පින්වත් මහණෙනි, පඤ්ච කාමගුණ සහිත ප්‍රීතියක් තියෙනවා. නිරාමිස ප්‍රීතියක් තියෙනවා. නිරාමිස ප්‍රීතියටත් වඩා අතිශයින්ම නිරාමිස වූ ප්‍රීතියක් තියෙනවා. පඤ්ච කාමගුණ සහිත සැපයක් තියෙනවා. නිරාමිස සැපයක් තියෙනවා. නිරාමිස සැපයටත් වඩා අතිශයින්ම නිරාමිස වූ සැපයක් තියෙනවා. පඤ්ච කාමගුණ සහිත උපේක්‍ෂාවක් තියෙනවා. නිරාමිස උපේක්‍ෂාවක් තියෙනවා. නිරාමිස උපේක්‍ෂාවටත් වඩා අතිශයින්ම නිරාමිස වූ උපේක්‍ෂාවක් තියෙනවා. පඤ්ච කාමගුණ සහිත විමෝක්‍ෂයක් තියෙනවා. නිරාමිස විමෝක්‍ෂයක් තියෙනවා. නිරාමිස විමෝක්‍ෂයටත් වඩා අතිශයින්ම නිරාමිස වූ විමෝක්‍ෂයක් තියෙනවා.
පින්වත් මහණෙනි, සාමිස ප්‍රීතිය යනු කුමක්ද? පින්වත් මහණෙනි, කාමගුණ පහක් තියෙනවා. කවර පහක්ද යත්? ඇසින් දතයුතු යහපත්, ලස්සන, මනාප, ප්‍රිය ස්වභාව ඇති, කැමැත්ත ඇති වෙන, කෙලෙස් ඇති වෙන රූප තියෙනවා. ….(පෙ)…. කයෙන් දතයුතු යහපත්, ලස්සන, මනාප, ප්‍රිය ස්වභාව ඇති, කැමැත්ත ඇති වෙන, කෙලෙස් ඇති වෙන පහස තියෙනවා. පින්වත් මහණෙනි, මේ තමයි පඤ්ච කාමගුණ. පින්වත් මහණෙනි, මේ පඤ්ච කාමගුණයන් හේතුවෙන් යම් ප්‍රීතියක් උපදිනවා නම්, පින්වත් මහණෙනි, සාමිස ප්‍රීතිය කියන්නේ මෙයටයි.
පින්වත් මහණෙනි, නිරාමිස ප්‍රීතිය යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසල්වලින් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. විතක්ක විචාරයන් සංසිඳවාගෙන, තමා තුළ පැහැදීම ඇති කරගෙන, සිතේ එකඟභාවය ඇති කරගෙන, විතර්ක රහිත වූ විචාර රහිත වූ, සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, නිරාමිස ප්‍රීතිය කියන්නේ මෙයටයි.
පින්වත් මහණෙනි, නිරාමිස ප්‍රීතියටත් වඩා අතිශයින්ම නිරාමිස ප්‍රීතිය කියන්නේ කුමක්ද? පින්වත් මහණෙනි, ආශ්‍රවයන් ක්‍ෂය කළ අරහත් භික්ෂුවට රාගයෙන් මිදුණු සිත ගැන ප්‍රත්‍යවේක්‍ෂා කරද්දී, ද්වේෂයෙන් මිදුණු සිත ගැන ප්‍රත්‍යවේක්‍ෂා කරද්දී, මෝහයෙන් මිදුණු සිත ගැන ප්‍රත්‍යවේක්‍ෂා කරද්දී යම් ප්‍රීතියක් උපදිනවා නම්, පින්වත් මහණෙනි, නිරාමිස ප්‍රීතියටත් වඩා අතිශයින්ම නිරාමිස ප්‍රීතිය කියන්නේ මෙයටයි.
පින්වත් මහණෙනි, සාමිස සැපය යනු කුමක්ද? පින්වත් මහණෙනි, කාමගුණ පහක් තියෙනවා. කවර පහක්ද යත්? ඇසින් දතයුතු යහපත්, ලස්සන, මනාප, ප්‍රිය ස්වභාව ඇති, කැමැත්ත ඇති වෙන, කෙලෙස් ඇති වෙන රූප තියෙනවා. ….(පෙ)…. කයෙන් දතයුතු යහපත්, ලස්සන, මනාප, ප්‍රිය ස්වභාව ඇති, කැමැත්ත ඇති වෙන, කෙලෙස් ඇති වෙන පහස තියෙනවා. පින්වත් මහණෙනි, මේ තමයි පඤ්ච කාමගුණ. පින්වත් මහණෙනි, මේ පඤ්ච කාමගුණයන් හේතුවෙන් යම් සැපක් සොම්නසක් උපදිනවා නම්, පින්වත් මහණෙනි, සාමිස සැපය කියන්නේ මෙයටයි.
පින්වත් මහණෙනි, නිරාමිස සැපය යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසල්වලින් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. විතක්ක විචාරයන් සංසිඳවාගෙන, තමා තුළ පැහැදීම ඇති කරගෙන, සිතේ එකඟභාවය ඇති කරගෙන, විතර්ක රහිත වූ, විචාර රහිත වූ, සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ප්‍රීතියටත් නොඇලී, උපේක්‍ෂාවෙන් ඉන්නවා. සිහිය ඇතිව, නුවණ ඇතිව, කයෙන් සැපයකුත් විඳිනවා. ආර්යයන් වහන්සේලා උපේක්‍ෂාවෙන් යුතුව, සිහි ඇතිව, සැපසේ වාසය කිරීම කියා යමකට කියනවා නම්, ඒ තුන්වෙනි ධ්‍යානයටත් පැමිණ වාසය කරනවා. පින්වත් මහණෙනි, නිරාමිස සැපය කියන්නේ මෙයටයි.
පින්වත් මහණෙනි, නිරාමිස සැපයටත් වඩා අතිශයින්ම නිරාමිස සැපය කියන්නේ කුමක්ද? පින්වත් මහණෙනි, ආශ්‍රවයන් ක්‍ෂය කළ අරහත් භික්ෂුවට රාගයෙන් මිදුණු සිත ගැන ප්‍රත්‍යවේක්‍ෂා කරද්දී, ද්වේෂයෙන් මිදුණු සිත ගැන ප්‍රත්‍යවේක්‍ෂා කරද්දී, මෝහයෙන් මිදුණු සිත ගැන ප්‍රත්‍යවේක්‍ෂා කරද්දී යම් සැපයක් සොම්නසක් උපදිනවා නම්, පින්වත් මහණෙනි, නිරාමිස සැපයටත් වඩා අතිශයින්ම නිරාමිස සැපය කියන්නේ මෙයටයි.
පින්වත් මහණෙනි, සාමිස උපේක්‍ෂාව යනු කුමක්ද? පින්වත් මහණෙනි, කාමගුණ පහක් තියෙනවා. කවර පහක්ද යත්? ඇසින් දතයුතු යහපත්, ලස්සන, මනාප, ප්‍රිය ස්වභාව ඇති, කැමැත්ත ඇති වෙන, කෙලෙස් ඇති වෙන රූප තියෙනවා. ….(පෙ)…. කයෙන් දතයුතු යහපත්, ලස්සන, මනාප, ප්‍රිය ස්වභාව ඇති, කැමැත්ත ඇති වෙන, කෙලෙස් ඇති වෙන පහස තියෙනවා. පින්වත් මහණෙනි, මේ තමයි පඤ්ච කාමගුණ. පින්වත් මහණෙනි, මේ පඤ්ච කාමගුණයන් හේතුවෙන් යම් උපේක්‍ෂාවක් උපදිනවා නම්, පින්වත් මහණෙනි, සාමිස උපේක්‍ෂාව කියන්නේ මෙයටයි.
පින්වත් මහණෙනි, නිරාමිස උපේක්‍ෂාව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන්, කලින්ම සොම්නස් දොම්නස් දෙක දුරු කිරීමෙන්, දුක් සැප රහිත වූ උපේක්‍ෂාවෙන් යුතු පිරිසිදු සිහියෙන් යුතු හතරවෙනි ධ්‍යානයටත් පැමිණ වාසය කරනවා. පින්වත් මහණෙනි, නිරාමිස උපේක්‍ෂාව කියන්නේ මෙයටයි.
පින්වත් මහණෙනි, නිරාමිස උපේක්‍ෂාවටත් වඩා අතිශයින්ම නිරාමිස උපේක්‍ෂාව කියන්නේ කුමක්ද? පින්වත් මහණෙනි, ආශ්‍රවයන් ක්‍ෂය කළ අරහත් භික්ෂුවට රාගයෙන් මිදුණු සිත ගැන ප්‍රත්‍යවේක්‍ෂා කරද්දී, ද්වේෂයෙන් මිදුණු සිත ගැන ප්‍රත්‍යවේක්‍ෂා කරද්දී, මෝහයෙන් මිදුණු සිත ගැන ප්‍රත්‍යවේක්‍ෂා කරද්දී යම් උපේක්‍ෂාවක් උපදිනවා නම්, පින්වත් මහණෙනි, නිරාමිස උපේක්‍ෂාවටත් වඩා අතිශයින්ම නිරාමිස උපේක්‍ෂාව කියන්නේ මෙයටයි.
පින්වත් මහණෙනි, සාමිස විමෝක්‍ෂය යනු කුමක්ද? රූපය හා සම්බන්ධ වූ විමෝක්‍ෂය සාමිස විමෝක්‍ෂයයි. පින්වත් මහණෙනි, නිරාමිස විමෝක්‍ෂය යනු කුමක්ද? අරූපය හා සම්බන්ධ වූ විමෝක්‍ෂය නිරාමිස විමෝක්‍ෂයයි. පින්වත් මහණෙනි, නිරාමිස විමෝක්‍ෂයටත් වඩා අතිශයින්ම නිරාමිස විමෝක්‍ෂය යනු කුමක්ද? පින්වත් මහණෙනි, ආශ්‍රවයන් ක්‍ෂය කළ අරහත් භික්ෂුවට රාගයෙන් මිදුණු සිත ගැන ප්‍රත්‍යවේක්‍ෂා කරද්දී, ද්වේෂයෙන් මිදුණු සිත ගැන ප්‍රත්‍යවේක්‍ෂා කරද්දී, මෝහයෙන් මිදුණු සිත ගැන ප්‍රත්‍යවේක්‍ෂා කරද්දී යම් විමෝක්‍ෂයක් උපදිනවා නම්, පින්වත් මහණෙනි, නිරාමිස විමෝක්‍ෂයටත් වඩා අතිශයින්ම නිරාමිස විමෝක්‍ෂය කියන්නේ මෙයටයි.
සාදු! සාදු!! සාදු!!!
නිරාමිස සූත්‍රය නිමා විය.
තුන්වෙනි අට්ඨසතපරියාය වර්ගය යි.
එහි පිළිවෙළ උද්දානය යි.
සීවක සූත්‍රය, අට්ඨසත සූත්‍රය, භික්ඛු සූත්‍රය, පුබ්බේ සූත්‍රය, ඤාණ සූත්‍රය, සම්බහුලභික්ඛු සූත්‍රය, සමණබ්‍රාහ්මණ සූත්‍ර තුන, සුද්ධික සූත්‍රය, නිරාමිස සූත්‍රය වශයෙන් මෙම වර්ගය සමන්විත වෙයි.
වේදනා සංයුත්තය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-3-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M