස්කාරවලිනුයි බිහිවන්නේ.

සංඛාරා චිමේ භික්ඛවේ, කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවා? සංඛාරා අවිජ්‌ජානිදානා අවිජ්‌ජාසමුදයා අවිජ්‌ජාජාතිකා අවිජ්‌ජාපභවා.

පින්වත් මහණෙනි, ඔය සංස්කාරවල මුල මොකක්ද? මොකෙන්ද හටගන්නේ? මොකෙන්ද උපදින්නේ? මොකෙන්ද බිහිවෙන්නේ? ඔය සංස්කාරවල මුල අවිද්‍යාවයි. අවිද්‍යාවෙනුයි හටගන්නේ. අවිද්‍යාවෙනුයි උපදින්නේ. අවිද්‍යාවෙනුයි බිහිවන්නේ.

ඉති ඛෝ භික්ඛවේ අවිජ්‌ජාපච්‌චයා සංඛාරා සංඛාරපච්‌චයා විඤ්‌ඤාණං ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

පින්වත් මහණෙනි, ඔය අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. …. (පෙ) …. ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ.

අවිජ්‌ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාරනිරෝධෝ සංඛාරනිරෝධා විඤ්‌ඤාණනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝතී ති.

අවිද්‍යාව සහමුළින්ම නැතිවෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. …. (පෙ) …. ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.

සාදු! සාදු!! සාදු!!!

ආහාර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M