සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.6.1. පරිවීමංසන සුත්තං

1.6.1. නුවණින් විමසීම ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං.ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්‌ඛූ ආමන්තේසි භික්ඛවෝ ති. භදන්තේ ති තේ භික්‌ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. එදා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේය. එහිදී භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂූන් අමතා වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා ද “පින්වතුන් වහන්ස” කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේදී තමයි මේ දේශනය වදාළේ.

කිත්‌තාවතා නු ඛෝ භික්ඛවේ භික්‌ඛූ පරිවීමංසමානෝ පරිවීමංසෙය්‍ය සබ්‌බසෝ සම්‌මා දුක්‌ඛක්‌ඛයායා ති? භගවං මූලකා නෝ භන්තේ ධම්‌මා, භගවං නෙත්‌තිකා භගවං පටිසරණා. සාධු වත භන්තේ භගවන්‌තං ඒව පටිභාතු ඒතස්‌ස භාසිතස්‌ස අත්‌ථෝ. භගවතෝ සුත්‌වා භික්‌ඛූ ධාරෙස්‌සන්‌තී’ති. තේන හි භික්ඛවේ සුණාථ. සාධුකං මනසිකරෝථ. භාසිස්‌සාමී’ති. ඒවං භන්තේ’ති ඛෝ තේ භික්‌ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

“පින්වත් මහණෙනි, භික්ෂුවක් සෑම විදිහකින්ම මනාකොට මේ දුක් ක්ෂය වෙලා යන පරිද්දෙන් නුවණින් විමසනවා නම් විමසන්නේ කොපමණකින්ද?”

“ස්වාමීනී, අපගේ මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන කරගෙනයි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේටම ඔය වදාළ කරුණෙහි අර්ථය වැටහෙන සේක්වා! භාග්‍යවතුන් වහන්සේගෙන් අසාගෙනයි මේ භික්ෂූන් සිත්හි දරා ගන්නේ.”

“එහෙම නම් පින්වත් මහණෙනි, හොඳින් අසන්න ඕන. ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරන්න ඕන. මා කියා දෙන්නම්.”

“එසේය, ස්වාමීනී” කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේදී මෙය වදාළා.

ඉමං භික්ඛවේ භික්‌ඛු පරිවීමංසමානෝ පරිවීමංසති. යං ඛෝ ඉදං අනේකවිධං නානප්‌පකාරකං දුක්‌ඛං ලෝකේ උප්‌පජ්‌ජති ජරාමරණං. ඉදං නු ඛෝ දුක්‌ඛං කින්නිදානං කිංසමුදයං කිඤ්ජාතිකං කිංපභවං? කිස්‌මිං සති ජරාමරණං හෝති. කිස්‌මිං අසති ජරාමරණං න හෝතීති? සෝ පරිවීමංසමානෝ ඒවං පජානාති. යං ඛෝ ඉදං අනේකවිධං නානප්‌පකාරකං දුක්‌ඛං ලෝකේ උප්‌පජ්‌ජති ජරාමරණං, ඉදං ඛෝ දුක්‌ඛං ජාතිනිදානං ජාතිසමුදයං ජාතිජාතිකං ජාතිප්‌පභවං. ජාතියා සති ජරාමරණං හෝති. ජාතියා අසති ජරාමරණං න හෝතී’ති.

“පින්වත් මහණෙනි, මේ සසුනෙහි භික්ෂුව නුවණින් විමසද්දී මෙහෙමයි විමසන්නේ. ‘නොයෙක් ආකාර වූ නා නා ප්‍රකාර වූ යම් දුකක් මේ ජරා මරණ ලෝකයෙහි උපදිනවා නම්, මේ දුක උපදින්නේ කුමක් මුල් වෙලාද? කුමක් හට අරගෙනද? කුමක ඉපදීමෙන්ද? කුමක් ප්‍රභවය වීමෙන්ද? කුමක් තියෙන කොට ද ජරා මරණ තියෙන්නේ? කුමක් නොතිබෙන කොට ද ජරා මරණ නොතිබෙන්නේ?’

එතකොට ඒ භික්ෂුව නුවණින් විමසද්දී මේ විදිහට අවබෝධ කරගන්නවා. ‘නොයෙක් ආකාර වූ නා නා ප්‍රකාර වූ යම් දුකක් මේ ජරා මරණ ලෝකයෙහි උපදිනවා නම්, මේ දුක උපදින්නේ ඉපදීම මුල් වෙලයි. ඉපදීම හටගැනීමෙනුයි. ඉපදීම ඉපදීමෙනුයි. ඉපදීම ප්‍රභවය වීමෙනුයි. ඉපදීම තියෙන කොට තමයි ජරාමරණ තියෙන්නේ. ඉපදීම නොතිබෙන කොට තමයි ජරාමරණ නොතිබෙන්නේ.’

සෝ ජරාමරණඤ්‌ච පජානාති. ජරාමරණසමුදයඤ්‌ච පජානාති. ජරාමරණනිරෝධඤ්‌ච පජානාති. යා ච ජරාමරණනිරෝධසාරුප්‌පගාමිනී පටිපදා, තං ච පජානාති. තථා පටිපන්‌නෝ ච හෝති අනුධම්‌මචාරී. අයං වුච්‌චති භික්ඛවේ භික්‌ඛු සබ්‌බසෝ සම්‌මා දුක්‌ඛක්‌ඛයාය පටිපන්‌නෝ හෝති ජරාමරණනිරෝධාය.

ඔහු ජරාමරණත් අවබෝධ කරනවා. ජරාමරණ හටගැනීමත් අවබෝධ කරනවා. ජරාමරණ නිරුද්ධ වීමත් අවබෝධ කරනවා. ජරාමරණ නිරුද්ධ වීම පිණිස උපකාරී වන යම් වැඩපිළිවෙලක් ඇත්නම් ඒ ගැනත් අවබෝධයක් ඇති කරගන්නවා. ඒ ධර්මානුකූල හැසිරීමෙන් යුක්තව ඒ ප්‍රතිපත්තියෙහි බැස ගන්නවා.

පින්වත් මහණෙනි, ඔය භික්ෂුවටයි කියන්නේ ‘සෑම අයුරින්ම මනාකොට දුක් ක්ෂය කිරීම පිණිස, ජරා මරණ නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තියෙහි බැසගත් කෙනා’ කියලා.

අථාපරං පරිවීමංසමානෝ පරිවීමංසති. ජාති පනායං කින්නිදානා කිංසමුදයා කිඤ්ජාතිකා කිම්පභවා, කිස්‌මිං සති ජාති හෝති, කිස්‌මිං අසති ජාති න හෝතී’ති? සෝ පරිවීමංසමානෝ ඒවං පජානාති. ජාති භවනිදානා භවසමුදයා භවජාතිකා භවප්‌පභවා. භවේ සති ජාති හෝති. භවේ අසති ජාති න හෝතී’ති.

ඒ වගේම තවදුරටත් නුවණින් විමසද්දී විමසන්නේ, මේ ඉපදීම තියෙන්නේ කුමක් මුල් කරගෙනද? කුමක් හටගැනීමෙන්ද? කුමක ඉපදීමෙන්ද? කුමක් ප්‍රභවය වීමෙන්ද? කුමක් තිබුණොත් ද ඉපදීම තියෙන්නේ? කුමක් නොතිබුණොත් ද ඉපදීම නොතිබෙන්නේ?’ කියලා.

එතකොට ඔහු නුවණින් විමසද්දී අවබෝධ කරගන්නේ මෙහෙමයි. ‘ඉපදීම තියෙන්නේ භවය මුල් කරගෙනයි. භවය හටගැනීමෙනුයි. භවය ඉපදීමෙනුයි. භවය ප්‍රභවය වීමෙනුයි. භවය තියෙන කොට තමයි ඉපදීම තියෙන්නේ. භවය නොතිබෙන කොට තමයි ඉපදීම නොතිබෙන්නේ’

සෝ ජාතිඤ්‌ච පජානාති. ජාතිසමුදයඤ්‌ච පජානාති. ජාතිනිරෝධඤ්‌ච පජානාති. යා ච ජාතිනිරෝධසාරුප්‌පගාමිනී පටිපදා, තං ච පජානාති. තථා පටිපන්‌නෝ ච හෝති අනුධම්‌මචාරී. අයං වුච්‌චති භික්ඛවේ භික්‌ඛු සබ්‌බසෝ සම්‌මා දුක්‌ඛක්‌ඛයාය පටිපන්‌නෝ ජාතිනිරෝධාය.

ඔහු ඉපදීමත් අවබෝධ කරනවා. ඉපදීම හටගැනීමත් අවබෝධ කරනවා. ඉපදීම නිරුද්ධ වීමත් අවබෝධ කරනවා. ඉපදීම නිරුද්ධ වීම පිණිස උපකාරී වන යම් වැඩපිළිවෙලක් ඇත්නම් ඒ ගැනත් අවබෝධයක් ඇති කරගන්නවා. ඒ ධර්මානුකූල හැසිරීමෙන් යුක්තව ඒ ප්‍රතිපත්තියෙහි බැස ගන්නවා.

පින්වත් මහණෙනි, ඔය භික්ෂුවටයි කියන්නේ ‘සෑම අයුරින්ම මනාකොට දුක් ක්ෂය කිරීම පිණිස, ඉපදීම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තියෙහි බැසගත් කෙනා’ කියලා.

අථාපරං පරිවීමංසමානෝ පරිවීමංසති. භවෝ පනායං කින්නිදානෝ කිංසමුදයෝ කිඤ්ජාතිකෝ කිම්පභවෝ, කිස්මි සති භවෝ හෝති, කිස්මිං අසති භවෝ න හෝතීති. සෝ පරිවීමංසමානෝ ඒවං පජානාති. භවෝ උපාදානනිදානෝ උපාදානසමුදයෝ උපාදානජාතිකෝ උපාදානපභවෝ. උපාදානේ සති භවෝ හෝති. උපාදානේ අසති භවෝ න හෝතී’ති. සෝ භවං ච පජානාති. භවසමුදයං ච පජානාති. භවනිරෝධං ච පජානාති. යා ච භවනිරෝධසාරුප්පගාමිනී පටිපදා, තං ච පජානාති. තථා පටිපන්නෝ ච හෝති අනුධම්මචාරී. අයං වුච්චති භික්ඛවේ භික්ඛු සබ්බසෝ සම්මා දුක්‌ඛක්‌ඛයාය පටිපන්‌නෝ භවනිරෝධාය.

ඒ වගේම තවදුරටත් නුවණින් විමසද්දී විමසන්නේ, මේ භවය තියෙන්නේ කුමක් මුල් කරගෙනද? කුමක් හටගැනීමෙන්ද? කුමක ඉපදීමෙන්ද? කුමක් ප්‍රභවය වීමෙන්ද? කුමක් තිබණොත් ද භවය තියෙන්නේ? කුමක් නොතිබුණොත් ද භවය නොතිබෙන්නේ?’ කියලා.

එතකොට ඔහු නුවණින් විමසද්දී අවබෝධ කරගන්නේ මෙහෙමයි. ‘භවය තියෙන්නේ උපාදාන මුල් කරගෙනයි. උපාදාන හටගැනීමෙනුයි. උපාදාන ඉපදීමෙනුයි. උපාදාන ප්‍රභවය වීමෙනුයි. උපාදාන තියෙන කොට තමයි භවය තියෙන්නේ. උපාදාන නොතිබෙන කොට තමයි භවය නොතිබෙන්නේ’

ඔහු භවයත් අවබෝධ කරනවා. භවය හටගැනීමත් අවබෝධ කරනවා. භවය නිරුද්ධ වීමත් අවබෝධ කරනවා. භවය නිරුද්ධ වීම පිණිස උපකාරී වන යම් වැඩපිළිවෙලක් ඇත්නම් ඒ ගැනත් අවබෝධයක් ඇති කරගන්නවා. ඒ ධර්මානුකූල හැසිරීමෙන් යුක්තව ඒ ප්‍රතිපත්තියෙහි බැස ගන්නවා.

පින්වත් මහණෙනි, ඔය භික්ෂුවටයි කියන්නේ ‘සෑම අයුරින්ම මනාකොට දුක් ක්ෂය කිරීම පිණිස, භවය නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තියෙහි බැසගත් කෙනා’ කියලා.

අථාපරං පරිවීමංසමානෝ පරිවීමංසති. උපාදානං පනිදං කිංනිදානං ….(පෙ)…. තණ්‌හා පනායං කින්නිදානා ….(පෙ)…. වේදනා පනායං කින්නිදානා ….(පෙ)…. ඵස්සෝ පනායං කින්නිදානෝ ….(පෙ)…. සළායතනං පනිදං කින්නිදානං ….(පෙ)…. නාමරූපං පනිදං කින්නිදානං ….(පෙ)…. විඤ්‌ඤාණං පනිදං කින්නිදානං ….(පෙ)…. සංඛාරා පනිමේ කින්නිදානා කිංසමුදයා කිඤ්ජාතිකා කිම්පභවා, කිස්‌මිං සති සංඛාරා හොන්‌ති, කිස්‌මිං අසති සංඛාරා න හොන්‌තීති. සෝ පරිවීමංසමානෝ ඒවං පජානාති. සංඛාරා අවිජ්‌ජානිදානා අවිජ්‌ජාසමුදයා අවිජ්‌ජාජාතිකා අවිජ්‌ජාපභවා. අවිජ්‌ජාය සති සංඛාරා හොන්‌ති. අවිජ්‌ජාය අසති සංඛාරා න හොන්‌තී’ති.

ඒ වගේම තවදුරටත් නුවණින් විමසද්දී විමසන්නේ, මේ උපාදාන තියෙන්නේ කුමක් මුල් කරගෙනද? ….(පෙ)…. මේ තණ්හාව තියෙන්නේ කුමක් මුල් කරගෙනද? ….(පෙ)…. මේ විඳීම තියෙන්නේ කුමක් මුල් කරගෙනද? ….(පෙ)…. මේ ස්පර්ශය තියෙන්නේ කුමක් මුල් කරගෙනද? ….(පෙ)…. මේ ආයතන හය තියෙන්නේ කුමක් මුල් කරගෙනද? ….(පෙ)…. මේ නාමරූප තියෙන්නේ කුමක් මුල් කරගෙනද? ….(පෙ)…. මේ විඤ්ඤාණය තියෙන්නේ කුමක් මුල් කරගෙනද? ….(පෙ)…. ඒ වගේම තවදුරටත් නුවණින් විමසද්දී මේ සංස්කාර තියෙන්නේ කුමක් මුල් කරගෙනද? කුමක් හටගැනීමෙන්ද? කුමක් ඉපදීමෙන්ද? කුමක් ප්‍රභවය වීමෙන්ද? කුමක් තිබණොත් ද සංස්කාර තියෙන්නේ? කුමක් නොතිබුණොත් ද සංස්කාර නොතිබෙන්නේ?’ කියලා.

එතකොට ඔහු නුවණින් විමසද්දී අවබෝධ කරගන්නේ මෙහෙමයි. ‘සංස්කාර තියෙන්නේ අවිද්‍යාව මුල් කරගෙනයි. අවිද්‍යාව හටගැනීමෙනුයි. අවිද්‍යාව ඉපදීමෙනුයි. අවිද්‍යාව ප්‍රභවය වීමෙනුයි. අවිද්‍යාව තියෙන කොට තමයි සංස්කාර තියෙන්නේ. අවිද්‍යාව නොතිබෙන කොට තමයි සංස්කාර නොතිබෙන්නේ’

සෝ සංඛාරේ ච පජානාති. සංඛාරසමුදයංච පජානාති. සංඛාරනිරෝධංච පජානාති. යා ච සංඛාරනිරෝධසාරුප්‌පගාමිනී පටිපදා, තං‌ච පජානාති. තථා පටිපන්‌නෝ ච හෝති අනුධම්‌මචාරී. අයං වුච්‌චති භික්ඛවේ භික්‌ඛු සබ්‌බසෝ සම්‌මා දුක්‌ඛක්‌ඛයාය පටිපන්‌නෝ සංඛාරනිරෝධාය.

ඔහු සංස්කාරත් අවබෝධ කරනවා. සංස්කාර හටගැනීමත් අවබෝධ කරනවා. සංස්කාර නිරුද්ධ වීමත් අවබෝධ කරනවා. සංස්කාර නිරුද්ධ වීම පිණිස උපකාරී වන යම් වැඩපිළිවෙලක් ඇත්නම් ඒ ගැනත් අවබෝධයක් ඇති කරගන්නවා. ඒ ධර්මානුකූල හැසිරීමෙන් යුක්තව ඒ ප්‍රතිපත්තියෙහි බැස ගන්නවා.

පින්වත් මහණෙනි, ඔය භික්ෂුවටයි කියන්නේ ‘සෑම අයුරින්ම මනාකොට දුක් ක්ෂය කිරීම පිණිස, සංස්කාර නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තියෙහි බැසගත් කෙනා’ කියලා.

අවිජ්‌ජාගතෝයං භික්ඛවේ පුරිසපුග්‌ගලෝ පුඤ්‌ඤං චේ සංඛාරං අභිසංඛරෝති, පුඤ්‌ඤෝපගං හෝති විඤ්‌ඤාණං. අපුඤ්‌ඤං චේ සංඛාරං අභිසංඛරෝති, අපුඤ්‌ඤෝපගං හෝති විඤ්‌ඤාණං. ආනෙඤ්‌ජං චේ සංඛාරං අභිසංඛරෝති, ආනෙඤ්‌ජූපගං හෝති විඤ්‌ඤාණං.

පින්වත් මහණෙනි, අවිද්‍යාව තුළ ඉන්න මේ පුද්ගලයා යම් හෙයකින් රැස් කරන්නේ පුණ්‍ය වූ සංස්කාරයක් නම්, විඤ්ඤාණය ඒ පිනට අනුව සකස් වෙනවා. යම් හෙයකින් රැස් කරන්නේ අපුණ්‍ය වූ සංස්කාරයක් නම්, විඤ්ඤාණය ඒ පවට අනුව සකස් වෙනවා. යම් හෙයකින් රැස් කරන්නේ ආනෙඤ්ජ වූ සංස්කාරයක් නම්, ඒ විඤ්ඤාණය ඒ ආනෙඤ්ජයට අනුව සකස් වෙනවා. (මෙහි ආනෙඤ්ජ සංස්කාර යනු ධ්‍යානවලින් හටගන්නා කර්මයට කියන නමකි.)

යතෝ ඛෝ භික්ඛවේ භික්‌ඛුනෝ අවිජ්‌ජා පහීනා හෝති විජ්‌ජා උප්‌පන්‌නා, සෝ අවිජ්‌ජාවිරාගා විජ්‌ජුප්‌පාදා නේව පුඤ්‌ඤාභිසංඛාරං අභිසංඛරෝති. න අපුඤ්‌ඤාභිසංඛාරං අභිසංඛරෝති. න ආනෙඤ්‌ජාභිසංඛාරං අභිසංඛරෝති. අනභිසංඛරොන්‌තෝ අනභිසඤ්‌චේතයන්‌තෝ න කිඤ්‌චි ලෝකේ උපාදියති. අනුපාදියං න පරිතස්‌සති. අපරිතස්‌සං පච්‌චත්‌තං යේව පරිනිබ්‌බායති. ඛීණා ජාති වුසිතං බ්‍රහ්‌මචරියං කතං කරණීයං නාපරං ඉත්‌ථත්‌තායාති පජානාති.

පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුවගේ අවිද්‍යාව ප්‍රහාණය වෙලා ගියා නම්, විද්‍යාව පහළ වුණා නම්, අවිද්‍යාව දුරු වුණ නිසා, විද්‍යාව ඉපදුණ නිසා ඔහු පුණ්‍ය වූ සංස්කාර රැස් කරන්නේ නෑ. අපුණ්‍ය වූ සංස්කාර රැස් කරන්නෙත් නෑ. ආනෙඤ්ජ වූ සංස්කාර රැස් කරන්නෙත් නෑ. සංස්කාර රැස් නොකර ඉන්න කොට, චේතනාව සකස් නොකර ඉන්න කොට ලෝකයේ කිසි දේකට බැඳෙන්නෙ නෑ. නොබැඳෙන නිසා තැති ගන්නෙ නෑ. තැති නොගැනීම නිසා තමන් තුළම පිරිනිවීමට පත්වෙනවා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. ආයෙත් නම් නැවත උපතක් නැතැ’යි කියලා අවබෝධ වෙනවා.

සෝ සුඛං චේ වේදනං වේදියති, සා අනිච්‌චාති පජානාති. අනජ්‌ඣෝසිතාති පජානාති. අනභිනන්‌දිතාති පජානාති. දුක්‌ඛං චේ වේදනං වේදියති, සා අනිච්‌චාති පජානාති. අනජ්‌ඣෝසිතාති පජානාති. අනභිනන්‌දිතාති පජානාති. අදුක්‌ඛමසුඛං චේ වේදනං වේදියති, සා අනිච්‌චාති පජානාති. අනජ්‌ඣෝසිතාති පජානාති. අනභිනන්‌දිතාති පජානාති. සෝ සුඛං චේ වේදනං වේදියති, විසඤ්ඤුත්‌තෝ නං වේදනං වේදියති. දුක්‌ඛං චේ වේදනං වේදියති, විසඤ්ඤුත්‌තෝ නං වේදනං වේදියති. අදුක්‌ඛමසුඛං චේ වේදනං වේදියති, විසඤ්ඤුත්‌තෝ නං වේදනං වේදියති.

ඔහු (ඒ රහතන් වහන්සේ) යම් හෙයකින් විඳින්නේ සැප විඳීමක් නම් ඒක අනිත්‍යයි කියලා දන්නවා. ඒකෙ සිත බැසගන්නෙ නෑ කියල දන්නවා. ඒක සිතින් පිළිගන්නෙ නෑ කියලත් දන්නවා. යම් හෙයකින් විඳින්නේ දුක් විඳීමක් නම් ඒක අනිත්‍යයි කියලා දන්නවා. ඒකෙ සිත බැසගන්නෙ නෑ කියල දන්නවා. ඒක සිතින් පිළිගන්නෙ නෑ කියලත් දන්නවා. යම් හෙයකින් විඳින්නේ දුක් සැප රහිත විඳීමක් නම් ඒක අනිත්‍යයි කියල දන්නවා. ඒකෙ සිත බැසගන්නෙ නෑ කියල දන්නවා. ඒක සිතින් පිළිගන්නෙ නෑ කියලත් දන්නවා.

ඔහු යම් හෙයකින් විඳින්නේ සැප විඳීමක් නම් ඒ විඳීම විඳින්නේ එය හා එක් නොවුණ සිතින්මයි. යම් හෙයකින් විඳින්නේ දුක් විඳීමක් නම් ඒ විඳීම විඳින්නේ එය හා එක් නොවුණ සිතින්මයි. යම් හෙයකින් විඳින්නේ දුක් සැප රහිත විඳීමක් නම් ඒ විඳීම විඳින්නේ එය හා එක් නොවුණ සිතින්මයි.

සෝ කායපරියන්‌තිකං වේදනං වේදයමානෝ කායපරියන්‌තිකං වේදනං වේදයාමීති පජානාති. ජීවිතපරියන්‌තිකං වේදනං වේදයමානෝ ජීවිතපරියන්‌තිකං වේදනං වේදයාමීති පජානාති. කායස්‌ස භේදා උද්‌ධං ජීවිතපරියාදානා ඉධේව සබ්‌බවේදයිතානි අනභිනන්‌දිතානි සීතීභවිස්‌සන්‌ති. සරීරානි අවසිස්‌සන්‌තීති පජානාති.

ඔහු කය පවතින තාක් විඳින විඳීම විඳිද්දී, මං කය පවතින තාක් විඳින විඳීමක් තමයි විඳින්නේ කියල දැනගන්නවා. ජීවිතය පවතින තාක් විඳින විඳීම විඳිද්දී, මං ජීවිතය පවතින තාක් විඳින විඳීමක් තමයි විඳින්නේ කියල දැනගන්නවා.

කය බිඳී ගොස් ජීවිතය අවසන් වන්නට කලින්ම තමා විසින් නොපිළිගන්නා ලද ඒ සියලු විඳීම් මෙලොවදීම සිහිල් වෙලා යනවා කියලා, ශරීරය විතරක් ඉතුරු වෙනවා කියලා දැනගන්නවා.

සෙය්‍යථාපි භික්ඛවේ පුරිසෝ කුම්‌භකාරපාකා උණ්‌හං කුම්‌භං උද්‌ධරිත්‌වා සමේ භූමිභාගේ පතිවිසෙය්‍ය, තත්‍ර යායං උස්‌මා සා තත්‌ථේ ව වූපසමෙය්‍ය, කපල්‌ලානි අවසිස්‌සෙය්‍යුං. ඒවමේව ඛෝ භික්ඛවේ භික්‌ඛු කායපරියන්‌තිකං වේදනං වේදියමානෝ කායපරියන්‌තිකං වේදනං වේදියාමීති පජානාති. ජීවිතපරියන්‌තිකං වේදනං වේදියමානෝ ජීවිතපරියන්‌තිකං වේදනං වේදියාමීති පජානාති. කායස්‌ස භේදා උද්‌ධං ජීවිතපරියාදානා ඉධේව සබ්‌බවේදයිතානි අනභිනන්‌දිතානි සීතීභවිස්‌සන්‌ති, සරීරානි අවසිස්‌සන්‌තීති පජානාති.

පින්වත් මහණෙනි, ඒක හරියට කුඹල්කරුවෙක් උණුසුම් කළයක් උඳුනෙන් අයින් කරලා බිම තිබ්බා වගෙයි. ඒ කලයේ යම්කිසි රස්නෙ ගතියක් තිබුණා නම්, ඒක එතනම සංසිඳිලා යනවා. වළං කැබැල්ල විතරක් ඉතුරු වෙනවා. පින්වත් මහණෙනි, මේකත් ඒ වගේමයි. භික්ෂුව කය පවතින තාක් විඳින විඳීම විඳිද්දී, මං කය පවතින තාක් විඳින විඳීමක් තමයි විඳින්නේ කියල දැනගන්නවා. ජීවිතය පවතින තාක් විඳින විඳීම විඳිද්දී, මං ජීවිතය පවතින තාක් විඳින විඳීමක් තමයි විඳින්නේ කියල දැනගන්නවා.

කය බිඳී ගොස් ජීවිතය අවසන් වන්නට කලින්ම තමා විසින් නොපිළිගන්නා ලද ඒ සියලු විඳීම් මෙලොවදීම සිහිල් වෙලා යනවා කියලා, ශරීරය විතරක් ඉතුරු වෙනවා කියලා දැනගන්නවා.

තං කිං මඤ්‌ඤථ භික්ඛවේ, අපි නු ඛෝ ඛීණාසවෝ භික්‌ඛු පුඤ්‌ඤාභිසංඛාරං වා අභිසංඛරෙය්‍ය, අපුඤ්‌ඤාභිසංඛාරං වා අභිසංඛරෙය්‍ය, ආනෙඤ්‌ජාභිසංඛාරං වා අභිසංඛරෙය්‍යාති? නෝ හේතං භන්තේ. සබ්‌බසෝ වා පන සංඛාරේසු අසති සංඛාරනිරෝධා අපි නු ඛෝ විඤ්‌ඤාණං පඤ්‌ඤායේථාති? නෝ හේතං භන්තේ. සබ්‌බසෝ වා පන විඤ්‌ඤාණේ අසති විඤ්‌ඤාණනිරෝධා අපි නු ඛෝ නාමරූපං පඤ්‌ඤායේථා ති? නෝ හේතං භන්තේ. සබ්‌බසෝ වා පන නාමරූපේ අසති නාමරූපනිරෝධා අපි නු ඛෝ සළායතනං පඤ්‌ඤායේථා ති? නෝ හේතං භන්තේ . සබ්‌බසෝ වා පන සළායතනේ අසති සළායතනනිරෝධා අපි නු ඛෝ ඵස්සෝ පඤ්‌ඤායේථා ති? නෝ හේතං භන්තේ. සබ්‌බසෝ වා පන ඵස්‌සේ අසති ඵස්‌සනිරෝධා අපි නු ඛෝ වේදනා පඤ්‌ඤායේථා ති? නෝ හේතං භන්තේ. සබ්‌බසෝ වා පන වේදනාය අසති වේදනානිරෝධා අපි නු ඛෝ තණ්‌හා පඤ්‌ඤායේථා ති? නෝ හේතං භන්තේ. සබ්‌බසෝ වා පන තණ්‌හාය අසති තණ්‌හානිරෝධා අපි නු ඛෝ උපාදානං පඤ්‌ඤායේථා ති? නෝ හේතං භන්තේ. සබ්‌බසෝ වා පන උපාදානේ අසති උපාදානනිරෝධා අපි නු ඛෝ භවෝ පඤ්‌ඤායේථා ති. නෝ හේතං භන්තේ . සබ්‌බසෝ වා පන භවේ අසති භවනිරෝධා අපි නු ඛෝ ජාති පඤ්‌ඤායේථා ති? නෝ හේතං භන්තේ. සබ්‌බසෝ වා පන ජාතියා අසති ජාතිනිරෝධා අපි නු ඛෝ ජරාමරණං පඤ්‌ඤායේථා ති? නෝ හේතං භන්තේ.

පින්වත් මහණෙනි, මොකක්ද මේ ගැන හිතන්නේ? ආශ්‍රවයන් ක්ෂය කරපු රහත් භික්ෂුව පුණ්‍ය වූ සංස්කාරවත් රැස් කරනවාද? අපුණ්‍ය වූ සංස්කාර වත් රැස් කරනවාද? ආනෙඤ්ජ වූ සංස්කාරවත් රැස් කරනවාද?”

“ස්වාමීනී, මෙය වෙන්නෙම නෑ.”

“ඒ සංස්කාර මුළුමනින්ම නැතිනම්, සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණයේ පැවැත්මක් දකින්න තිබෙනවාද?”

“ස්වාමීනී, මෙය වෙන්නෙම නෑ.”

“ඒ විඤ්ඤාණය මුළුමනින්ම නැතිනම්, විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූපයක පැවැත්මක් දකින්න තිබෙනවාද?”

“ස්වාමීනී, මෙය වෙන්නෙම නෑ.”

“ඒ නාමරූප මුළුමනින්ම නැතිනම්, නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හයක පැවැත්මක් දකින්න තිබෙනවාද?”

“ස්වාමීනී, මෙය වෙන්නෙම නෑ.”

“ඒ ආයතන හය මුළුමනින්ම නැතිනම්, ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශයක පැවැත්මක් දකින්න තිබෙනවාද?”

“ස්වාමීනී, මෙය වෙන්නෙම නෑ.”

“ඒ ස්පර්ශය මුළුමනින්ම නැතිනම්, ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීමක පැවැත්මක් දකින්න තිබෙනවාද?”

“ස්වාමීනී, මෙය වෙන්නෙම නෑ.”

“ඒ විඳීම මුළුමනින්ම නැතිනම්, විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාවක පැවැත්මක් දකින්න තිබෙනවාද?”

“ස්වාමීනී, මෙය වෙන්නෙම නෑ.”

“ඒ තණ්හාව මුළුමනින්ම නැතිනම්, තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානයක පැවැත්මක් දකින්න තිබෙනවාද?”

“ස්වාමීනී, මෙය වෙන්නෙම නෑ.”

“ඒ උපාදාන මුළුමනින්ම නැතිනම්, උපාදාන නිරුද්ධ වීමෙන් භවයක පැවැත්මක් දකින්න තිබෙනවාද?”

“ස්වාමීනී, මෙය වෙන්නෙම නෑ.”

“ඒ භවය මුළුමනින්ම නැතිනම්, භවය නිරුද්ධ වීමෙන් ඉපදීමක පැවැත්මක් දකින්න තිබෙනවාද?”

“ස්වාමීනී, මෙය වෙන්නෙම නෑ.”

“ඒ ඉපදීම මුළුමනින්ම නැතිනම්, ඉපදීම නිරුද්ධ වීමෙන් ජරාමරණවල පැවැත්මක් දකින්න තිබෙනවාද?”

“ස්වාමීනී, මෙය වෙන්නෙම නෑ.”

සාධු සාධු ඛෝ භික්ඛවේ, ඒවමේවේතං භික්ඛවේ නේතං අඤ්‌ඤථා, සද්‌දහථ ඒවමේවේතං භික්ඛවේ අධිමුච්‌චථ. නික්‌කංඛා එත්‌ථ හෝථ නිබ්‌බිචිකිච්‌ඡා. ඒසේවන්‌තෝ දුක්‌ඛස්‌සා’ති.

“සාදු! සාදු! පින්වත් මහණෙනි, ඔය විදිහටමයි ඕක වෙන්නේ. පින්වත් මහණෙනි, වෙන විදිහකට ඕක වෙන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඔය විදිහටමයි ඕක වෙන්නේ කියලා ශ්‍රද්ධාවමයි ඇති කරගන්න ඕන. මේ ගැන විශ්වාසයක්මයි ඇති කරගන්න ඕන. නිසැක බවක්මයි ඇති කරගන්න ඕන. ඕකමයි මේ දුකේ කෙළවර (එනම් නිවනයි).”

සාදු! සාදු!! සාදු!!!

පරිවීමංසන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-6-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M