එදා ආයුෂ්මත් බාහිය තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණු ආයුෂ්මත් බාහිය තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා හට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනවි. එතකොට මට භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා දැනගෙන හුදෙකලා වෙලා, පිරිසෙන් වෙන් වෙලා, අප්‍රමාදීව, කෙලෙස් තවන වීර්යය ඇතිව, දහමට දිවි පුදා වාසය කරන්න පුළුවනි.
පින්වත් බාහිය, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඇස නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය ‘මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය’ වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.
රූප නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. ඇසේ විඤ්ඤාණය නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. ඇසේ ස්පර්ශය නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්ද එයත් නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය ‘මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය’ වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.
පින්වත් බාහිය, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. රූප ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් ඒ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඤාණය ඇති වෙනවා. ‘ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, නිවන් පිණිස කළ යුතු දේ කළා, නිවන පිණිස කළයුතු වෙනත් දෙයක් නැත්තේම’ යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
එතකොට ආයුෂ්මත් බාහිය තෙරුන් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මාවවාදය සතුටින් පිළි අරගත්තා. සතුටින් අනුමෝදන් වුණා. ආසනයෙන් නැගිටලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. පැදකුණු කරලා පිටත් වෙලා ගියා. ඉතින් ආයුෂ්මත් බාහිය තෙරුන් හුදෙකලා වුණා. පිරිසෙන් වෙන් වුණා. අප්‍රමාදී වුණා. කෙලෙස් තවන වීර්යයෙන් යුතු වුණා. දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙනකොට යම් කුල පුත්‍රයෝ යම් කිසි ලොව්තුරු අපේක්ෂාවකින් මනා කොට ගිහි ජීවිතය අත් හැරලා බුදු සසුනේ පැවිදි වුණා ද, අන්න ඒ උත්තරීතර බඹසර පූර්ණත්වය වන අමා නිවන මේ ජීවිතයේදී ම නොබෝ කලකින්ම විශේෂ ඤාණයකින් යුතුව අවබෝධ කරගෙන පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කර ගත්තා, නිවන පිණිස කළ යුතු දේ කරගත්තා, නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම’යැයි අවබෝධ වුණා. ආයුෂ්මත් බාහිය තෙරුන් එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.
සාදු! සාදු!! සාදු!!!
බාහිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-9-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M