සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.3.5. භූමිජ සුත්තං

1.3.5. භූමිජ තෙරුන් අරභයා වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………..

අථ ඛෝ ආයස්‌මා භූමිජෝ සායන්‌හසමයං පටිසල්‌ලානා වුට්‌ඨිතෝ යේනායස්මා සාරිපුත්‌තෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්‌මතා සාරිපුත්‌තේන සද්‌ධිං සම්‌මෝදි. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා භූමිජෝ ආයස්‌මන්‌තං සාරිපුත්‌තං ඒතදවෝච.

එදා ආයුෂ්මත් භූමිජ තෙරුන් සවස් වරුවේ භාවනාවෙන් නැගිටලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ පිළිසඳර කතා බහේ යෙදුණා. පිළිසඳර කථාවෙන් පසු එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් භූමිජ තෙරුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙහෙම විමසුවා.

සන්‌තාවුසෝ සාරිපුත්‌ත ඒකේ සමණබ්‍රාහ්‌මණා කම්‌මවාදා සයංකතං සුඛදුක්‌ඛං පඤ්‌ඤාපෙන්‌ති. සන්‌ති පනාවුසෝ සාරිපුත්‌ත ඒකේ සමණබ්‍රාහ්‌මණා කම්‌මවාදා පරංකතං සුඛදුක්‌ඛං පඤ්‌ඤාපෙන්‌ති. සන්‌ති පනාවුසෝ සාරිපුත්‌ත ඒකේ සමණබ්‍රාහ්‌මණා කම්‌මවාදා සයංකතඤ්‌ච පරංකතඤ්‌ච සුඛදුක්‌ඛං පඤ්‌ඤාපෙන්‌ති. සන්‌ති පනාවුසෝ සාරිපුත්‌ත ඒකේ සමණබ්‍රාහ්‌මණා කම්‌මවාදා අසයංකාරං අපරංකාරං අධිච්‌චසමුප්‌පන්‌නං සුඛදුක්‌ඛං පඤ්‌ඤාපෙන්‌ති.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් කර්මය පිළිගන්නවා. ඔවුන් කියා සිටින්නේ දුක තමා විසින් කරපු දෙයක් බවයි. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, කර්මය පිළිගන්නා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් කියා සිටින්නේ දුක අනුන් විසින් කරපු දෙයක් බවයි. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, කර්මය පිළිගන්නා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් කියා සිටින්නේ දුක තමා විසිනුත්, අනුන් විසිනුත් කරපු දෙයක් බවයි. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, කර්මය පිළිගන්නා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් කියා සිටින්නේ දුක තමා විසිනුත් නොකරපු, අනුන් විසිනුත් නොකරපු, ඉබේ හටගත් දෙයක් බවයි.

ඉධ නෝ ආවුසෝ සාරිපුත්‌ත භගවා කිංවාදී? කිමක්‌ඛායී ? කථං බ්‍යාකරමානා ච මයං වුත්‌තවාදිනෝ චේව භගවතෝ අස්‌සාම? න ච භගවන්‌තං අභූතේන අබ්‌භාචික්‌ඛෙය්‍යාම? ධම්‌මස්‌ස චානුධම්‌මං බ්‍යාකරෙය්‍යාම න ච කෝචි සහධම්‌මිකෝ වාදානුපාතෝ ගාරය්‌හං ඨානං ආගච්‌ඡෙය්‍යා’ති?

ඉතින් ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, දුක පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දරන්නේ මොන වගේ අදහසක්ද? පවසන්නේ මොන වගේ දෙයක්ද? ඔය කාරණය ගැන අපි මොන වගේ පිළිතුරක් දුන්නොත්ද, භාග්‍යවතුන් වහන්සේ පැවසූ දෙයක් පැවසුවා වන්නේ? අනික, අපි භාග්‍යවතුන් වහන්සේට අභූත චෝදනා නොකළා වන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට ගැලපෙන දෙයක් පැවසුවා වන්නේ? කරුණු සහිතව දහම් කරුණු ප්‍රකාශ වෙද්දී ගර්හාවට ලක් නොවන්නේ?”

පටිච්‌චසමුප්‌පන්‌නං ඛෝ ආවුසෝ සුඛදුක්‌ඛං වුත්‌තං භගවතා. කිං පටිච්‌ච? ඵස්‌සං පටිච්‌ච. ඉති වදං වුත්‌තවාදී චේව භගවතෝ අස්‌ස, න ච භගවන්‌තං අභූතේන අබ්‌භාචික්‌ඛෙය්‍ය, ධම්‌මස්‌ස චානුධම්‌මං බ්‍යාකරෙය්‍ය, න ච කෝචි සහධම්‌මිකෝ වාදානුපාතෝ ගාරය්‌හං ඨානං ආගච්‌ඡෙය්‍ය.

“ප්‍රිය ආයුෂ්මතුනි, මේ දුක වනාහී හේතුඵල දහමින් හටගත් දෙයක් බවයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. දුකේ හේතුව මොකක්ද? ස්පර්ශය හේතු කරගෙනයි දුක ඇතිවෙන්නේ. ඔය විදිහට පැවසුවොත් නම් භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක්ම පවසන කෙනෙක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේට අභූත චෝදනාවක් කෙරෙන්නේ නෑ. උන්වහන්සේ වදාළ ධර්මයට එකඟ වූ දෙයක් පැවැසුවා වෙනවා. කරුණු සහිතව දහම් කරුණු ප්‍රකාශ වෙද්දී ගර්හාවට ලක් වෙන්නේ නෑ.

තත්‍රා’වුසෝ යේ තේ සමණබ්‍රාහ්‌මණා කම්‌මවාදා සයංකතං සුඛදුක්‌ඛං පඤ්‌ඤාපෙන්‌ති, තදපි ඵස්‌සපච්‌චයා. …(පෙ)…. යේපි තේ සමණබ්‍රාහ්‌මණා කම්‌මවාදා අසයංකාරං අපරංකාරං අධිච්‌චසමුප්‌පන්‌නං සුඛදුක්‌ඛං පඤ්‌ඤාපෙන්‌ති, තදපි ඵස්‌සපච්‌චයා.

ප්‍රිය ආයුෂ්මතුනි, කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසින් කරපු දෙයක් කියා පැවසුවත්, ස්පර්ශය ප්‍රත්‍යයන්මයි ඒ දුකත් හටගන්නේ …. (පෙ) …. කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසිනුත් නොකරපු, අනුන් විසිනුත් නොකරපු, ඉබේ හටගත් දෙයක් කියා පැවසුවත්, ස්පර්ශය ප්‍රත්‍යයන්මයි ඒ දුකත් හටගන්නේ.

තත්‍රා’වුසෝ යේ තේ සමණබ්‍රාහ්‌මණා කම්‌මවාදා සයංකතං සුඛදුක්‌ඛං පඤ්‌ඤාපෙන්‌ති, තේ වත අඤ්‌ඤත්‍ර ඵස්‌සා පටිසංවේදිස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති. ….(පෙ)…. යේපි තේ සමණබ්‍රාහ්‌මණා කම්‌මවාදා අසයංකාරං අපරංකාරං අධිච්‌චසමුප්‌පන්‌නං සුඛදුක්‌ඛං පඤ්‌ඤාපෙන්‌ති, තේ වත අඤ්‌ඤත්‍ර ඵස්‌සා පටිසංවේදිස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති.

ප්‍රිය ආයුෂ්මතුනි, කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසින් කරපු දෙයක් කියා පැවසුවත්, ඒ කාටවත් ඒකාන්තයෙන්ම ස්පර්ශයෙන් තොරව විඳීමක් ඇතිවෙනවා කියන කරුණ කවදාවත් සිදුනොවන දෙයක්. …. (පෙ) …. කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසිනුත් නොකරපු, අනුන් විසිනුත් නොකරපු, ඉබේ හටගත් දෙයක් කියා පැවසුවත්, ඒ කාටවත් ඒකාන්තයෙන්ම ස්පර්ශයෙන් තොරව විඳීමක් ඇතිවෙනවා කියන කරුණ කවදාවත් සිදුනොවන දෙයක්.

අස්‌සෝසි ඛෝ ආයස්‌මා ආනන්‌දෝ ආයස්‌මතෝ සාරිපුත්‌තස්‌ස ආයස්‌මතා භූමිජේන සද්‌ධිං ඉමං කථාසල්‌ලාපං. අථ ඛෝ ආයස්‌මා ආනන්‌දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා ආනන්‌දෝ යාවතකෝ ආයස්‌මතෝ සාරිපුත්‌තස්‌ස ආයස්‌මතා භූමිජේන සද්‌ධිං අහෝසි කථාසල්‌ලාපෝ, තං සබ්‌බං භගවතෝ ආරෝචේසි.

ඒ වෙලාවේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් භූමිජ තෙරුන් සමඟ මේ කරපු කතා බහ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේත් අසාගෙන සිටියා. ඉතින් ඊට පස්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් භූමිජ තෙරුන් සමඟ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ කරපු කතා බහ ගැන සියලු තොරතුරු භාග්‍යවතුන් වහන්සේට සැළ කළා.

සාධු සාධු ආනන්‌ද, යථා තං සාරිපුත්‌තෝ සම්‌මා ව්‍යාකරමානෝ ව්‍යාකරෙය්‍ය. පටිච්‌චසමුප්‌පන්‌නං ඛෝ ආනන්‌ද සුඛදුක්‌ඛං වුත්‌තං මයා. කිං පටිච්‌ච? ඵස්‌සං පටිච්‌ච. ඉති වදං වුත්‌තවාදී චේව මේ අස්‌ස න ච මං අභූතේන අබ්‌භාචික්‌ඛෙය්‍ය, ධම්‌මස්‌ස චානුධම්‌මං බ්‍යාකරෙය්‍ය, න ච කෝචි සහධම්‌මිකෝ වාදානුපාතෝ ගාරය්‌හං ඨානං ආගච්‌ඡෙය්‍ය.

“සාදු! සාදු! පින්වත් ආනන්ද, නියම විදිහට ඒ කරුණු කිව යුතු නම් ඒ විදිහටමයි සාරිපුත්තයන් කියා තියෙන්නේ. පින්වත් ආනන්ද, මේ දුක වනාහී හේතුඵල දහමින් හටගත් දෙයක් බවයි මා පවසා තිබෙන්නේ. දුකේ හේතුව මොකක්ද? ස්පර්ශය හේතු කොට ගෙනයි දුක ඇතිවෙන්නේ. ඔය විදිහට පවසන කෙනා මා පැවසූ දෙයක්ම කියන කෙනෙක්. මට අභූතයෙන් චෝදනා කරන්නේ නෑ. මා පැවසූ දහමට එකඟ වූ දෙයක්මයි කියන්නේ. කරුණු සහිතව දහම ප්‍රකාශ වෙද්දී ගර්හාවට ලක්වෙන්නේ නෑ.

තත්‍රානන්‌ද යේ තේ සමණබ්‍රාහ්‌මණා කම්‌මවාදා සයංකතං සුඛදුක්‌ඛං පඤ්‌ඤාපෙන්‌ති, තදපි ඵස්‌සපච්‌චයා. ….(පෙ)…. යේපි තේ සමණබ්‍රාහ්‌මණා කම්‌මවාදා අසයංකාරං අපරංකාරං අධිච්‌චසමුප්‌පන්‌නං සුඛදුක්‌ඛං පඤ්‌ඤාපෙන්‌ති, තදපි ඵස්‌සපච්‌චයා.

පින්වත් ආනන්ද, කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක්, දුක තමා විසින් කරපු දෙයක් කියා පැවසුවත්, ස්පර්ශය ප්‍රත්‍යයෙන්මයි ඒ දුකත් හටගන්නේ …. (පෙ) …. කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක්, දුක තමා විසිනුත් නොකරපු, අනුන් විසිනුත් නොකරපු, ඉබේ හටගත් දෙයක් කියා පැවසුවත්, ස්පර්ශය ප්‍රත්‍යයෙන්මයි ඒ දුකත් හටගන්නේ.

තත්‍රානන්‌ද යේ තේ සමණබ්‍රාහ්‌මණා කම්‌මවාදා සයංකතං සුඛදුක්‌ඛං පඤ්‌ඤාපෙන්‌ති, තේ වත අඤ්‌ඤත්‍ර ඵස්‌සා පටිසංවේදිස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති. ….(පෙ)…. යේපි තේ සමණබ්‍රාහ්‌මණා කම්‌මවාදා අසයංකාරං අපරංකාරං අධිච්‌චසමුප්‌පන්‌නං සුඛදුක්‌ඛං පඤ්‌ඤාපෙන්‌ති. තේ වත අඤ්‌ඤත්‍ර ඵස්‌සා පටිසංවේදිස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති.

පින්වත් ආනන්ද, කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසින් කරපු දෙයක් කියා පැවසුවත්, ඒ කාටවත් ඒකාන්තයෙන්ම ස්පර්ශයෙන් තොරව විඳීමක් ඇතිවෙනවා කියන කරුණ කවදාවත් සිදු නොවන දෙයක් …. (පෙ) …. කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක්, දුක තමා විසිනුත් නොකරපු, අනුන් විසිනුත් නොකරපු, ඉබේ හටගත් දෙයක් කියා පැවසුවත්, ඒ කාටවත් ඒකාන්තයෙන්ම ස්පර්ශයෙන් තොරව විඳීමක් ඇතිවෙනවා කියන කරුණ කවදාවත් සිදු නොවන දෙයක්.

කායේ වා හානන්‌ද සති කායසඤ්‌චේතනාහේතු උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. වාචාය වා හානන්‌ද සති වචීසඤ්‌චේතනාහේතු උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. මනේ වා හානන්‌ද සති මනෝසඤ්‌චේතනාහේතු උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං අවිජ්‌ජාපච්‌චයා ච.

පින්වත් ආනන්ද කයක් තිබෙන විට කය මුල් කොට චේතනා ඇති වීම හේතුවෙන් තමා තුළ සැප දුක් ඇතිවෙනවා. පින්වත් ආනන්ද, ඒ වගේම වචන තිබෙන විට වචන මුල් කොට චේතනා ඇතිවීම හේතුවෙනුත් තමා තුළ සැප දුක් ඇතිවෙනවා. මනසක් තිබෙන විට මනස මුල් කොට චේතනා ඇතිවීම හේතුවෙන් සැප දුක් ඇතිවෙනවා. අවිද්‍යාව හේතු කොට ගෙනත් ඇතිවෙනවා.

සාමං වා තං ආනන්‌ද කායසංඛාරං අභිසංඛරෝති, යම්පච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. පරේවාස්ස තං ආනන්‌ද කායසංඛාරං අභිසංඛරොන්‌ති, යම්පච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. සම්‌පජානෝ වා තං ආනන්‌ද කායසංඛාරං අභිසංඛරෝති. යම්පච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. අසම්‌පජානෝ වා තං ආනන්‌ද කායසංඛාරං අභිසංඛරෝති, යං පච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං.

යමක් හේතු කොට ගෙන කෙනෙකුට තමා තුළ ඒ සැප දුක් උපදිනවා නම්, පින්වත් ආනන්ද, ඒ කාය සංස්කාර තමන් හෝ රැස් කරනවා. පින්වත් ආනන්ද, යමක් හේතු කොට ගෙන කෙනෙකුට තමා තුළ ඒ සැප දුක් උපදිනවා නම්, අනුන් හෝ ඒ කාය සංස්කාර රැස් කරනවා. යම් හේතු කොට ගෙන කෙනෙකුට තමා තුළ ඒ සැප දුක් උපදිනවා නම්, පින්වත් ආනන්ද, තමන් දැනුවත්ව හෝ ඒ කාය සංස්කාර රැස් කරනවා. යමක් හේතු කොට ගෙන කෙනෙකුට තමා තුළ ඒ සැප දුක් උපදිනවා නම් පින්වත් ආනන්ද, තමන් නොදැනුවත්ව හෝ ඒ කාය සංස්කාර රැස් කරනවා.

සාමං වා තං ආනන්‌ද වචීසංඛාරං අභිසංඛරෝති, යම්පච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. පරේවාස්ස තං ආනන්‌ද වචීසංඛාරං අභිසංඛරොන්‌ති, යම්පච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. සම්‌පජානෝ වා තං ආනන්‌ද ….(පෙ)…. අසම්‌පජානෝ වා තං ආනන්‌ද ….(පෙ)…. වචීසංඛාරං අභිසංඛරෝති, යං පච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං.

යමක් හේතු කොට ගෙන කෙනෙකුට තමා තුළ ඒ සැප දුක් උපදිනවා නම්, පින්වත් ආනන්ද, ඒ වචී සංස්කාර තමන් හෝ රැස් කරනවා. පින්වත් ආනන්ද, යමක් හේතු කොට ගෙන කෙනෙකුට තමා තුළ ඒ සැප දුක් උපදිනවා නම්, අනුන් හෝ ඒ වචී සංස්කාර රැස් කරනවා. යම් හේතු කොට ගෙන කෙනෙකුට තමා තුළ ඒ සැප දුක් උපදිනවා නම්, පින්වත් ආනන්ද, තමන් දැනුවත්ව හෝ ඒ වචී සංස්කාර රැස් කරනවා. යමක් හේතු කොට ගෙන කෙනෙකුට තමා තුළ ඒ සැප දුක් උපදිනවා නම්, පින්වත් ආනන්ද, තමන් නොදැනුවත්ව හෝ ඒ වචී සංස්කාර රැස් කරනවා.

සාමං වා තං ආනන්‌ද මනෝසංඛාරං අභිසංඛරෝති, යං පච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. පරේ වාස්ස තං ආනන්‌ද මනෝසංඛාරං අභිසංඛරොන්‌ති, යං පච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. සම්‌පජානෝ වා තං ආනන්‌ද ….(පෙ)…. අසම්‌පජානෝ වා තං ආනන්‌ද මනෝසංඛාරං අභිසංඛරෝති, යං පච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. ඉමේසු ආනන්‌ද ධම්මේසු අවිජ්‌ජා අනුපතිතා.

යමක් හේතු කොට ගෙන කෙනෙකුට තමා තුළ ඒ සැප දුක් උපදිනවා නම්, පින්වත් ආනන්ද, ඒ මනෝ සංස්කාර තමන් හෝ රැස් කරනවා. පින්වත් ආනන්ද, යමක් හේතු කොට ගෙන කෙනෙකුට තමා තුළ ඒ සැප දුක් උපදිනවා නම්, අනුන් හෝ ඒ මනෝ සංස්කාර රැස් කරනවා. යම් හේතු කොට ගෙන කෙනෙකුට තමා තුළ ඒ සැප දුක් උපදිනවා නම්, පින්වත් ආනන්ද, තමන් දැනුවත්ව හෝ ඒ මනෝ සංස්කාර රැස් කරනවා. යමක් හේතු කොට ගෙන කෙනෙකුට තමා තුළ ඒ සැප දුක් උපදිනවා නම් පින්වත් ආනන්ද, තමන් නොදැනුවත්ව හෝ ඒ මනෝ සංස්කාර රැස් කරනවා. පින්වත් ආනන්ද, ඔය (කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර, චේතනා) කරුණු සියල්ලම අවිද්‍යාව තුළයි තියෙන්නේ.

අවිජ්‌ජායත්වේව ආනන්‌ද අසේසවිරාගනිරෝධා සෝ කායෝ න හෝති. යං පච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. සා වාචා න හෝති. යං පච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. සෝ මනෝ න හෝති. යං පච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. ඛෙත්‌තං තං න හෝති ….(පෙ)…. වත්‌ථු තං න හෝති ….(පෙ)…. ආයතනං තං න හෝති – අධිකරණං තං න හෝති යංපච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛන්‌ති.

පින්වත් ආනන්ද, ඒ අවිද්‍යාවම ඉතුරු නැතිව නිරුද්ධ වීමෙන් යමක් හේතු කොට ගෙන කෙනෙකුට තමා තුළ ඒ සැප දුක් උපදිනවා නම්, ඒ කය නැති වෙලා යනවා. යමක් හේතු කොට ගෙන කෙනෙකුට තමා තුළ ඒ සැප දුක් උපදිනවා නම් ඒ වචන නැතිවෙලා යනවා. යමක් හේතු කොටගෙන කෙනෙකුට තමා තුළ ඒ සැප දුක් උපදිනවා නම්, ඒ මනස නැතිවෙලා යනවා. ඒ ක්ෂේත්‍රය නැතිවෙලා යනවා …. (පෙ) …. ඒ කරුණ නැතිවෙලා යනවා …. (පෙ) …. ඒ ආයතනය නැතිවෙලා යනවා …. (පෙ) …. යමක් හේතු කොටගෙන කෙනෙකුට තමා තුළ ඒ සැප දුක් උපදිනවා නම්, ඒ ආරවුල නැතිවෙලා යනවා.

සාදු! සාදු!! සාදු!!!

භූමිජ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M