සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.9.9.1 – 1.9.9.11. සාතච්ච වග්ගෝ

1.9.9.1 – 1.9.9.11. සාතච්ච වර්ගය

ජරා මරණාදී සූත්‍ර

ජරා මරණාදිය ගැන වදාළ දෙසුම

170 – 180. ජරාමරණං භික්ඛවේ අජානතා අපස්‌සතා යථාභූතං ජරාමරණේ යථාභූතං ඤාණාය සාතච්‌චං කරණීයන්ති.

170-180. පින්වත් මහණෙනි, ජරා මරණ ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා, නොදක්නා තැනැත්තා විසින් ඒ ජරා මරණ පිළිබඳව යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි නිතර නිතරම සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ …..(පෙ)…. ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා, නොදක්නා තැනැත්තා විසින් ඒ ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව පිළිබඳව යථාභූත ඤාණය ලබාගැනීම පිණිසයි නිතර නිතරම සතර සතිපට්ඨානාදී භාවනා වැඩිය යුත්තේ.

(සියල්ලම චතුරාර්ය සත්‍යයට ගලපා තේරුම් ගත යුතුය.)

සාදු! සාදු!! සාදු!!!

ජරා මරණාදී සූත්‍ර නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-9-9-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M