☰
පින්වත් මහණෙනි, හුදෙකලාවෙහි භාවනාවෙහි යෙදී සිටින්න. පින්වත් මහණෙනි, හුදෙකලා භාවනාවෙහි යෙදී සිටින භික්ෂුව යථාර්ථය දැනගන්නවා. කුමක යථාර්ථයක්ද දැන ගන්නේ?
ඇස අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. රූප අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. ඇසේ විඤ්ඤාණය අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. ඇසේ ස්පර්ශය අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ යම් සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත බවක් වේවා යම් විඳීමක් ඇත්ද, එයත් අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. කන ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව ….(පෙ)…. කය ….(පෙ)…. මනස ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ යම් සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත බවක් වේවා යම් විඳීමක් ඇත්ද, එයත් අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. පින්වත් මහණෙනි, හුදෙකලාවේ භාවනාවෙහි යෙදී සිටින්න. පින්වත් මහණෙනි, හුදෙකලාවේ භාවනාවේ යෙදී සිටින භික්ෂුව යථාර්ථය දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
පටිසල්ලාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-10-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M