☰
පින්වත් මහණෙනි, මේ වේදනා තුනකි. මොනවද ඒ තුන? සැප විඳීම, දුක් විඳීම හා දුක් සැප රහිත විඳීමයි. පින්වත් මහණෙනි, මේවා තමයි වේදනා තුන.
(ගාථාවන් ය)
1. සමාහිත සිත් ඇති, මනා නුවණ ඇති, සිහි ඇති බුද්ධ ශ්‍රාවකයා වේදනාවත් අවබෝධ කරනවා. වේදනාවන්ගේ හටගැනීමත් අවබෝධ කරනවා.
2. යම් තැනක මේ විඳීම් නිරුද්ධ වෙනවා නම් එයත්, වේදනාවන් ක්ෂය වීමට හේතු වන මාර්ගයත් අවබෝධ කරගන්නවා. වේදනාවන්ගේ ක්ෂය වීමෙන් භික්ෂුව තෘෂ්ණා රහිතව පිරිනිවන් පානවා.
සාදු! සාදු!! සාදු!!!
සමාධි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M