සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

3.3.7. හේතු සුත්තං

3.3.7. හේතු ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, මේවා තමයි ස්ත්‍රියට ඇති බල පහ. කවර පහක් ද යත්? රූප බලය. භෝග සම්පත් බලය. නෑදෑ බලය. පුත්‍ර බලය. සීල බලය. පින්වත් මහණෙනි, ස්ත්‍රිය රූප බලය නිසාවත්, භෝග බලය නිසාවත්, ඤාති බලය නිසාවත්, පුත්‍ර බලය නිසාවත් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයෙහි උපදින්නේ නෑ. පින්වත් මහණෙනි, ස්ත්‍රිය සීල බලය නිසා ම යි කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයෙහි උපදින්නේ. පින්වත් මහණෙනි, ස්ත්‍රියට ඇති බල පහ මේවාය.

සාදු ! සාදු !! සාදු !!!

හේතු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M