සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.8.4. දුක්ඛ සුත්තං

1.8.4. දුක ගැන වදාළ දෙසුම

පින්වත් රාධ, යමක් දුක නම් අන්න ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් රාධ, කුමක්ද දුක? පින්වත් රාධ, ඇස දුකයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. රූප දුකයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. ඇසේ විඤ්ඤාණය දුකයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. ඇසේ ස්පර්ශය දුකයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් කිසි විඳීමක් ඇද්ද එයත් දුකයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් කිසි විඳීමක් ඇද්ද එයත් දුකයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්තයි ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් රාධ, යමක් දුක නම් අන්න ඒ ගැන තිබෙන ඔබේ කැමැත්තයි ප්‍රහාණය කළ යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

දුක්ඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-8-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M