සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

4.1.7. දුතිය ඕවාද සුත්තං

4.1.7. අවවාද ගැන වදාළ දෙවෙනි දෙසුම

සාවත්ථියං…..

සැවැත් නුවරදී ……………

අථ ඛෝ ආයස්‌මා මහාකස්‌සපෝ යේන භගවා තේනුපසංකමි ….(පෙ)…. ඒකමන්තං නිසින්‌නං ඛෝ ආයස්‌මන්‌තං මහාකස්‌සපං භගවා ඒතදවෝච. ඕවද කස්‌සප භික්‌ඛූ, කරෝහි කස්‌සප භික්‌ඛූනං ධම්‌මිං කථං. අහං වා කස්‌සප භික්‌ඛූ ඕවදෙය්‍යං ත්‌වං වා. අහං වා භික්‌ඛූනං ධම්‌මිං කථං කරෙය්‍යං ත්‌වං වා ති.

එදා ආයුෂ්මත් මහා කස්සප තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියා. …. (පෙ) …. එකත්පස්ව සිටි ආයුෂ්මත් මහා කස්සප තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළා. “පින්වත් කස්සප, භික්ෂුන්ට අවවාද කරන්න. පින්වත් කස්සප, භික්ෂූන්ට ධර්ම කථාව කරන්න. පින්වත් කස්සප, එක්කෝ මම භික්ෂූන්ට අවවාද කරන්නම්. එහෙම නැත්නම් ඔබ භික්ෂූන්ට අවවාද කරන්න. පින්වත් කස්සප, මම භික්ෂූන්ට ධර්ම කථාව කරන්නම්. එක්කො ඔබ භික්ෂූන්ට ධර්ම කථා කරන්න.”

දුබ්‌බචා ඛෝ භන්තේ භගවා ඒතරහි භික්‌ඛූ, දෝවචස්‌සකරණේහි ධම්මේහි සමන්‌නාගතා අක්‌ඛමා අප්‌පදක්‌ඛිණග්‌ගාහිනෝ අනුසාසනිං. යස්‌ස කස්‌සචි භන්තේ, සද්‌ධා නත්‌ථි කුසලේසු ධම්මේසු, හිරි නත්‌ථි කුසලේසු ධම්මේසු ඔත්‌තප්‌පං නත්‌ථි කුසලේසු ධම්මේසු, විරියං නත්‌ථි කුසලේසු ධම්මේසු, පඤ්‌ඤා නත්‌ථි කුසලේසු ධම්මේසු, තස්‌ස යා රත්‌තිං වා දිවසෝ වා ආගච්‌ඡති, හානියේව පාටිකංඛා කුසලේසු ධම්මේසු, නෝ වුද්‌ධි.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් කාලෙ භික්ෂූන් අකීකරුයි. අකීකරු බව ඇති කරන දෙයින් ම යි යුක්ත වෙලා ඉන්නේ. අවවාද රුස්සන්නේ නෑ. අනුශාසනාව ගන්නේ නුහුරටමයි. ස්වාමීනි, යමෙකුට කුසල් දහම් ගැන ශ්‍රද්ධාවක් නැත්නම්, කුසල් දහම් නොතිබීම ගැන ලැජ්ජාවක් නැත්නම්, කුසල් දහම් නොතිබීම ගැන භයක් නැත්නම්, කුසල් දහම් ඇති කරගැනීමට වීර්යයක් නැත්නම්, කුසල් දහම් උපදවා ගැනීමට ප්‍රඥාවක් නැත්නම් ඔහුට යම් රාත්‍රියක් එළඹෙයි ද, යම් දහවලක් එළඹෙයි ද, කුසල ධර්මයන් ගේ පිරිහීමක් මිසක් අභිවෘද්ධියක් නම් කැමතිවෙන්න බෑ.

සෙය්‍යථාපි භන්තේ කාළපක්‌ඛේ චන්‌දස්‌ස යා රත්‌ති වා දිවසෝ වා ආගච්‌ඡති, හායතේව වණ්‌ණේන හායති මණ්‌ඩලේන, හායති ආභාය හායති ආරෝහපරිණාහේන. ඒවමේව ඛෝ භන්තේ, යස්‌ස කස්‌සචි සද්‌ධා නත්‌ථි කුසලේසු ධම්මේසු, හිරී නත්‌ථි ….(පෙ)…. ඔත්‌තප්‌පං නත්‌ථි ….(පෙ)…. විරියං නත්‌ථි ….(පෙ)…. පඤ්‌ඤා නත්‌ථි කුසලේසු ධම්මේසු තස්‌ස යා රත්‌ති වා දිවසෝ වා ආගච්‌ඡති, හානියේව පාටිකංඛා කුසලේසු ධම්මේසු, නෝ වුද්‌ධි.

ස්වාමීනි, ඒක මේ වගේ දෙයක්. කළුවර පසට යන සඳක් තියෙනවා. ඉතින් යම් රැයක් හෝ යම් දහවලක් හෝ එළඹෙනවා නම් ඒ හඳ පැහැයෙනුත් පිරිහිලා යනවා. රවුමෙනුත් පිරිහිලා යනවා. දීප්තියෙනුත් පිරිහිලා යනවා. ප්‍රමාණයෙනුත් පිරිහිලා යනවා. ස්වාමීනි, අන්න ඒ වගේ ම යි යමෙකුට කුසල් දහම් ගැන ශ්‍රද්ධාවක් නැත්නම්, කුසල් දහම් නොතිබීම ගැන ලැජ්ජාවක් නැත්නම්, කුසල් දහම් නොතිබීම ගැන භයක් නැත්නම්, කුසල් දහම් ඇති කර ගැනීමට වීර්යයක් නැත්නම්, කුසල් දහම් උපදවා ගැනීමට ප්‍රඥාවක් නැත්නම් ඔහුට යම් රාත්‍රියක් එළඹෙයි ද, යම් දහවලක් එළඹෙයි ද, කුසල ධර්මයන් ගේ පිරිහීමක් මිස අභිවෘද්ධියක් නම් කැමති වෙන්න බෑ.

අස්‌සද්ධෝ පුරිසපුග්‌ගලෝති භන්තේ පරිහානමේතං. අහිරිකෝ පුරිසපුග්‌ගලෝති භන්තේ පරිහානමේතං. අනොත්‌තා‌පී පුරිසපුග්‌ගලෝති භන්තේ පරිහානමේතං. කුසීතෝ පුරිසපුග්‌ගලෝති භන්තේ පරිහානමේතං. දුප්‌පඤ්‌ඤෝ පුරිසපුග්‌ගලෝති භන්තේ පරිහානමේතං. කෝධනෝ පුරිසපුග්‌ගලෝති භන්තේ පරිහානමේතං. උපනාහී පුරිසපුග්‌ගලෝති භන්තේ පරිහානමේතං. න සන්‌ති භික්‌ඛූ ඕවාදකාති භන්තේ පරිහානමේතං.

ස්වාමීනි, ශ්‍රද්ධා රහිත පුද්ගලයා යන මෙය පිරිහීමක් ම යි. ස්වාමීනි, ලැජ්ජා රහිත පුද්ගලයා යන මෙය පිරිහීමක් ම යි. ස්වාමීනි, භය රහිත පුද්ගලයා යන මෙය පිරිහීමක් ම යි. ස්වාමීනි, කුසීත පුද්ගලයා යන මෙය පිරිහීමක් ම යි. ස්වාමීනි, ප්‍රඥා රහිත පුද්ගලයා යන මෙය පිරිහීමක් ම යි. ස්වාමීනි, ක්‍රෝධ කරන පුද්ගලයා යන මෙය පිරිහීමක් ම යි. ස්වාමීනි, බද්ධවෛරී පුද්ගලයා යන මෙය පිරිහීමක් ම යි. ස්වාමීනි, ධර්මයෙන් අවවාද කරන භික්ෂූන් නැති වීමත් පිරිහීමක් ම යි.

යස්‌ස කස්‌සචි භන්තේ, සද්‌ධා අත්‌ථි කුසලේසු ධම්මේසු, හිරි අත්‌ථි කුසලේසු ධම්මේසු. ඔත්‌තප්‌පං අත්‌ථි කුසලේසු ධම්මේසු. විරියං අත්‌ථි කුසලේසු ධම්මේසු. පඤ්‌ඤා අත්‌ථි කුසලේසු ධම්මේසු. තස්‌ස යා රත්‌ති වා දිවසෝ වා ආගච්‌ඡති. වුද්‌ධියේව පාටිකංඛා කුසලේසු ධම්මේසු, නෝ පරිහානි.

ස්වාමීනි, යමෙකුට කුසල් දහම් ගැන ශ්‍රද්ධාවක් ඇත්නම්, කුසල් දහම් නොතිබීම ගැන ලැජ්ජාවක් ඇත්නම්, කුසල් දහම් නොතිබීම ගැන භයක් ඇත්නම්, කුසල් දහම් ඇති කර ගැනීමට වීර්යයක් ඇත්නම්, කුසල් දහම් උපදවා ගැනීමට ප්‍රඥාවක් ඇත්නම් ඔහුට යම් රාත්‍රියක් එළඹෙයි ද, යම් දහවලක් එළඹෙයි ද, කුසල ධර්මයන්ගේ අභිවෘද්ධියක් මිසක් පිරිහීමක් නම් කැමති වෙන්න බෑ.

සෙය්‍යථාපි භන්තේ ජුණ්‌හපක්‌ඛේ චන්‌දස්‌ස යා රත්‌ති වා දිවසෝ වා ආගච්‌ඡති. වඩ්‌ඪතේව වණ්‌ණේන වඩ්‌ඪති මණ්‌ඩලේන, වඩ්‌ඪති ආභාය වඩ්‌ඪති ආරෝහපරිණාහේන. ඒවමේව ඛෝ භන්තේ යස්‌ස කස්‌සචි සද්‌ධා අත්‌ථි කුසලේසු ධම්මේසු, හිරි අත්‌ථි ….(පෙ)…. ඔත්‌තප්‌පං අත්‌ථි ….(පෙ)…. විරියං අත්‌ථි ….(පෙ)…. පඤ්‌ඤා අත්‌ථි කුසලේසු ධම්මේසු, තස්‌ස යා රත්‌ති වා දිවසෝ වා ආගච්‌ඡති, වුද්‌ධියේව පාටිකංඛා කුසලේසු ධම්මේසු, නෝ පරිහානි.

ස්වාමීනි, ඒක මේ වගේ දෙයක්. පුර පසට යන සඳක් තියෙනවා. ඉතින් යම් රැයක් හෝ යම් දහවලක් හෝ එළඹෙනවා නම් ඒ හඳ පැහැයෙනුත් දියුණු වෙලා යනවා. රවුමෙනුත් දියුණු වෙලා යනවා. දීප්තියෙනුත් දියුණු වෙලා යනවා. ප්‍රමාණයෙනුත් දියුණු වෙලා යනවා. ස්වාමීනි, අන්න ඒ වගේ ම යි යමෙකුට කුසල් දහම් ගැන ශ්‍රද්ධාවක් ඇත්නම්, කුසල් දහම් නොතිබීම ගැන ලැජ්ජාවක් ඇත්නම්, කුසල් දහම් නොතිබීම ගැන භයක් ඇත්නම්, කුසල් දහම් ඇති කර ගැනීමට වීර්යයක් ඇත්නම්, කුසල් දහම් උපදවා ගැනීමට ප්‍රඥාවක් ඇත්නම් ඔහුට යම් රාත්‍රියක් එළඹෙයි ද, යම් දහවලක් එළඹෙයි ද, කුසල ධර්මයන් ගේ අභිවෘද්ධියක් මිසක් පිරිහීමක් නම් කැමති වෙන්න බෑ.

සද්ධෝ පුරිසපුග්‌ගලෝති භන්තේ අපරිහානමේතං. හිරිමා පුරිසපුග්‌ගලෝති භන්තේ අපරිහානමේතං. ඔත්‌තාපී පුරිසපුග්‌ගලෝති භන්තේ අපරිහානමේතං. ආරද්‌ධවිරියෝ පුරිසපුග්‌ගලෝති භන්තේ අපරිහානමේතං. පඤ්‌ඤවා පුරිසපුග්‌ගලෝති භන්තේ අපරිහානමේතං. අක්‌කොධනෝ පුරිසපුග්‌ගලෝති භන්තේ අපරිහානමේතං. අනුපනාහී පුරිසපුග්‌ගලෝති භන්තේ අපරිහානමේතං. සන්‌ති භික්‌ඛූ ඕවාදකාති භන්තේ අපරිහානමේතන්‌ති.

ස්වාමීනි, ශ්‍රද්ධාවන්ත පුද්ගලයා යන මෙය නො පිරිහීමක් ම යි. ස්වාමීනි, ලැජ්ජා සහිත පුද්ගලයා යන මෙය නොපිරිහීමක් ම යි. ස්වාමීනි, භය සහිත පුද්ගලයා යන මෙය නොපිරිහීමක් ම යි. ස්වාමීනි, පටන් ගත් වීර්යය ඇති පුද්ගලයා යන මෙය නොපිරිහීමක් ම යි. ස්වාමීනි, ප්‍රඥාවන්ත පුද්ගලයා යන මෙය නොපිරිහීමක් ම යි. ස්වාමීනි, ක්‍රෝධ නොකරන පුද්ගලයා යන මෙය නොපිරිහීමක් ම යි. ස්වාමීනි, බද්ධවෛරයෙන් තොර පුද්ගලයා යන මෙය නොපිරිහීමක් ම යි. ස්වාමීනි, ධර්මයෙන් අවවාද කරන භික්ෂූන් සිටීම නොපිරිහීමක් ම යි.”

සාධු සාධු කස්‌සප, යස්‌ස කස්‌සචි කස්‌සප, සද්‌ධා නත්‌ථි කුසලේසු ධම්මේසු, හිරි නත්‌ථි ….(පෙ)…. ඔත්‌තප්‌පං නත්‌ථි ….(පෙ)…. විරියං නත්‌ථි ….(පෙ)…. පඤ්‌ඤා නත්‌ථි කුසලේසු ධම්මේසු තස්‌ස යා රත්‌ති වා දිවසෝ වා ආගච්‌ඡති, හානියේව පාටිකංඛා කුසලේසු ධම්මේසු නෝ වුද්‌ධි.

“සාදු! සාදු! පින්වත් කස්සප. පින්වත් කස්සප, යමෙකුට කුසල් දහම් ගැන ශ්‍රද්ධාවක් නැත්නම්, කුසල් දහම් නොතිබීම ගැන ලැජ්ජාවක් නැත්නම්, කුසල් දහම් නොතිබීම ගැන භයක් නැත්නම්, කුසල් දහම් ඇති කර ගැනීමට වීර්යයක් නැත්නම්, කුසල් දහම් උපදවා ගැනීමට ප්‍රඥාවක් නැත්නම් ඔහුට යම් රාත්‍රියක් එළඹෙයි ද, යම් දහවලක් එළඹෙයි ද, කුසල ධර්මයන්ගේ පිරිහීමක් මිසක් අභිවෘද්ධියක් නම් කැමති වෙන්න බෑ.

සෙය්‍යථාපි කස්‌සප කාළපක්‌ඛේ චන්‌දස්‌ස යා රත්‌ති වා දිවසෝ වා ආගච්‌ඡති. හායතේව වණ්‌ණේන හායති මණ්ඩලේන, හායති ආභාය හායති ආරෝහපරිණාහේන. ඒවමේව ඛෝ කස්‌සප, යස්‌ස කස්‌සචි සද්‌ධා නත්‌ථි කුසලේසු ධම්මේසු, හිරිනත්‌ථි ….(පෙ)…. ඔත්‌තප්‌පං නත්‌ථි ….(පෙ)…. විරියං නත්‌ථි ….(පෙ)…. පඤ්‌ඤා නත්‌ථි කුසලේසු ධම්මේසු, තස්‌ස යා රත්‌ති වා දිවසෝ වා ආගච්‌ඡති, හානියේව පාටිකංඛා කුසලේසු ධම්මේසු, නෝ වුද්‌ධි.

පින්වත් කස්සප, ඒක මේ වගේ දෙයක්. කළුවර පසට යන සඳක් තියෙනවා. ඉතින් යම් රැයක් හෝ යම් දහවලක් හෝ එළඹෙනවා නම් ඒ හඳ පැහැයෙනුත් පිරිහිලා යනවා. රවුමෙනුත් පිරිහිලා යනවා. දීප්තියෙනුත් පිරිහිලා යනවා. ප්‍රමාණයෙනුත් පිරිහිලා යනවා. පින්වත් කස්සප, අන්න ඒ වගේ ම යි. යමෙකුට කුසල් දහම් ගැන ශ්‍රද්ධාවක් නැත්නම්, කුසල් දහම් නොතිබීම ගැන ලැජ්ජාවක් නැත්නම්, කුසල් දහම් නොතිබීම ගැන භයක් නැත්නම්, කුසල් දහම් ඇති කර ගැනීමට වීර්යයක් නැත්නම්, කුසල් දහම් උපදවා ගැනීමට ප්‍රඥාවක් නැත්නම් ඔහුට යම් රාත්‍රියක් එළඹෙයි ද, යම් දහවලක් එළඹෙයි ද, කුසල ධර්මයන්ගේ පිරිහීමක් මිසක් අභිවෘද්ධියක් නම් කැමති වෙන්න බෑ.

අස්‌සද්ධෝ පුරිසපුග්‌ගලෝති කස්‌සප පරිහානමේතං. අහිරිකෝ ….(පෙ)…. අනොත්‌තාපී ….(පෙ)…. කුසීතෝ ….(පෙ)…. දුප්‌පඤ්‌ඤෝ ….(පෙ)…. කෝධනෝ ….(පෙ)…. උපනාහී පුරිසපුග්‌ගලෝති කස්‌සප පරිහානමේතං. න සන්‌ති භික්‌ඛූ ඕවාදකාති කස්‌සප පරිහානමේතං.

පින්වත් කස්සප, ශ්‍රද්ධා රහිත පුද්ගලයා යන මෙය පිරිහීමක් ම යි. පින්වත් කස්සප, ලැජ්ජා රහිත පුද්ගලයා යන මෙය පිරිහීමක් ම යි. පින්වත් කස්සප, භය රහිත පුද්ගලයා යන මෙය පිරිහීමක් ම යි. පින්වත් කස්සප, කුසීත පුද්ගලයා යන මෙය පිරිහීමක් ම යි. පින්වත් කස්සප, ප්‍රඥා රහිත පුද්ගලයා යන මෙය පිරිහීමක් ම යි. පින්වත් කස්සප, ක්‍රෝධ කරන පුද්ගලයා යන මෙය පිරිහීමක් ම යි. පින්වත් කස්සප, බද්ධවෛරී පුද්ගලයා යන මෙය පිරිහීමක් ම යි. පින්වත් කස්සප, ධර්මයෙන් අවවාද කරන භික්ෂූන් නැති වීමත් පිරිහීමක් ම යි.

යස්‌ස කස්‌සචි කස්‌සප සද්‌ධා අත්‌ථි කුසලේසු ධම්මේ. හිරි ….(පෙ)…. ඔත්‌තප්‌පං ….(පෙ)…. විරියං ….(පෙ)…. පඤ්‌ඤා අත්‌ථි කුසලේසු ධම්මේසු, තස්‌ස යා රත්‌ති වා දිවසෝ වා ආගච්‌ඡති, වුද්‌ධියේව පාටිකංඛා කුසලේසු ධම්මේසු, නෝ පරිහානි.

පින්වත් කස්සප, යමෙකුට කුසල් දහම් ගැන ශ්‍රද්ධාවක් ඇත්නම්, කුසල් දහම් නොතිබීම ගැන ලැජ්ජාවක් ඇත්නම්, කුසල් දහම් නොතිබීම ගැන භයක් ඇත්නම්, කුසල් දහම් ඇති කර ගැනීමට වීර්යයක් ඇත්නම්, කුසල් දහම් උපදවා ගැනීමට ප්‍රඥාවක් ඇත්නම් ඔහුට යම් රාත්‍රියක් එළඹෙයි ද, යම් දහවලක් එළඹෙයි ද, කුසල ධර්මයන්ගේ අභිවෘද්ධියක් මිසක් පිරිහීමක් නම් කැමති වෙන්න බෑ.

සෙය්‍යථාපි කස්‌සප ජුණ්‌හපක්‌ඛේ චන්‌දස්‌ස යා රත්‌ති වා දිවසෝ වා ආගච්‌ඡති, වඩ්‌ඪතේව වණ්‌ණේන වඩ්‌ඪති මණ්‌ඩලේන, වඩ්‌ඪති ආභාය වඩ්‌ඪති ආරෝහපරිණාහේන. ඒවමේව ඛෝ කස්‌සප යස්‌ස කස්‌සචි සද්‌ධා අත්‌ථි කුසලේසු ධම්මේසු, හිරි අත්‌ථි ….(පෙ)…. ඔත්‌තප්‌පං අත්‌ථි ….(පෙ)…. විරියං අත්‌ථි ….(පෙ)…. පඤ්‌ඤා අත්‌ථි කුසලේසු ධම්මේසු, තස්‌ස යා රත්‌ති වා දිවසෝ වා ආගච්‌ඡති, වුද්‌ධියේව පාටිකංඛා කුසලේසු ධම්මේසු නෝ පරිහානි.

පින්වත් කස්සප, ඒක මේ වගේ දෙයක්. පුර පසට යන සඳක් තියෙනවා. ඉතින් යම් රැයක් හෝ යම් දහවලක් හෝ එළඹෙනවා නම් ඒ හඳ පැහැයෙනුත් දියුණු වෙලා යනවා. රවුමෙනුත් දියුණු වෙලා යනවා. දීප්තියෙනුත් දියුණු වෙලා යනවා. ප්‍රමාණයෙනුත් දියුණු වෙලා යනවා. පින්වත් කස්සප, අන්න ඒ වගේ ම යි. යමෙකුට කුසල් දහම් ගැන ශ්‍රද්ධාවක් ඇත්නම්, කුසල් දහම් නොතිබීම ගැන ලැජ්ජාවක් ඇත්නම්, කුසල් දහම් නොතිබීම ගැන භයක් ඇත්නම්, කුසල් දහම් ඇති කර ගැනීමට වීර්යයක් ඇත්නම්, කුසල් දහම් උපදවා ගැනීමට ප්‍රඥාවක් ඇත්නම් ඔහුට යම් රාත්‍රියක් එළඹෙයි ද, යම් දහවලක් එළඹෙයි ද, කුසල ධර්මයන්ගේ අභිවෘද්ධියක් මිසක් පිරිහීමක් නම් කැමති වෙන්න බෑ.

සද්ධෝ පුරිසපුග්‌ගලෝති කස්‌සප අපරිහානමේතං. හිරිමා ….(පෙ)…. ඔත්‌තා‌පී ….(පෙ)…. ආරද්‌ධවිරියෝ ….(පෙ)…. පඤ්‌ඤවා ….(පෙ)…. අක්‌කෝධනෝ ….(පෙ)…. අනුපනාහී පුරිසපුග්‌ගලෝති කස්‌සප අපරිහානමේතං. සන්‌ති භික්‌ඛූ ඕවාදකාති කස්‌සප අපරිහානමේතන්‌ති.

පින්වත් කස්සප ශ්‍රද්ධාවන්ත පුද්ගලයා යන මෙය නොපිරිහීමක් ම යි. පින්වත් කස්සප, ලැජ්ජා සහිත පුද්ගලයා යන මෙය නොපිරිහීමක් ම යි. පින්වත් කස්සප, භය සහිත පුද්ගලයා යන මෙය නොපිරිහීමක් ම යි. පින්වත් කස්සප, පටන් ගත් වීරිය ඇති පුද්ගලයා යන මෙය නොපිරිහීමක් ම යි. පින්වත් කස්සප, ප්‍රඥාවන්ත පුද්ගලයා යන මෙය නොපිරිහීමක් ම යි. පින්වත් කස්සප, ක්‍රෝධ නොකරන පුද්ගලයා යන මෙය නොපිරිහීමක් ම යි. පින්වත් කස්සප, බද්ධවෛරයෙන් තොර පුද්ගලයා යන මෙය නොපිරිහීමක් ම යි. පින්වත් කස්සප, ධර්මයෙන් අවවාද කරන භික්ෂූන් සිටීම නොපිරිහීමක් ම යි.

සාදු! සාදු!! සාදු!!!

තතිය ඕවාද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_4-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M