සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.7.5. නගර සුත්තං

1.7.5. නගරයක් සොයා ගැනීම ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………..

පුබ්බේව මේ භික්ඛවේ සම්බෝධා අනභිසම්‌බුද්‌ධස්‌ස බෝධිසත්‌තස්‌සේව සතෝ ඒතදහෝසි. කිච්‌ඡං වතායං ලෝකෝ ආපන්නෝ ජායති ච ජීයති ච මීයති ච චවති ච උපපජ්‌ජතිච. අථ ච පනිමස්‌ස දුක්‌ඛස්‌ස නිස්‌සරණං න පජානාති ජරාමරණස්‌ස. කුදාස්‌සු නාම ඉමස්‌ස දුක්‌ඛස්‌ස නිස්‌සරණං පඤ්‌ඤායිස්‌සති ජරාමරණස්‌සාති. තස්‌ස මය්‌හං භික්ඛවේ ඒතදහෝසි. කිම්‌හි නු ඛෝ සති ජරාමරණං හෝති, කිංපච්චයා ජරාමරණන්‌ති. තස්‌ස මය්‌හං භික්ඛවේ යෝනිසෝ මනසිකාරා අහු පඤ්‌ඤාය අභිසමයෝ. ජාතියා ඛෝ සති ජරාමරණං හෝති. ජාතිපච්‌චයා ජරාමරණන්‌ති.

පින්වත් මහණෙනි, සම්බුද්ධත්වයට කලින්, සම්බුද්ධත්වයට පත් නොවී සිටියදී, බෝසත්ව සිටියදීම (බෝධි මූලයේදී) මා හට මේ විදිහට හිතුණා. ‘අහෝ! මේ ලෝක සත්වයා ඒකාන්තයෙන්ම දුකට වැටිලයි ඉන්නේ. ඉපදෙනවා, මහළු වෙනවා, මැරෙනවා, චුත වෙනවා, ආයෙමත් උපදිනවා. එහෙම වෙලත් මේ ජරා මරණ දුකින් නිදහස් වීමක් ගැන දන්නේ නෑ. කවරදාක නම් මේ ජරා මරණ දුකෙන් නිදහස් වීමක් දැකගන්නට ලැබේවිද?’

ඉතින් පින්වත් මහණෙනි, එතකොට මට මෙහෙම හිතුණා. ‘කුමක් තිබුණොත්ද ජරා මරණ ඇතිවෙන්නේ? කුමක් හේතු කරගෙනද ජරා මරණ ඇතිවෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, මම ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘ඉපදීම තියෙන කොට තමයි ජරා මරණ ඇති වෙන්නේ. ඉපදීම හේතු කරගෙනයි ජරා මරණ ඇතිවෙන්නේ’

තස්‌ස මය්‌හං භික්ඛවේ ඒතදහෝසි. කිම්‌හි නු ඛෝ සති ජාති හෝති ….(පෙ)…. භවෝ හෝති ….(පෙ)…. උපාදානං හෝති ….(පෙ)…. තණ්‌හා හෝති ….(පෙ)…. වේදනා හෝති ….(පෙ)…. ඵස්සෝ හෝති ….(පෙ)…. සළායතනං හෝති ….(පෙ)…. කිම්හි නු ඛෝ සති නාමරූපං හෝති, කිම්පච්චයා නාමරූපන්‌ති. තස්‌ස මය්‌හං භික්ඛවේ යෝනිසෝ මනසිකාරා අහු පඤ්‌ඤාය අභිසමයෝ. විඤ්‌ඤාණේ ඛෝ සති නාමරූපං හෝති. විඤ්‌ඤාණපච්‌චයා නාමරූපන්‌ති.

තස්‌ස මය්‌හං භික්ඛවේ ඒතදහෝසි. කිම්‌හි නු ඛෝ සති විඤ්‌ඤාණං හෝති, කිම්පච්චයා විඤ්‌ඤාණන්‌ති? තස්‌ස මය්‌හං භික්ඛවේ යෝනිසෝ මනසිකාරා අහු පඤ්‌ඤාය අභිසමයෝ. නාමරූපේ ඛෝ සති විඤ්‌ඤාණං හෝති, නාමරූපපච්‌චයා විඤ්‌ඤාණන්‌ති.

පින්වත් මහණෙනි, මට මෙහෙම හිතුණා. ‘කුමක් තිබුණොත්ද ඉපදීම තිබෙන්නේ? ….(පෙ)…. භවය තිබෙන්නේ? ….(පෙ)…. උපාදාන තිබෙන්නේ? ….(පෙ)…. තණ්හාව තිබෙන්නේ? ….(පෙ)…. විඳීම තිබෙන්නේ? ….(පෙ)…. ස්පර්ශය තිබෙන්නේ? ….(පෙ)…. ආයතන හය තිබෙන්නේ? ….(පෙ)…. නාමරූප තිබෙන්නේ? කුමක් හේතු කොටගෙනද නාමරූප ඇතිවන්නේ? පින්වත් මහණෙනි, ඒ ගැන නුවණින් මෙනෙහි කරන මට ප්‍රඥාවෙන් අවබෝධ වුණා, විඤ්ඤාණය තිබුණොත් තමයි නාමරූප තිබෙන්නේ. විඤ්ඤාණය හේතු කොටගෙනයි නාමරූප ඇතිවන්නේ. ඉතින් පින්වත් මහණෙනි, මට මෙහෙම හිතුණා. කුමක් තිබුණොත්ද විඤ්ඤාණය තිබෙන්නේ? කුමක් හේතු කොට ගෙනද විඤ්ඤාණය ඇතිවෙන්නේ? පින්වත් මහණෙනි, ඒ ගැන නුවණින් මෙනෙහි කරන මට ප්‍රඥාවෙන් අවබෝධ වුණා. නාමරූප තිබුණොත් තමයි විඤ්ඤාණය තිබෙන්නේ. නාමරූප හේතු කොට ගෙනයි විඤ්ඤාණය ඇතිවෙන්නේ.

තස්‌ස මය්‌හං භික්ඛවේ ඒතදහෝසි. පච්‌චුදාවත්‌තති ඛෝ ඉදං විඤ්‌ඤාණං, නාමරූපම්‌හා න පරං ගච්‌ඡති. එත්‌තාවතා ජායේථ වා ජීයේථ වා මීයේථ වා චවේථ වා උපපජ්‌ජේථ වා යදිදං නාමරූපපච්‌චයා විඤ්‌ඤාණං, විඤ්‌ඤාණ පච්‌චයා නාමරූපං, නාමරූප පච්‌චයා සළායතනං, සළායතනපච්‌චයා ඵස්සෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝතී’ති.

ඉතින් පින්වත් මහණෙනි, මට මෙහෙම හිතුණා. මේ විඤ්ඤාණය එතැනටමයි කැරකිලා එන්නේ. නාමරූපයෙන් බැහැරට නම් යන්නෙ නෑ. එපමණකින්මයි ඉපදීමක් තියෙන්නේ. මහළුවීමකුත් තියෙන්නේ. මරණයකුත් තියෙන්නේ. චුතවීමකුත් තියෙන්නේ. ආයෙමත් ඉපදීමකුත් තියෙන්නේ. ඒ කියන්නේ නාමරූප හේතු කොටගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. විඤ්ඤාණය හේතු කොටගෙන නාමරූප ඇතිවෙනවා. නාමරූප හේතු කොටගෙන ආයතන හය ඇතිවෙනවා. ආයතන හය හේතු කොට ගෙන ස්පර්ශය ඇතිවෙනවා. ….(පෙ)…. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ.

‘සමුදයෝ සමුදයෝ’ති ඛෝ මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්‌සුතේසු ධම්මේසු, චක්‌ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්‌ඤා උදපාදි, විජ්‌ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, (මේ දුක) හටගන්නවා! හටගන්නවා! කියල කවදාවත් අසා නැති මේ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව දහම් ඇස පහළ වුණා. නුවණ පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා.

තස්‌ස මය්‌හං භික්ඛවේ ඒතදහෝසි. කිම්‌හි නු ඛෝ අසති ජරාමරණං න හෝති, කිස්‌ස නිරෝධා ජරාමරණනිරෝධෝති? තස්‌ස මය්‌හං භික්ඛවේ යෝනිසෝමනසිකාරා අහු පඤ්‌ඤාය අභිසමයෝ. ජාතියා ඛෝ අසති ජරාමරණං න හෝති, ජාතිනිරෝධා ජරාමරණනිරෝධෝති.

ඉතින් පින්වත් මහණෙනි, එතකොට මට මෙහෙම හිතුණා. ‘කුමක් නැති වුණොත්ද ජරා මරණ නැති වෙන්නේ? කුමක් නිරෝධයෙන්ද ජරා මරණ නිරුද්ධ වෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, මම ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘ඉපදීම නිරුද්ධ වෙන කොට තමයි ජරා මරණ නැති වෙන්නේ. ඉපදීම නිරුද්ධ වෙන කොටයි ජරා මරණ නිරුද්ධ වෙන්නේ’

තස්‌ස මය්‌හං භික්ඛවේ ඒතදහෝසි. කිම්‌හි නු ඛෝ අසති ජාති න හෝති ….(පෙ)…. භවෝ න හෝති ….(පෙ)…. උපාදානං න හෝති ….(පෙ)…. තණ්‌හා න හෝති ….(පෙ)…. වේදනා න හෝති ….(පෙ)…. ඵස්සෝ න හෝති ….(පෙ)…. සළායතනං න හෝති ….(පෙ)…. නාමරූපං න හෝති, කිස්‌ස නිරෝධා නාමරූපනිරෝධෝති? තස්‌ස මය්‌හං භික්ඛවේ යෝනිසෝමනසිකාරා අහු පඤ්‌ඤාය අභිසමයෝ. විඤ්‌ඤාණේ ඛෝ අසති නාමරූපං න හෝති, විඤ්‌ඤාණනිරෝධා නාමරූපනිරෝධෝ’ති.

ඉතින් පින්වත් මහණෙනි, මට මෙහෙම හිතුණා. ‘කුමක් නැති වුණොත්ද ඉපදීම නැති වෙන්නේ? ….(පෙ)…. භවය නැති වෙන්නේ? ….(පෙ)…. උපාදාන නැති වෙන්නේ? ….(පෙ)…. තණ්හාව නැති වෙන්නේ? ….(පෙ)…. විඳීම නැති වෙන්නේ? ….(පෙ)…. ස්පර්ශය නැති වෙන්නේ? ….(පෙ)…. ආයතනය හය නැති වෙන්නේ? ….(පෙ)…. නාමරූප නැති වෙන්නේ? කුමක් නිරුද්ධ වීමෙන්ද නාමරූප නිරුද්ධ වෙන්නේ? පින්වත් මහණෙනි, ඒ ගැන නුවණින් මෙනෙහි කරන මට ප්‍රඥාවෙන් අවබෝධ වුණා, ‘විඤ්ඤාණය නැතිවුණොත් තමයි නාමරූප නැතිවෙන්නේ. විඤ්ඤාණය නිරුද්ධ වෙන කොටයි නාමරූප නිරුද්ධ වෙන්නේ’ කියලා.

තස්‌ස මය්‌හං භික්ඛවේ ඒතදහෝසි. කිම්‌හි නු ඛෝ අසති විඤ්‌ඤාණං න හෝති, කිස්‌ස නිරෝධා විඤ්‌ඤාණනිරෝධෝති. තස්‌ස මය්‌හං භික්ඛවේ යෝනිසෝමනසිකාරා අහු පඤ්‌ඤාය අභිසමයෝ. නාමරූපේ ඛෝ අසති විඤ්‌ඤාණං න හෝති, නාමරූපනිරෝධා විඤ්‌ඤාණනිරෝධෝ’ති.

ඉතින් පින්වත් මහණෙනි, මට මෙහෙම හිතුණා. කුමක් නැතිවුණොත් ද විඤ්ඤාණය නැතිවෙන්නේ? කුමක් නිරුද්ධ වීමෙන්ද විඤ්ඤාණය නිරුද්ධ වන්නේ? පින්වත් මහණෙනි, ඒ ගැන නුවණින් මෙනෙහි කරන මට ප්‍රඥාවෙන් අවබෝධ වුණා. නාමරූප නැතිවුණොත් තමයි විඤ්ඤාණය නැතිවෙන්නේ. නාමරූප නිරුද්ධ වෙනකොටයි විඤ්ඤාණය නිරුද්ධ වෙන්නේ.

තස්‌ස මය්‌හං භික්ඛවේ ඒතදහෝසි. අධිගතෝ ඛෝ ම්‍යායං මග්ගෝ බෝධාය, යදිදං නාමරූපනිරෝධා විඤ්‌ඤාණනිරෝධෝ විඤ්‌ඤාණනිරෝධා නාමරූපනිරෝධෝ නාමරූපනිරෝධා සළායතනනිරෝධෝ සළායතනනිරෝධා ඵස්‌සනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝතී’ති.

පින්වත් මහණෙනි, මට මෙහෙම හිතුණා. ආර්ය සත්‍යාවබෝධය පිණිස පවතින මේ මාර්ගය මං අවබෝධ කරගත්තා. ඒ කියන්නේ නාමරූප නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙනවා. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ….(පෙ)…. ඔන්න ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වන්නේ.

‘නිරෝධෝ නිරෝධෝ’ති ඛෝ මේ භික්ඛවේ පුබ්බේ අනනුස්‌සුතේසු ධම්මේසු චක්‌ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්‌ඤා උදපාදි, විජ්‌ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, (මේ දුක) නිරුද්ධ වෙනවා! නිරුද්ධ වෙනවා! කියල කලින් නොඇසූ විරූ මේ ධර්මයන් ගැන දහම් ඇස පහළ වුණා. ඤාණය පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා.

සෙය්‍යථාපි භික්ඛවේ පුරිසෝ අරඤ්‌ඤේ පවනේ චරමානෝ පස්‌සෙය්‍ය පුරාණං මග්‌ගං පුරාණඤ්‌ජසං පුබ්‌බකේහි මනුස්‌සේහි අනුයාතං. සෝ තමනුගච්‌ඡෙය්‍ය., තමනුගච්‌ඡන්‌තෝ පස්‌සෙය්‍ය පුරාණං නගරං, පුරාණං රාජධානිං, පුබ්‌බකේහි මනුස්‌සේහි අජ්‌ඣාවුත්ථං ආරාමසම්‌පන්‌නං වනසම්‌පන්‌නං පොක්‌ඛරණිසම්‌පන්‌නං උද්‌දාපං රමණීයං. අථ ඛෝ සෝ භික්ඛවේ, පුරිසෝ රඤ්‌ඤෝ වා රාජමහාමත්‌තස්‌ස වා ආරෝචෙය්‍ය. යග්‌ඝේ භන්තේ ජානෙය්‍යාසි, අහං අද්‌දසං අරඤ්‌ඤේ පවනේ චරමානෝ පුරාණං මග්‌ගං පුරාණඤ්‌ජසං පුබ්‌බකේහි මනුස්‌සේහි අනුයාතං. තමනුගච්‌ඡිං. තමනුගච්‌ඡන්‌තෝ අද්‌දසං පුරාණං නගරං, පුරාණං රාජධානිං, පුබ්‌බකේහි මනුස්‌සේහි අජ්‌ඣාවුත්ථං ආරාමසම්‌පන්‌නං වනසම්‌පන්‌නං පොක්‌ඛරණිසම්‌පන්‌නං උද්‌දාපං රමණීයං. තම්භන්තේ නගරං මාපේහීති.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. මහ වනාන්තරයක ඇවිදගෙන යන පුරුෂයෙක් ඉන්නවා කියලා හිතමු. ඉතින් මේ පුරුෂයාට පුරාණයේ හිටපු මිනිසුන් භාවිතා කරපු පැරැණි මාර්ගයක්, පැරණි මාවතක් හමුවෙනවා. ඉතින් ඒ පුරුෂයා ඒ පාර දිගේම යනවා. ඒ පාර දිගේම යන කොට පුරාණයේ හිටපු මිනිසුන් වාසය කරපු පුරාණ නගරයක්, පුරාණ රාජධානියක් හමුවෙනවා. ඒක වන උයන් තියෙන, මල් උයන් තියෙන, පොකුණු පවුරු තියෙන ලස්සන තැනක්. ඉතින් පින්වත් මහණෙනි, ඔය පුරුෂයා රජතුමාට හරි රාජ මහා අමාත්‍යයෙකුට හරි මේ ගැන දැනුම් දෙනවා. ‘භවත් හිමියෙනි, ඔබ දන්නවාද? මං මහා වනයේ ඇවිදගෙන යද්දී පුරාණයේ හිටපු මිනිසුන් භාවිතා කරපු පැරණි මාර්ගයක්, පැරණි මාවතක් හමුවුණා. ඉතින් මං ඒ පාර දිගේම ගියා. ඒ පාර දිගේම යන කොට පුරාණයේ හිටපු මිනිසුන් වාසය කරපු පුරාණ නගරයක්, පුරාණ රාජධානියක් හමුවුණා. ඒක වන උයන් තියෙන, මල් උයන් තියෙන, පොකුණු පවුරු තියෙන ලස්සන තැනක්. හිමියෙනි, ඒක නගරයක් කළ මැනැව’ කියලා.

අථ ඛෝ භික්ඛවේ රාජා වා රාජමහාමත්‌තෝ වා තං නගරං මාපෙය්‍ය, තදස්‌ස නගරං අපරේන සමයේන ඉද්‌ධඤ්‌චේව ඵීතඤ්‌ච බාහුජඤ්‌ඤං ආකිණ්‌ණමනුස්‌සං වුද්‌ධිං වේපුල්‌ලප්‌පත්‌තං. ඒවමේව ඛ්‌වාහං භික්ඛවේ අද්‌දසං පුරාණං මග්‌ගං පුරාණඤ්‌ජසං පුබ්‌බකේහි සම්‌මාසම්‌බුද්‌ධේහි අනුයාතං.

එතකොට පින්වත් මහණෙනි, ඒ රජතුමා හරි, ඒ රාජ මහා අමාත්‍යයා හරි එතැන නගරයක් නිර්මාණය කරනවා. කලක් යනකොට ඒ නගරය සමෘද්ධිමත් වෙනවා. සියලු සැප සම්පතින් පිරෙනවා. බොහෝ ජනයාගෙන් පිරී ඉතිරී යනවා. මහත් සැප ලැබෙන ඉතා දියුණු තත්වයට පත්වෙනවා.

පින්වත් මහණෙනි, අන්න ඒ විදිහමයි. මමත් පුරාණයේ වැඩසිටි සම්බුදුවරයන් වහන්සේලා අනුගමනය කරපු පැරණි මාර්ගයක්, පැරණි මාවතක් දැකගත්තා.

කතමෝ ච සෝ භික්ඛවේ පුරාණමග්ගෝ පුරාණඤ්‌ජසෝ පුබ්‌බකේහි සම්‌මාසම්‌බුද්‌ධේහි අනුයාතෝ? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. සෙය්‍යථිදං. සම්‌මාදිට්‌ඨි ….(පෙ)…. සම්‌මාසමාධි. අයං ඛෝ සෝ භික්ඛවේ පුරාණමග්ගෝ පුරාණඤ්‌ජසෝ පුබ්‌බකේහි සම්‌මාසම්‌බුද්‌ධේහි අනුයාතෝ.

පින්වත් මහණෙනි, පුරාණයේ වැඩිසිටි සම්බුදුවරයන් වහන්සේලා අනුගමනය කරපු ඒ පැරණි මාර්ගය, ඒ පැරණි මාවත මොකක්ද? එය නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගමයි. එනම් සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධියයි. පින්වත් මහණෙනි, පුරාණයේ වැඩිසිටි සම්බුදුවරයන් වහන්සේලා අනුගමනය කරපු ඒ පැරණි මාර්ගය, ඒ පැරණි මාවත නම් මෙයයි.

තමනුගච්‌ඡිං, තමනුගච්‌ඡන්‌තෝ ජරාමරණං අබ්‌භඤ්‌ඤාසිං, ජරාමරණසමුදයං අබ්‌භඤ්‌ඤාසිං, ජරාමරණනිරෝධං අබ්‌භඤ්‌ඤාසිං, ජරාමරණනිරෝධගාමිනීපටිපදං අබ්‌භඤ්‌ඤාසිං. තමනුගච්‌ඡිං, තමනුගච්‌ඡන්‌තෝ ජාතිං අබ්‌භඤ්‌ඤාසිං ….(පෙ)…. භවං අබ්‌භඤ්‌ඤාසිං ….(පෙ)…. උපාදානං අබ්‌භඤ්‌ඤාසිං ….(පෙ)…. තණ්‌හං අබ්‌භඤ්‌ඤාසිං ….(පෙ)…. වේදනං අබ්‌භඤ්‌ඤාසිං ….(පෙ)…. ඵස්‌සං අබ්‌භඤ්‌ඤාසිං ….(පෙ)…. සළායතනං අබ්‌භඤ්‌ඤාසිං ….(පෙ)…. නාමරූපං අබ්‌භඤ්‌ඤාසිං ….(පෙ)…. විඤ්‌ඤාණං අබ්‌භඤ්‌ඤාසිං. ….(පෙ)…. විඤ්ඤාණනිරෝධගාමිනීපටිපදං අබ්‌භඤ්‌ඤාසිං, තමනුගච්‌ඡිං, තමනුගච්‌ඡන්‌තෝ සංඛාරේ අබ්‌භඤ්‌ඤාසිං, සංඛාරසමුදයං අබ්‌භඤ්‌ඤාසිං, සංඛාරනිරෝධං අබ්‌භඤ්‌ඤාසිං, සංඛාරනිරෝධගාමිනීපටිපදං අබ්‌භඤ්‌ඤාසිං.

මං ඒ මාර්ගයේ ගමන් කළා. මං ඒ මාර්ගයේ ගමන් කරද්දී ජරා මරණ අවබෝධ කළා. ජරා මරණයේ හට ගැනීම අවබෝධ කළා. ජරා මරණ නිරුද්ධ වීම අවබෝධ කළා. ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව අවබෝධ කළා. මං ඒ මාර්ගයේ ගමන් කළා. මං ඒ මාර්ගයේ ගමන් කරද්දී ඉපදීම අවබෝධ කළා ….(පෙ)…. භවය අවබෝධ කළා ….(පෙ)…. උපාදාන අවබෝධ කළා ….(පෙ)…. තණ්හාව අවබෝධ කළා ….(පෙ)…. විඳීම අවබෝධ කළා ….(පෙ)…. ස්පර්ශය අවබෝධ කළා ….(පෙ)…. ආයතන හය අවබෝධ කළා ….(පෙ)…. නාමරූප අවබෝධ කළා ….(පෙ)…. විඤ්ඤාණය අවබෝධ කළා ….(පෙ)…. විඤ්ඤාණය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව අවබෝධ කළා. මං ඒ මාර්ගයේ ගමන් කළා. මං ඒ මාර්ගයේ ගමන් කරද්දී සංස්කාර අවබෝධ කළා. සංස්කාරවල හට ගැනීම අවබෝධ කළා. සංස්කාර නිරුද්ධ වීම අවබෝධ කළා. සංස්කාර නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව අවබෝධ කළා.

තදභිඤ්‌ඤා ආචික්‌ඛිං භික්‌ඛූනං භික්‌ඛුනීනං උපාසකානං උපාසිකානං. තයිදං භික්ඛවේ බ්‍රහ්‌මචරියං ඉද්‌ධඤ්‌චේව ඵීතඤ්‌ච විත්‌ථාරිකං බාහුජඤ්‌ඤං පුථුභූතං යාව දේවමනුස්‌සේහි සුප්‌පකාසිතන්‌ති.

පින්වත් මහණෙනි, මං ඒ විදිහට අවබෝධ කරගෙන, භික්ෂූන්ටත් භික්ෂුණීන්ටත් උපාසකයන්ටත් උපාසිකාවන්ටත් ප්‍රකාශ කළා. පින්වත් මහණෙනි, ඉතින් ඒ මේ බඹසර දැන් සමෘද්ධිමත් වෙලා තියෙනවා. සියලු යහපතින් පිරිලා තියෙනවා. පැතිරිලා තියෙනවා. බොහෝ ජනයා අතර පුළුල්ව පැතිරිලා තියෙනවා. යම්තාක් බුද්ධිමත් මිනිසුන් විසින් ප්‍රකාශ කරලත් තියෙනවා.

සාදු! සාදු!! සාදු!!!

නගර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-7-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M