193. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, …. (පෙ) …. කෙලෙස් තවන වීරිය ඇතිව, දහමට දිවි පුදා වාසය කරනවා නම් එබඳු වූ ධර්මයක් මා හට සංක්ෂේපයෙන් වදාරණ සේක්වා!”
“පින්වත් රාධ, නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය යනු යමක්ද, ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. පින්වත් රාධ, නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය යනු කුමක්ද?
පින්වත් රාධ, නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය යනු රූපයයි. ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය යනු විඤ්ඤාණයයි. ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. පින්වත් රාධ, නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය යනු යමක්ද, ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි.”
සාදු! සාදු!! සාදු!!!
නිරෝධධම්ම සූත්‍රය නිමා විය.
තුන්වෙනි ආයාචනා වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
මාර සූත්‍රය, මාරධම්ම සූත්‍රය, අනිච්ච සුත්‍ර දෙක, දුක්ඛ සූත්‍ර දෙක, එමෙන් ම අනත්ත සූත්‍ර දෙක, ඛයධම්ම සූත්‍රය, වයධම්ම සූත්‍රය, සමුදයධම්ම සුත්‍රය, නිරෝධධම්ම සූත්‍රය, යන දෙසුම් දොළොසකින් මේ වර්ගය සමන්විත වේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-3-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M