☰
මහණෙනි, යම් සේ කායික සවියෙන් යුතු ව කළ යුතු යම්කිසි කර්මාන්තාදිය කරත් නම්, ඒ සියල්ල පොළොව නිසා, පොළොවෙහි පිහිටා මෙසේ මේ කාය බලයෙන් කළ යුතු කර්මාන්ත කරනු ලැබේ.
එසෙයින් ම මහණෙනි, භික්ෂුවක් සීලය නිසා, සීලයෙහි පිහිටා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල කරයි.
මහණෙනි, භික්ෂුව සීලය නිසා, සීලයෙහි පිහිටා ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ කෙසේ ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව නිවනට නැමී, නිවනට නැඹුරු වී, නිවනට බර වී නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. නිවනට නැමී, නිවනට නැඹුරු වී, නිවනට බර වී නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි.
මහණෙනි, භික්ෂුව සීලය නිසා, සීලයෙහි පිහිටා මෙසේ ආර්ය
අෂ්ටාංගික මාර්ගය දියුණු කරයි. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරයි.
සාදු! සාදු!! සාදු!!!
චතුත්ථ බල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-14-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M