☰
මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කිම්බිලාවේ ගංගා නම් නදී තීරයේ. එදා භාග්‍යවතුන් වහන්සේ ගඟෙහි සැඩපහරට ගසාගෙන යන විශාල දර කඳක් දැක වදාළා. දැකලා භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, අර ඔබට පේනවාද ගඟ දියෙහි සැඩ පහරින් මහා දර කඳක් ගසාගෙන යනවා?” එසේය ස්වාමීනී, ….(පෙ)…. (විස්තර කළ යුතුයි)
මෙසේ වදාළ විට ආයුෂ්මත් කිම්බිල තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙකරුණ විමසුවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, එතෙර කියන්නේ මොකක්ද? ….(පෙ)…. (විස්තර කළ යුතුයි) පින්වත් කිම්බිල, ඇතුළත කුණු වෙනවා කියන්නේ මොකක්ද? පින්වත් කිම්බිල, මෙහිලා භික්ෂුව යම්බදු ආපත්තියකින් නැගී සිටීමක් පෙනේ නම්, එබඳු වූ එක්තරා කිලිටි සහිත වූ ආපත්තියකට පත්වෙලා ඉන්නවා. පින්වත් කිම්බිල, මේක තමයි ඇතුළත කුණු වීම කියලා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
දුතිය දාරුක්ඛන්ධෝපම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-19-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M