සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

3.1.8. ගංගා සුත්තං

3.1.8. ගංගා නදිය ගැන වදාළ දෙසුම

ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ. අථ ඛෝ අඤ්ඤතරෝ බ්‍රාහ්මණෝ යේන භගවා තේනුපසංකමි. ….(පෙ)…. ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ බ්‍රාහ්මණෝ භගවන්‌තං ඒතදවෝච. කීවබහුකා නු ඛෝ භෝ ගෝතම, කප්‌පා අබ්‌භතීතා අතික්‌කන්‌තා ති?

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙණුන්ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ. එදා එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා …. (පෙ) …. එකත්පස්ව හිටිය ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ගෙන් මේ කරුණ විමසුවා. “භවත් ගෞතමයන් වහන්ස, කල්ප කොච්චර ගණනක් ගෙවිල තියෙනවාද? ඉක්ම ගිහින් තියෙනවාද?”

බහුකා ඛෝ බ්‍රාහ්‌මණ කප්‌පා අබ්‌භතීතා අතික්‌කන්‌තා. තේ න සුකරා සංඛාතුං එත්‌තකා කප්‌පා ඉති වා, එත්‌තකානි කප්‌පසතානි ඉති වා, එත්‌තකානි කප්‌පසහස්‌සානි ඉති වා, එත්‌තකානි කප්‌පසතසහස්‌සානි ඉති වා ති.

“පින්වත් බ්‍රාහ්මණය, කල්පය ඉතාමත් දිගයි. ඒක මෙච්චර කාලයක් ය කියල මෙච්චර අවුරුදු ගණනක් කියල, මෙච්චර අවුරුදු සිය ගණනක් කියල, මෙච්චර අවුරුදු දහස් ගණනක් කියල, මෙච්චර අවුරුදු ලක්ෂ ගණනක් කියල, ගෙවිලා ගිය ඉක්ම ගිය කල්පයන් ගණනින් කියන එක ලේසි වැඩක් නොවෙයි.”

සක්‌කා පන භෝ ගෝතම උපමං කාතුන්‌ති? සක්‌කා බ්‍රාහ්‌මණා ති භගවා අවෝච. සෙය්‍යථාපි බ්‍රාහ්‌මණ යතෝ චායං ගංගා නදී පහෝති, යත්‌ථ ච මහාසමුද්‌දං අප්‌පේති, යා ච තස්‌මිං අන්තරේ වාලිකා, ඒසා න සුකරා සංඛාතුං එත්‌තකා වාලිකා ඉති වා, එත්‌තකානි වාලිකාසතානි ඉති වා, එත්‌තකානි වාලිකාසහස්‌සානි ඉති වා, එත්‌තකානි වාලිකාසතසහස්‌සානි ඉතිවා.

“ස්වාමීනි, උපමාවකින් පෙන්නා දෙන්න පුළුවන්ද?”

“පින්වත් බ්‍රාහ්මණය, ඒක පුළුවනි” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“පින්වත් බ්‍රාහ්මණය, ගංගා නදිය යම් තැනකින් පටන් අරගෙන යම් තැනකින් මහා සාගරයට පිවිසෙයි නම් ඒ අතර යම්තාක් වැලි ඇත්ද, එහි මෙපමණ වැලි කැට තියෙනවා, මෙපමණ වැලිකැට සියයක් තියෙනවා, මෙපමණ වැලිකැට දහසක් තියෙනවා කියල හෝ මෙපමණ වැලි කැට ලක්ෂයක් තියෙනවා කියල හෝ ගණන් කිරීම ලෙහෙසි දෙයක් නොවෙයි.

තතෝ බහුතරං ඛෝ බ්‍රාහ්‌මණ කප්‌පා අබ්‌භතීතා අතික්‌කන්‌තා. තේ න සුකරා සංඛාතුං එත්‌තකා කප්‌පා ඉති වා, එත්‌තකානි කප්‌පසතානි ඉති වා, එත්‌තකානි කප්‌පසහස්‌සානි ඉති වා, එත්‌තකානි කප්‌පසතසහස්‌සානි ඉති වාති. තං කිස්‌ස හේතු? අනමතග්‌ගෝයං බ්‍රාහ්‌මණ සංසාරෝ. ….(පෙ)…. අලං විමුච්‌චිතුන්‌ති.

පින්වත් බ්‍රාහ්මණය, ඔය ආකාරයට අතීතයට ගෙවිලා ගිය, ඉක්ම ගිය කල්ප ගණන නම් ඉතා ම වැඩියි. මෙපමණ කල්ප ගණනක් ගෙවිලා ගියා, මෙපමණ කල්ප සිය ගණනක් ගෙවිලා ගියා, මෙපමණ කල්ප දහස් ගණනක් ගෙවිලා ගියා, මෙපමණ කල්ප ලක්ෂ ගණනක් ගෙවිලා ගියා, කියල ගණන් කිරීම ලෙහෙසි නෑ. එයට හේතුව මොකක්ද? පින්වත් බ්‍රාහ්මණය, මේ ඉපදෙමින් මැරෙමින් පවතින ස්වභාවය අවසන් නොවන දෙයක්. …. (පෙ) …. නිදහස් වෙන්න ම යි වටින්නේ.”

ඒවං වුත්‌තේ සෝ බ්‍රාහ්මණෝ භගවන්‌තං ඒතදවෝච. අභික්‌කන්‌තං භෝ ගෝතම, අභික්‌කන්‌තං භෝ ගෝතම ….(පෙ)…. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්‌ජතග්‌ගෙ පාණුපේතං සරණං ගතන්‌ති.

මෙසේ වදාළ විට ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! …. (පෙ) …. භවත් ගෞතමයන් වහන්ස, අද පටන් මා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් වශයෙන් පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

ගංගා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_3-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M