ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ශාක්‍ය ජනපදයට අයත් දෙව්දහ නුවර නම් වූ ශාක්‍යයන්ගේ නියම් ගමේ. එදා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා, “පින්වත් මහණෙනි, මා සෑම භික්ෂූන් වහන්සේ නමක් විසින් ම ස්පර්ශ ආයතන හය තුළ පමා නොවී කටයුතු කළ යුතුයි කියලා කියන්නේ නෑ. ඒ වගේම පින්වත් මහණෙනි, මා සෑම භික්ෂූන් වහන්සේ නමක් විසින් ම ස්පර්ශ ආයතන හය තුළ පමා නොවී කටයුතු නොකළ යුතුයි කියලා කියන්නෙත් නෑ.”
පින්වත් මහණෙනි, අරහත් වූ, ආශ්‍රවයන් ක්ෂය කළ, බඹසර වාසය නිම කළ, නිවන පිණිස කළ යුතු දෙය කරන ලද, කෙලෙස් බර බැහැර කළ, පිළිවෙළින් පත් මගඵල නිවන් ලද, භව බන්ධනයන් ක්ෂය කළ, මනා අවබෝධයෙන් ම කෙලෙසුන්ගෙන් නිදහස් වූ යම් ඒ භික්ෂූන් ඉන්නවා. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂූන් වහන්සේලා විසින් නම් ස්පර්ශ ආයතන හය තුළ පමා නොවී කටයුතු කළ යුතුයි කියලා මා කියන්නේ නෑ. ඒකට හේතුව මොකක්ද? ඔවුන් විසින් අප්‍රමාදීව කරගෙනයි තියෙන්නේ. ඔවුන් ප්‍රමාද වෙනවා කියන එක සිදුවෙන දෙයක් නොවේ.
පින්වත් මහණෙනි, යම් ඒ භික්ෂූන් ඉන්නවා. ඔවුන් තාම හික්මෙනවා. අරහත්වයට පත්වෙලා නෑ. අනුත්තර වූ නිවන පතමිනුයි වාසය කරන්නේ. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂූන් වහන්සේලා විසින් නම් ස්පර්ශ ආයතන හය තුළ පමා නොවී කටයුතු කළ යුතුයි කියලයි මා කියන්නේ. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ඇසින් දත යුතු මනාප වූත්, අමනාප වූත් රූප තියෙනවා. ඒ රූප විසින් ස්පර්ශ කර කර ඔහුගේ සිත යට කොට දමන්නේ නෑ. සිතින් යට නොවී ඉන්න නිසා වීරිය පටන් ගත් ගමන් ම යි තියෙන්නේ. හැකිළෙන්නේ නෑ. සිහිය පිහිටලයි තියෙන්නේ. මුළා වෙන්නේ නෑ. කය සැහැල්ලු වෙලයි තියෙන්නේ. දැඩි වෙලා නෑ. සිත සමාහිත වෙලා, ඒකාග්‍රවෙලයි තියෙන්නේ. පින්වත් මහණෙනි, මං අප්‍රමාදී වීමෙන් ලබන මේ ඵලය දකිමිනුයි ඒ භික්ෂූන් විසින් ස්පර්ශ ආයතන හය තුළ අප්‍රමාදීව කටයුතු කළ යුතුයි කියලා කියන්නේ.
පින්වත් මහණෙනි, කනින් දත යුතු මනාප වූත්, අමනාප වූත් ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයෙන් දත යුතු මනාප වූත්, අමනාප වූත් ගන්ධ තියෙනවා ….(පෙ)…. දිවෙන් දත යුතු මනාප වූත්, අමනාප වූත් රස තියෙනවා ….(පෙ)…. කයෙන් දත යුතු මනාප වූත්, අමනාප වූත් පහස තියෙනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, මනසින් දත යුතු මනාප වූත්, අමනාප වූ ත් අරමුණූ තියෙනවා. ඒ අරමුණු විසින් ස්පර්ශ කර කර ඔහුගේ සිත යට කොට දමන්නේ නෑ. සිතින් යට නොවී ඉන්න නිසා වීරිය පටන් ගත් ගමන් ම යි තියෙන්නේ. හැකිළෙන්නේ නෑ. සිහිය පිහිටලයි තියෙන්නේ. මුළා වෙන්නේ නෑ. කය සැහැල්ලු වෙලයි තියෙන්නේ. දැඩි වෙලා නෑ. සිත සමාහිත වෙලා, ඒකාග්‍රවෙලයි තියෙන්නේ. පින්වත් මහණෙනි, මං අප්‍රමාදී වීමෙන් ලබන මේ ඵලය දකිමිනුයි ඒ භික්ෂූන් විසින් ස්පර්ශ ආයතන හය තුළ අප්‍රමාදීව කටයුතු කළ යුතුයි කියලා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
දේවදහ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-14-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M