සැවැත් නුවර දී ……
එකත්පස්ව වාඩිවුණු ආයුෂ්මත් කොට්ඨිත තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා හට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනවි. එතකොට මට භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා ….(පෙ)…. වාසය කරන්න පුළුවන්. “පින්වත් කොට්ඨිත, යමක් අනාත්ම නම්, ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. පින්වත් කොට්ඨිත, අනාත්ම දෙය යනු කුමක්ද? පින්වත් කොට්ඨිත ඇස අනාත්මයි. ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. රූප අනාත්මයි. ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. ඇසේ විඤ්ඤාණය අනාත්මයි, ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. ඇසේ ස්පර්ශය අනාත්මයි, ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්ද, එයත් අනාත්මයි. ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි.”
කන ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව ….(පෙ)…. කය ….(පෙ)…. මනස අනාත්මයි. ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. මනසට අරමුණු වන දේ අනාත්මයි ….(පෙ)…. මනෝ විඤ්ඤාණය අනාත්මයි ….(පෙ)…. මනසේ ස්පර්ශය අනාත්මයි ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්ද, එයත් අනාත්මයි. ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. පින්වත් කොට්ඨිත යමක් අනාත්ම නම්, ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි.
සාදු! සාදු!! සාදු!!!
කොට්ඨිත අනත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-16-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M