පින්වත් මහණෙනි, රූප ගැන නුවණින් මෙනෙහි කරන්න. රූපවල අනිත්‍යතාවය ඒ ආකාරයෙන් ම නුවණින් දකින්න. පින්වත් මහණෙනි, රූප ගැන නුවණින් මෙනෙහි කරන විට, රූපවල අනිත්‍යතාවය ඒ ආකාරයෙන් ම නුවණින් දකින විට රූප කෙරෙහි කලකිරෙනවා. තණ්හාව ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙනවා. රාගය ක්ෂය වීමෙන් තණ්හාව ක්ෂය වෙනවා. නන්දිරාගය ක්ෂය වීමෙනුයි සිත මැනවින් ම නිදහස් වුණා කියලා කියන්නේ.
පින්වත් මහණෙනි, ශබ්ද ….(පෙ)…. පින්වත් මහණෙනි, ගන්ධ ….(පෙ)…. පින්වත් මහණෙනි, රස ….(පෙ)…. පින්වත් මහණෙනි, පින්වත් මහණෙනි, පහස ….(පෙ)…. පින්වත් මහණෙනි, මනසට අරමුණු වන දේ ගැන නුවණින් මෙනෙහි කරන්න. මනසට අරමුණු වන දේවල්වල අනිත්‍යතාවය ඒ ආකාරයෙන් ම නුවණින් දකින්න. පින්වත් මහණෙනි, මනසට අරමුණු වන දේ ගැන නුවණින් මෙනෙහි කරන විට, මනසට අරමුණු වන දේවල්වල අනිත්‍යතාවය ඒ ආකාරයෙන් ම නුවණින් දකින විට මනසට අරමුණු වන දේ කෙරෙහි කලකිරෙනවා. තණ්හාව ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙනවා. රාගය ක්ෂය වීමෙන් තණ්හාව ක්ෂය වෙනවා. නන්දිරාගය ක්ෂය වීමෙනුයි සිත මැනවින් ම නිදහස් වුණා කියලා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
බහිද්ධානන්දික්ඛයයෝනිසෝ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-16-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M