සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

7.2.4. මංගුලිත්ථි සුත්තං

7.2.4. මංගුලිත්ථි සූත්‍රය

375. ඉධාහං ආවුසෝ ගිජ්‌ඣකූටා පබ්‌බතා ඕරෝහන්තෝ අද්‌දසං ඉත්‌ථිං දුග්‌ගන්‌ධං මං‌ගුලිං වේහාසං ගච්‌ඡන්‌තිං. තමේනං ගිජ්‌ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්‌වා අනුපතිත්‌වා විතච්‌ඡෙන්‌ති විරාජෙන්‌ති. සා සුදං අට්‌ටස්‌සරං කරොති. ….(පෙ)…. (අථ ඛෝ භගවා ….(පෙ)….) ඒසා භික්ඛවේ ඉත්ථී ඉමස්‌මිං යේව රාජගහේ ඉක්ඛණිකා අහෝසි ….(පෙ)…. ඒවරූපං අත්‌තභාවපටිලාභං පටිසංවේදයතී’ති.

375. ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන පිළිකුල් සහගත දුගඳ හමන ස්ත්‍රී රූපයක් දැක්කා. ඉතින් භූත ගිජුලිහිණියොත්, කාක්කොත්, උකුස්සොත් පිළිකුල් සහගත දුගඳ හමන ස්ත්‍රී රූපය පස්සෙන් පන්න පන්නා ඉර ඉරා, කඩ කඩා කනවා. එතකොට ඒ පිළිකුල් සහගත දුගඳ හමන ස්ත්‍රී රූපය වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල’ …. (පෙ) …. පින්වත් මහණෙනි, ඔය සත්වයා මේ රජගහ නුවර ම හිටපු අනුන්ට අනවින කොඩිවින කරපු ස්ත්‍රියක්. ඔය ස්ත්‍රිය ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක්, අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනක්, අවුරුදු ලක්ෂ ගණනක් නිරයේ පැහුනා. අන්තිමේ දී ඒ පාපයේ ඉතුරු විපාක විඳවන්නටයි ඔය විදිහේ උපතක් ලබා ගෙන විඳෝ විඳෝ ඉන්නේ,

සාදු! සාදු!! සාදු!!!

මංගුලිත්ථි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_7-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M