මහණෙනි, ඉදින් අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ඔබෙන් මෙසේ අසත් නම්, ‘ආයුෂ්මත්නි, කුමක් සඳහා ශ්‍රමණ ගෞතමයන්ගේ සසුනෙහි බඹසර හැසිරෙනු ලැබෙයි ද?’ යි. මහණෙනි, මෙසේ අසන ලද ඔබ ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හට මෙසේ පිළිවදන් දෙව්.
‘ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර හැසිරෙන්නේ දිගු සසර ගමන පිරිසිඳ දැනීම පිණිස ය’ යනුවෙනි.
ඉදින් මහණෙනි, අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ඔබෙන් මෙසේ අසන්නාහු නම්, ‘ආයුෂ්මත්නි, දිගු සසර ගමන පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් තිබේ ද? ප්‍රතිපදාවක් තිබේ ද?’ යි. මහණෙනි, මෙසේ විමසන ලද ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට ඔබ මෙසේ පිළිතුරු දෙව්.
‘ආයුෂ්මත්නි, දිගු සසර ගමන පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇත්තේ ය. ප්‍රතිපදාවක් ඇත්තේ ය’ යනුවෙනි.
මහණෙනි, දිගු සසර ගමන පිරිසිඳ දැනීම පිණිස වූ මාර්ගය කුමක් ද? ප්‍රතිපදාව කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. එනම් නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවය ය. මහණෙනි, දිගු සසර ගමන පිරිසිඳ දැනීම පිණිස වූ මාර්ගය මෙය යි. ප්‍රතිපදාව මෙය යි. මහණෙනි, මෙසේ අසන ලද ඔබ ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ පිළිතුරු දෙව්.”
සාදු! සාදු!! සාදු!!!
අද්ධාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M