☰
එදා බොහෝ භික්‍ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ඒ භික්‍ෂූන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. ස්වාමීනී, වේදනාව යනු කුමක්ද? වේදනාවේ හටගැනීම යනු කුමක්ද? වේදනාව හටගැනීම පිණිස පවතින වැඩපිළිවෙළ යනු කුමක්ද? වේදනාවේ නිරුද්ධ වීම යනු කුමක්ද? වේදනාව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යනු කුමක්ද? වේදනාවේ ආශ්වාදය කුමක්ද? වේදනාවේ ආදීනවය කුමක්ද? වේදනාවේ නිස්සරණය කුමක්ද?
පින්වත් මහණෙනි, මේ වේදනා තුනක් තියෙනවා. සැප වේදනාව, දුක් වේදනාව හා දුක් සැප රහිත වේදනාව යි. පින්වත් මහණෙනි, වේදනාව කියන්නේ මෙයටයි. ස්පර්ශය හටගැනීමෙනුයි වේදනාව හටගන්නේ. වේදනාව හටගැනීම පිණිස පවතින වැඩපිළිවෙළ වනාහී තණ්හාවයි. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා. ….(පෙ)…. වේදනාව කෙරෙහි ඇති ඡන්දරාගයේ යම් දුරුවීමක් ඇද්ද, ඡන්දරාගයේ ප්‍රහාණයක් ඇද්ද මේක වේදනාවේ නිස්සරණය යි.
සාදු! සාදු!! සාදු!!!
සම්බහුලභික්ඛු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M