සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

3.2.9. ආරද්ධවිරිය සුත්තං

3.2.9. පටන්ගත් වීරිය ඇති ස්ත්‍රිය ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. කවර කරුණු පහකින් ද යත්? ශ්‍රද්ධාවකින් යුතුව ඉන්නවා. පවට ලැජ්ජාවක් ඇතිව ඉන්නවා. විපාකයට භයක් ඇතුව ඉන්නවා. පටන්ගත් වීරියෙන් යුතුව ඉන්නවා. ප්‍රඥාවකින් යුතුව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා.

සාදු ! සාදු !! සාදු !!!

ආරද්ධවිරිය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M