සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

4.1.11. චීවර සුත්තං

4.1.11. සිවුර ගැන වදාළ දෙසුම

ඒකං සමයං ආයස්‌මා මහාකස්‌සපෝ රාජගහේ විහරති වේළුවනේ කලන්‌දකනිවාපේ. තේන ඛෝ පන සමයේන ආයස්‌මා ආනන්‌දෝ දක්‌ඛිණාගිරිස්‌මිං චාරිකං චරති මහතා භික්‌ඛුසංඝේන සද්‌ධිං.

තේන ඛෝ පන සමයේන ආයස්‌මතෝ ආනන්‌දස්‌ස තිංසමත්‌තා සද්‌ධිවිහාරිනෝ භික්‌ඛූ සික්‌ඛං පච්‌චක්‌ඛාය හීනායාවත්‌තා භවන්‌ති යේභුය්‍යේන කුමාරභූතා. අථ ඛෝ ආයස්‌මා ආනන්‌දෝ දක්‌ඛිණාගිරිස්‌මිං යථාභිරන්‌තං චාරිකං චරිත්‌වා යේන රාජගහං වේළුවනං කලන්‌දකනිවාපෝ, යේනායස්මා මහාකස්‌සපෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්‌මන්‌තං මහාකස්‌සපං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්‌නං ඛෝ ආයස්‌මන්‌තං ආනන්‌දං ආයස්‌මා මහාකස්‌සපෝ ඒතදවෝච. කති නු ඛෝ ආවුසෝ ආනන්‌ද අත්‌ථවසේ පටිච්‌ච භගවතා කුලේසු තිකභෝජනං පඤ්‌ඤත්‌තන්‌ති?

ඒ දිනවල ආයුෂ්මත් මහා කස්සප තෙරුන් වැඩසිටියේ රජගහ නුවර ලෙහෙණුන්ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ. ඒ දිනවල ආයුෂ්මත් ආනන්ද තෙරුන් මහත් භික්ෂු පිරිසක් සමඟ දක්ඛිණාගිරි ජනපදයේ චාරිකාවේ වඩිනවා. ඒ කාලයේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේ ශිෂ්‍ය වූ තරුණ වයසේ සිටින භික්ෂූන් වහන්සේලා තිහක් පමණ සිවුරු හැරලා ගියා. එතකොට ආයුෂ්මත් ආනන්ද තෙරුන් දක්ඛිණාගිරි ජනපදයේ කැමති තාක් චාරිකාවේ වැඩලා රජගහ නුවර ලෙහෙණුන්ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ වැඩසිටි ආයුෂ්මත් මහා කස්සප තෙරුන් ළඟට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් මහා කස්සප තෙරුන්ට වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ගෙන් ආයුෂ්මත් මහා කස්සප තෙරුන් මෙහෙම ඇහුවා.

“ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, භාග්‍යවතුන් වහන්සේ දායක ගෙවල්වලින් දන් වැළඳීමේදී තුන්දෙනෙක් විතරක් දන් වැළඳීමේ ශික්ෂා පදය වූ තික භෝජනය පණවා වදාළේ මොන වගේ අර්ථයක් සලකා ගෙනද?”

තයෝ ඛෝ භන්තේ කස්‌සප, අත්‌ථවසේ පටිච්‌ච භගවතා කුලේසු තිකභෝජනං පඤ්‌ඤත්‌තං. දුම්‌මං‌කූනං පුග්‌ගලානං නිග්‌ගහාය, පේසලානං භික්‌ඛූනං ඵාසුවිහාරාය, මා පාපිච්‌ඡා පක්‌ඛං නිස්‌සාය සංඝං භින්‌දෙය්‍යුං, කුලානුද්‌දයතාය ච. ඉමේ ඛෝ භන්තේ කස්‌සප තයෝ අත්‌ථවසේ පටිච්‌ච භගවතා කුලේසු තිකභෝජනං පඤ්‌ඤත්‌තන්‌ති.

“ස්වාමීනි, කස්සපයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් ආකාර වූ අර්ථයක් සළකා ගෙනයි ඔය තික භෝජන ශික්ෂා පදය පණවා වදාළේ. දුස්සීල පුද්ගලයන්ට නිග්‍රහ පිණිසත්, සුපේශල භික්ෂූන්ගේ සුව පහසු පැවැත්ම පිණිසත් යන පළමු කරුණත්, පාපී ආසා ඇති භික්ෂූන්ගේ පැත්ත ගෙන සංඝයා නොබිඳේවා යන දෙවන කරුණත්, දායක පවුල් ගැන ඇති අනුකම්පාව නිසා යන තුන් වන කරුණත් කියන මේ අර්ථය සළකා ගෙනයි, ස්වාමීනි කස්සපයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ තික භෝජන ශික්ෂා පදය පණවා වදාළේ.”

අථ කිඤ්‌චරහි ත්‌වං ආවුසෝ ආනන්‌ද ඉමේහි නවේහි භික්‌ඛූහි ඉන්‌ද්‍රියේසු අගුත්‌තද්‌වාරේහි භෝජනේ අමත්‌තඤ්‌ඤූහි ජාගරියං අනනුයුත්‌තේහි සද්‌ධිං චාරිකං චරසි? සස්‌සඝාතං මඤ්‌ඤේ චරසි. කුලූපඝාතං මඤ්‌ඤේ චරසි. ඕලු‍ජ්‌ජති ඛෝ තේ ආවුසෝ ආනන්‌ද පරිසා, පලු‍ජ්‌ජන්‌ති ඛෝ තේ ආවුසෝ නවප්‌පායා, න චායං කුමාරකෝ මත්‌තමඤ්‌ඤාතී’ති.

“එහෙම නම් ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, ඔය ඉන්ද්‍රිය සංවරයක් නැති, දානය වැළඳීමේ තේරුම නොදන්නා, නිදිවරමින් භාවනා නොකරන නවක භික්ෂූන් සමඟ චාරිකාවේ යෑමේ තේරුම මොකක්ද? ගොයම වනසා ගෙන යෑමක් වගේ නෙව. දායක පවුල් නසාගෙන යෑමක් නෙව. ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, ඔබේ පිරිස සී සී කඩ යනවා. ප්‍රිය ආයුෂ්මත, ඉතා තරුණ වූ ඔවුන් සී සී කඩ යනවා. අනේ මේ ළමයා මේකෙ ප්‍රමාණය දන්නෙ නෑ නෙව.”

අපි මේ භන්තේ කස්‌සප, සිරස්‌මිං පලිතානි ජාතානි. අථ ච පන මයං අජ්‌ජාපි ආයස්‌මතෝ මහාකස්‌සපස්‌ස කුමාරකවාදා න මුච්‌චාමා ති. තථා හි පන ත්‌වං ආවුසෝ ආනන්‌ද, ඉමේහි නවේහි භික්‌ඛූහි ඉන්‌ද්‍රියේසු අගුත්‌තද්‌වාරේහි භෝජනේ අමත්‌තඤ්‌ඤූහි ජාගරියං අනනුයුත්‌තේහි සද්‌ධිං චාරිකං චරසි, සස්‌සඝාතං මඤ්‌ඤේ චරසි, කුලූපඝාතං මඤ්‌ඤේ චරසි. ඕලු‍ජ්‌ජති ඛෝ තේ ආවුසෝ ආනන්‌ද පරිසා. පලු‍ජ්‌ජන්‌ති ඛෝ තේ ආවුසෝ නවප්‌පායා. න චායං කුමාරකෝ මත්‌තමඤ්‌ඤාතී’ති.

“ස්වාමීනි, කස්සපයන් වහන්ස, දැන් මගේ හිසේ කෙසුත් ඉදිල තියෙන්නේ. නමුත් අද පවා ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ ගේ ළමා වාදයෙන් මට නිදහස් වෙන්න පුළුවන් වුනේ නෑ.”

“ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, ඉතින් මේක ඇත්ත නේන්නම්. ඔය ඉන්ද්‍රිය සංවරයක් නැති, දානය වැළඳීමේ තේරුම නොදන්නා, නිදිවරමින් භාවනා නොකරන නවක භික්ෂූන් සමග චාරිකාවේ යෑමේ තේරුම මොකක්ද? ගොයම වනසා ගෙන යෑමක් වගේ නෙව. දායක පවුල් නසාගෙන යෑමක් නෙව. ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, ඔබේ පිරිස සී සී කඩ යනවා. ප්‍රිය ආයුෂ්මත, ඉතා තරුණ වූ ඔවුන් සී සී කඩ යනවා. අනේ මේ ළමයා මේකෙ ප්‍රමාණය දන්නෙ නෑ නෙව.”

අස්‌සෝසි ඛෝ ථුල්‌ලනන්‌දා භික්‌ඛුනී, අය්‍යේන කිර මහාකස්සපේන අය්‍යෝ ආනන්‌දෝ වේදේහමුනි කුමාරකවාදේන අපසාදිතෝ ති. අථ ඛෝ ථුල්‌ලනන්‌දා භික්‌ඛුනී අනත්‌තමනා අනත්‌තමනවාචං නිච්‌ඡාරේසි. කිං පන අය්‍යෝ මහාකස්‌සපෝ අඤ්‌ඤතිත්‌ථියපුබ්බෝ සමානෝ අය්‍යං ආනන්‌දං වේදේහමුනිං කුමාරකවාදේන අපසාදේතබ්‌බං මඤ්‌ඤතී ති.

එතකොට ථුල්ලනන්දා භික්ෂූණියට මෙය අසන්නට ලැබුණා. ආර්ය වූ මහා කස්සපයන් වහන්සේ විසින් වේදේහ මුනි වූ ආර්ය වු ආනන්දයන් වහන්සේට ළමා වාදයෙන් අප්‍රසාදය පළ කළා කියල. ඉතින් ථුල්ලනන්දා භික්ෂුණිය ඒ ගැන අසතුටු වුණා. නොමනාප වචන කිව්වා. ‘ඉස්සර වෙන ආගමක හිටපු ඔය ආර්ය වූ මහා කස්සපයන් වේදේහ මුනි වූ ආර්ය වූ ආනන්දයන් වහන්සේට ළමා වාදයෙන් අප්‍රසාදය පළ කරන්න පුළුවන් කියල හිතනවාද?’

අස්‌සෝසි ඛෝ ආයස්‌මා මහාකස්‌සපෝ ථුල්‌ලනන්‌දාය භික්‌ඛුනියා ඉමං වාචං භාසමානාය. අථ ඛෝ ආයස්‌මා මහාකස්‌සපෝ ආයස්‌මන්‌තං ආනන්‌දං ඒතදවෝච. තග්‌ඝාවුසෝ ආනන්‌ද ථුල්‌ලනන්‌දාය භික්‌ඛුනියා සහසා අප්‌පටිසංඛා වාචා භාසිතා. යතෝහං ආවුසෝ කේසමස්‌සුං ඕහාරෙත්‌වා කාසායානි වත්‌ථානි අච්‌ඡාදෙත්‌වා අගාරස්‌මා අනගාරියං පබ්බජිතෝ, නාභිජානාමි අඤ්‌ඤං සත්‌ථාරං උද්‌දිසිතුං අඤ්‌ඤත්‍ර තේන භගවතා අරහතා සම්‌මාසම්‌බුද්‌ධේන.

ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේට ථුල්ලනන්දා භික්ෂූණිය මේ වචන කියමින් සිටිද්දී අහන්නට ලැබුණා. එතකොට ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, හැබෑටම මේ ථුල්ලනන්දා භික්ෂූණිය කරුණු නොවිමසලා සාහසික විදිහට ද්වේෂයෙන් වචන කියනවා නෙව. ප්‍රිය ආයුෂ්මත මම කෙස් රැවුල බාලා කසාවත් පොරවා ගෙන ගිහි ජීවිතය අත්හැරල යම් දවසක මේ අනගාරික පැවිදි ජීවිතයට බැසගත්තා ද, එදා ඉඳල ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැර වෙන ශාස්තෘවරයෙක් සරණ ගිය බවක් නම් මම දන්නේ නෑ.

පුබ්බේ මේ ආවුසෝ අගාරියභූතස්‌ස සතෝ ඒතදහෝසි. සම්‌බාධෝ ඝරාවාසෝ රජාපථෝ, අබ්‌භෝකාසෝ පබ්‌බජ්‌ජා. නයිදං සුකරං අගාරං අජ්‌ඣාවසතා ඒකන්‌තපරිපුණ්‌ණං ඒකන්‌තපරිසුද්‌ධං සංඛලිඛිතං බ්‍රහ්‌මචරියං චරිතුං. යන්නූනාහං කේසමස්‌සුං ඕහාරෙත්‌වා කාසායානි වත්‌ථානි අච්‌ඡාදෙත්‌වා අගාරස්‌මා අනගාරියං පබ්‌බජෙය්‍යන්‌ති. සෝ ඛෝ අහං ආවුසෝ අපරේන සමයේන පටපිලෝතිකානං සංඝාටිං කරිත්‌වා යේ ලෝකේ අරහන්‌තෝ තේ උද්‌දිස්‌ස කේසමස්‌සුං ඕහාරෙත්‌වා කාසායානි වත්‌ථානි අච්‌ඡාදෙත්‌වා අගාරස්‌මා අනගාරියං පබ්‌බජිං.

ඉස්සර මට ගිහි ගෙදර සිටිද්දී මෙහෙම හිතුණා. මේ ගිහි ගෙදර වාසය නම් කරදර ගොඩක්. කෙලෙස් මාවතක්. නමුත් පැවිදි ජීවිතය නම් ආකාසෙ වගේ. මුළුමනින් ම පරිපූර්ණ වූ සුදෝ සුදු වූ මේ බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන එක ගිහි ගෙදර වාසය කරන කෙනෙකුට ලෙහෙසි දෙයක් නොවේ. ඒ නිසා මං කෙස් රැවුල් බාල කසාවත් පොරවා ගෙන ගිහි ජීවිතය අත් හැරල පැවිදි වෙන්න ඕන. ඉතින් ප්‍රිය ආයුෂ්මත, මං පස්සෙ කාලෙදී කඩ කපාගත් පට රෙදිවලින් කළ දෙපට සිවුර සකසා ගෙන මේ ලෝකයේ යම් රහතන් වහන්සේලා වැඩසිටිත් නම් ඒ රහතන් වහන්සේලා උදෙසා මාගේ පැවිද්ද වේවා කියල හිතාගෙනයි මං කෙස් රැවුල් බාල කසාවත් පොරවා ගෙන ගිහි ජීවිතය අත්හැරල පැවිදි වුණේ.

සෝ ඒවං පබ්බජිතෝ සමානෝ අද්‌ධානමග්‌ගපටිපන්‌නෝ අද්‌දසං භගවන්‌තං අන්‌තරා ච රාජගහං අන්‌තරා ච නාලන්‌දං බහුපුත්‌තේ චේතියේ නිසින්‌නං. දිස්‌වාන මේ ඒතදහෝසි. සත්‌ථාරඤ්‌ච වතාහං පස්‌සෙය්‍යං භගවන්‌තමේව පස්‌සෙය්‍යං, සුගතඤ්‌ච වතාහං පස්‌සෙය්‍යං භගවන්‌තමේව පස්‌සෙය්‍යං, සම්‌මාසම්‌බුද්‌ධඤ්‌ච වතාහං පස්‌සෙය්‍යං භගවන්‌තමේව පස්‌සෙය්‍යන්‌ති. සෝ ඛෝ’හං ආවුසෝ තත්‌ථේව භගවතෝ පාදේසු සිරසා නිපතිත්‌වා භගවන්‌තං ඒතදවෝච. සත්‌ථා මේ භන්තේ භගවා. සාවකෝහමස්‌මි. සත්‌ථා මේ භන්තේ භගවා. සාවකෝහමස්‌මීති.

ඉතින් ඔය විදිහට පැවිදි වුණ මං දීර්ඝ ගමන් මගක යෙදී ඉන්නකොටයි රජගහ නුවරත් නාලන්දාවටත් අතර බහුපුත්තක කියන පූජ්‍යස්ථානයේ වාඩිවෙලා වැඩසිටිය භාග්‍යවතුන් වහන්සේව මට දැකගන්ට ලැබුණේ. දැකපු ගමන් මට මෙහෙම හිතුණා. ඇත්තෙන්ම මම ශාස්තෘවරයෙකු දකිනවා නම් මට පෙනෙන්නේ භාග්‍යවතුන් වහන්සේව පමණ යි! ඇත්තෙන්ම මම සුගතයන් වහන්සේ නමක් දකිනවා නම් මට පෙනෙන්නේ භාග්‍යවතුන් වහන්සේව පමණයි! ඇත්තෙන් ම මම සම්බුදු වරයෙකු දකිනවා නම් මට පෙනෙන්නේ භාග්‍යවතුන් වහන්සේව පමණයි! එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, මං එතැන දී ම භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා අභියස සිරසින් වැඳ වැටුණා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේ වන සේක. මම වනාහි ශ්‍රාවකයා වෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේ වන සේක. මම වනාහි ශ්‍රාවකයා වෙමි’ කියල.

ඒවං වුත්‌තේ මං ආවුසෝ භගවා ඒතදවෝච. යෝ ඛෝ කස්‌සප ඒවං සබ්‌බචේතසා සමන්‌නාගතං සාවකං අජානඤ්‌ඤේව වදෙය්‍ය ජානාමීති, අපස්‌සඤ්‌ඤේව වදෙය්‍ය පස්‌සාමීති. මුද්‌ධාපි තස්‌ස විපතෙය්‍ය. අහං ඛෝ පන කස්‌සප ජානඤ්‌ඤේව වදාමි ජානාමීති, පස්‌සඤ්‌ඤේව වදාමි පස්‌සාමීති.

එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ මට මෙහෙම වදාළා. ‘පින්වත් කස්සප, ඔය විදිහට මුළු හදවතින් ම තම ශ්‍රාවකත්වය පවසන ශ්‍රාවකයෙකු හට යම් ශාස්තෘවරයෙක් නොදැන සිටිය දීම දනිමි’යි කියනවා නම් නොදැක සිටිය දී ම දකිමි’යි කියනවා නම් ඒ තැනැත්තා ගේ හිස ගිලිහී වැටේවි. නමුත් පින්වත් කස්සප මම වනාහී දනිමි කියන්නේ දැනගෙන ම යි. දකිමි කියන්නේ දැකගෙන ම යි.

තස්‌මාතිහ තේ කස්‌සප ඒවං සික්‌ඛිතබ්‌බං. තිබ්‌බං මේ හිරොත්‌තප්‌පං පච්‌චුපට්‌ඨිතං භවිස්‌සති ථේරේසු නවේසු මජ්‌ඣිමේසූති. ඒවං හි තේ කස්‌සප සික්‌ඛිතබ්‌බං.

පින්වත් කස්සප, ඔබ මෙන්න මේ විදිහට යි හික්මෙන්නට ඕන. වැඩිමහළු, නවක, මධ්‍යම භික්ෂූන් කෙරෙහි මාගේ ලැජ්ජා භය තියුණු විදිහට පවතිනවා කියා ය. පින්වත් කස්සප, ඔබ ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන.

තස්‌මාතිහ තේ කස්‌සප ඒවං සික්‌ඛිතබ්‌බං. යං කිඤ්‌චි ධම්‌මං සුණිස්‌සාමි කුසලූපසංහිතං, සබ්‌බං තං අට්‌ඨීකත්‌වා මනසිකත්‌වා සබ්‌බචේතසා සමන්‌නාහරිත්‌වා ඕහිතසෝතෝ ධම්‌මං සුණිස්‌සාමීති. ඒවං හි තේ කස්‌සප සික්‌ඛිතබ්‌බං.

පින්වත් කස්සප, ඔබ මෙන්න මේ විදිහටයි හික්මෙන්නට ඕන. යම් කිසි කුසල පාක්ෂික ධර්මයක් ශ්‍රවණය කරනවා නම් ඒ සියල්ල ම හොඳ අවධානයෙන් යුක්තව, හොඳ මනසිකාරයෙන් යුක්තව, මුළු හිත ම එකඟ කරගෙන, කණ් යොමා ගෙන ම දහම් අසනවා කියල. පින්වත් කස්සප, ඔබ ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන.

තස්‌මාතිහ තේ කස්‌සප ඒවං සික්‌ඛිතබ්‌බං. සාතසහගතා ච මේ කායගතාසති න විජහිස්‌සතී’ති. ඒවං ‌හි තේ කස්‌සප සික්‌ඛිතබ්‌බන්‌ති.

පින්වත් කස්සප, ඔබ මෙන්න මේ විදිහටයි හික්මෙන්නට ඕන. මිහිරි ස්වභාවයෙන් යුක්තව (සමාධිමත් සිතින්) කායානුපස්සනා භාවනාව නම් අත්හරින්නේ නෑ කියල. පින්වත් කස්සප, ඔබ ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන.’

අථ ඛෝ මං ආවුසෝ, භගවා ඉමිනා ඕවාදේන ඕවාදිත්‌වා උට්‌ඨායාසනා පක්‌කාමි.

ප්‍රිය ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ මට ඔය විදිහට උපදෙස් දීල වැඩහුන් අසුනෙන් නැගිටල වැඩම කළා.

සත්‌තාහමේව ඛෝ අහං ආවුසෝ සාණෝ රට්‌ඨපිණ්‌ඩං භුඤ්‌ජිං. අථ අට්‌ඨමියා අඤ්‌ඤා උදපාදි.

ප්‍රිය ආයුෂ්මත, මං ණය ගැති වෙලා රට වැසියා ගේ පිණ්ඩපාතය වැළඳුවේ දවස් හතයි. අට වෙනි දවසේ මට නිර්වාණ අවබෝධය පහළ වුණා.

අථ ඛෝ ආවුසෝ භගවා මග්‌ගා ඔක්‌කම්‌ම යේනඤ්‌ඤතරං රුක්‌ඛමූලං තේනුපසංකමි. අථ ඛෝ’හං ආවුසෝ පටපිලෝතීනං සංඝාටිං චතුග්‌ගුණං පඤ්‌ඤාපෙත්‌වා භගවන්‌තං ඒතදවෝචං. ඉධ භන්තේ භගවා නිසීදතු, යං මමස්‌ස දීඝරත්‌තං හිතාය සුඛායාති. නිසීදි ඛෝ ආවුසෝ භගවා පඤ්‌ඤත්‌තේ ආසනේ. නිසජ්‌ජ ඛෝ මං ආවුසෝ භගවා ඒතදවෝච. මුදුකා ඛෝ ත්‍යායං කස්‌සප, පටපිලෝතිකානං සංඝාටීති. පතිගණ්‌හාතු මේ භන්තේ භගවා පටපිලෝතීනං සංඝාටි, අනුකම්‌පං උපාදායාති.

ප්‍රිය ආයුෂ්මත, ඉතින් භාග්‍යවතුන් වහන්සේ මාවතින් ඉවතට වැඩල එක්තරා රුක් සෙවනකට එළඹුණා. එතකොට ප්‍රිය ආයුෂ්මත, මං රෙදි කැබලි වලින් මහපු සඟල සිවුර හතරට නවලා බිම අතුරලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මෙහි වැඩසිටින සේක්වා! එය මට බොහෝ කලක් හිතසුව පිණිස පවතීවි’ එතකොට ප්‍රිය ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ ඒ ආසනයේ වැඩහිටියා. වැඩහිටිය භාග්‍යවතුන් වහන්සේ මට මෙහෙම වදාළා.

‘පින්වත් කස්සප මේ රෙදි කැබලිවලින් මැසූ සඟල සිවුර මෘදුයි නෙ.’

‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, රෙදි කැබලිවලින් කළ මාගේ ඔය සඟල සිවුර මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!’

ධාරෙස්‌සසි පන මේ ත්‌වං කස්‌සප සාණානි පංසුකූලානි නිබ්‌බසනානීති? ධාරෙස්‌සාමහං භන්තේ භගවතෝ සාණානි පංසුකූලානි නිබ්‌බසනානීති.

‘එතකොට පින්වත් කස්සප, හණරෙද්දෙන් කළ කීප විටක් මහපු මාගේ මේ පාංශුකූල චීවරය ඔබ පොරවනවාද?’

‘අනේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ගේ ඔය හණරෙද්දෙන් කළ, කීප විටක් මහපු පාංශුකූල සිවුර මං පොරවා ගන්නම්.’

සෝ ඛෝ අහං ආවුසෝ පටපිලෝතීනං සංඝාටිං භගවතෝ පාදාසිං. අහං පන භගවතෝ සාණානි පංසුකූලානි නිබ්‌බසනානි පටිපජ්‌ජිං. යං හි තං ආවුසෝ සම්‌මා වදමානෝ වදෙය්‍ය. භගවතෝ පුත්‌තෝ ඕරසෝ මුඛතෝ ජාතෝ, ධම්‌මජෝ ධම්‌මනිම්‌මිතෝ ධම්‌මදායාදෝ, පටිග්‌ගහේතා සාණානි පංසුකූලානි නිබ්‌බසනානීති, මමං තං සම්‌මා වදමානෝ වදෙය්‍ය. භගවතෝ පුත්‌තෝ ඕරසෝ මුඛතෝ ජාතෝ, ධම්‌මජෝ ධම්‌මනිම්‌මිතෝ ධම්‌මදායාදෝ, පටිග්ගහේතා සාණානි පංසුකූලානි නිබ්‌බසනානී ති.

‘ප්‍රිය ආයුෂ්මත, ඉතින් මම වටිනා රෙද්දක් කපා මසා ගත් මාගේ ඒ සඟල සිවුර භාග්‍යවතුන් වහන්සේට පූජා කරගත්තා. මම භාග්‍යවතුන් වහන්සේගේ ඒ හණරෙද්දෙන් කළ, කීප විටක් මහපු පාංශුකූල සිවුර පිළිගත්තා. ප්‍රිය ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ ගේ ළයෙහි උපන් පුතා, බුදු මුවින් උපන් පුතා, ධර්මයෙන් උපන් පුතා, ධර්මයෙන් නිර්මිත වූ, ධර්ම දායාදය වූ, පාවිච්චියෙන් දිරා ගිය හණරෙද්දෙන් කළ පාංශුකූල චීවරය පිළිගත් භාග්‍යවතුන් වහන්සේ ගේ පුතා කියල යමෙකු ගැන මනා කොට කියනවා නම් ඒ කියන්නේ මා ගැනයි.

අහං ඛෝ ආවුසෝ යාවදේ ආකංඛාමි විවිච්චේව කාමේහි විවිච්‌ච අකුසලේහි ධම්මේහි සවිතක්‌කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්‌පජ්‌ජ විහරාමි. අහං ඛෝ ආවුසෝ යාවදේ ආකංඛාමි ….(පෙ)…. (නවන්‌නං අනුපුබ්‌බවිහාරසමාපත්‌තීනං පඤ්‌චන්‌නඤ්‌ච අභිඤ්‌ඤානං ඒවං විත්ථාරෝ වේදිතබ්‌බෝ)

අහං ඛෝ ආවුසෝ ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්‌ඤාවිමුත්‌තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරාමි.

ප්‍රිය ආයුෂ්මතුනි, මට කැමති තාක් කල් කාමයන් ගෙන් වෙන්ව, අකුසල් දහමින් වෙන්ව විතර්ක විචාර ඇති ව, විවේකයෙන් හට ගත් ප්‍රීති සැපය ඇතිව පළවෙනි ධ්‍යානය උපදවා ගෙන ඉන්ට පුළුවන්. …. (පෙ) …. ආශ්‍රවයන් ක්ෂය කරල අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් තමා තුළ උපදවා ගත් ඤාණයෙන් මේ ජීවිතයේ දී ම අවබෝධ කරගෙන මා එයට පැමිණ වාසය කරනවා.

සත්‌තරතනං වා සෝ ආවුසෝ නාගං අඩ්‌ඪට්‌ඨරතනං වා තාලපත්‌තිකාය ඡාදේතබ්‌බං මඤ්‌ඤෙය්‍ය, යෝ මේ අභිඤ්‌ඤා ඡාදේතබ්‌බං මඤ්‌ඤෙය්‍යා’ති.

ප්‍රිය ආයුෂ්මතුනි, යමෙක් මගේ සය ආකාර අභිඤ්ඤාවන් වසන්නට පුළුවන් කියල හිතනවා නම් ඒක හත් රියනක් හෝ හත් රියන් හමාරක් වූ හස්ති රාජයෙක්ව තල් කොළයකින් වහන්නට හදනවා වගේ වැඩක්.”

චවිත්‌ථ ච පන ථුල්‌ලනන්‌දා භික්‌ඛුනී බ්‍රහ්‌මචරියස්මාති.

එතකොට ථුල්ලනන්දා භික්ෂූණිය ඒ බඹසර ජීවිතයෙන් චුත වුණා (සිවුරු හැරියා).

සාදු! සාදු!! සාදු!!!

චීවර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_4-1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M