එකල්හී බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. ….(පෙ)…. එකත්පස් ව හුන් ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, එක් ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සතර ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සතර ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සප්ත ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සප්ත ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, ධර්ම දෙකක් සම්පූර්ණ වෙයි නම්, එබඳු වූ එක් ධර්මයක් ඇත්තේ ද?”
“ස්වාමීනී, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ ….(පෙ)….
“මහණෙනි, එක් ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සතර ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සතර ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සප්ත ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සප්ත ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, ධර්ම දෙකක් සම්පූර්ණ වෙයි නම්, එබඳු වූ එක් ධර්මයක් ඇත්තේ ය.”
“මහණෙනි, එක් ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සතර ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සතර ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සප්ත ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සප්ත ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, ධර්ම දෙකක් සම්පූර්ණ වෙයි නම්, එබඳු වූ එක් ධර්මය කුමක් ද?”
“මහණෙනි, ආනාපානසති සමාධිය නම් වූ එක් ධර්මය දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සතර සතිපට්ඨානයන් සම්පූර්ණ වෙයි. සතර සතිපට්ඨානයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සප්ත බොජ්ඣංගයන් සම්පූර්ණ වෙයි. සප්ත බොජ්ඣංගයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, විද්‍යාව ත් විමුක්තිය ත් සම්පූර්ණ වෙයි.
මහණෙනි, කෙසේ දියුණු කරන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසති සමාධිය සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කරයි ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව අරණ්‍යයකට ගියේ හෝ රුක් සෙවණට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ ….(පෙ)…. කෙලෙස් දුරින් ම දුරුකිරීම අනුව දකිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි.
මහණෙනි, යම් අවස්ථාවකදී භික්ෂුවක් දිගු ලෙස හෝ හුස්ම ගන්නා විට ‘දිගු ලෙස හුස්ම ගනිමි’ යි දැනගනියි ද, දිගු ලෙස හෝ හුස්ම හෙලන විට ‘දිගු ලෙස හුස්ම හෙලමි’ යි දැනගනියි ද, කෙටි ලෙස හෝ හුස්ම ගන්නා විට ‘කෙටියෙන් හුස්ම ගනිමි’ යි දැනගනියි ද, කෙටි ලෙස හෝ හුස්ම හෙලන විට ‘කෙටියෙන් හුස්ම හෙලමි’ යි දැනගනියි ද, ‘සියළු ආශ්වාස කයට සංවේදී වෙමින් හුස්ම ගන්නෙමි’ යි පුහුණු වෙයි ද, ‘සියළු ප්‍රශ්වාස කයට සංවේදී වෙමින් හුස්ම හෙලන්නෙමි’ යි පුහුණු වෙයි ද, ‘කාය සංස්කාර නම් වූ ආශ්වාසය සංසිඳුවමින් හුස්ම ගන්නෙමි’ යි පුහුණු වෙයි ද, ‘කාය සංස්කාර නම් වූ ප්‍රශ්වාසය සංසිඳුවමින් හුස්ම හෙලන්නෙමි’ යි පුහුණු වෙයි ද, මහණෙනි, භික්ෂුව ඒ අවස්ථාවෙහි කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. එයට හේතුව කුමක් ද? මහණෙනි, යම් මේ හුස්ම ගැනීමක්, හුස්ම හෙලීමක් ඇද්ද, මෙය එක්තරා කයක් යැයි මම කියමි. එහෙයින් මහණෙනි, ඒ අවස්ථාවෙහි භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි.
මහණෙනි, යම් අවස්ථාවක භික්ෂුවක් ප්‍රීතියට සංවේදී වෙමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, ප්‍රීතියට සංවේදී වෙමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, සැපයට සංවේදී වෙමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, සැපයට සංවේදී වෙමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, සංඥා වේදනා යන චිත්ත සංස්කාරයන්ට සංවේදී වෙමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, සංඥා වේදනා යන චිත්ත සංස්කාරයන්ට සංවේදී වෙමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, මහණෙනි, භික්ෂුව ඒ අවස්ථාවෙහි කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. එයට හේතුව කුමක් ද? මහණෙනි, යම් මේ හුස්ම ගැනීම, හුස්ම හෙලීම මනාකොට මෙනෙහි කිරීමක් ඇද්ද, මෙය එක්තරා විඳීමක් යැයි මම කියමි. එහෙයින් මහණෙනි, ඒ අවස්ථාවෙහි භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි.
මහණෙනි, යම් අවස්ථාවකදී භික්ෂුවක් සිත හා සංවේදී වෙමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, සිත හා සංවේදී වෙමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, සිත ප්‍රමුදිත කරවමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, සිත ප්‍රමුදිත කරවමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, සිත තැන්පත් කරවමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, සිත තැන්පත් කරවමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, නීවරණයන්ගෙන් සිත මුදවමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, නීවරණයන්ගෙන් සිත මුදවමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, මහණෙනි, භික්ෂුව ඒ අවස්ථාවෙහි කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. එයට හේතුව කුමක් ද? මහණෙනි, මුලා සිහි ඇති, නුවණ නැති කෙනා හට ආනාපානසති සමාධිය වැඩීමට මම නොකියමි. එහෙයින් මහණෙනි, ඒ අවස්ථාවෙහි භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි.
මහණෙනි, යම් අවස්ථාවකදී භික්ෂුවක් අනිත්‍ය අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, අනිත්‍ය අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, නොඇල්ම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, නොඇල්ම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, ඇල්ම නිරුද්ධ වීම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, ඇල්ම නිරුද්ධ වීම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, මහණෙනි, භික්ෂුව ඒ අවස්ථාවෙහි කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. ඇලීම් ගැටීම්වල යම් ඒ ප්‍රහාණයක් ඇද්ද, ඒ භික්ෂුව එය ප්‍රඥාවෙන් දැක දැක මනාකොට මැදහත් බවට පත්වෙයි. එහෙයින් මහණෙනි, ඒ අවස්ථාවෙහි භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.
මහණෙනි, මෙසේ දියුණු කරන ලද, මෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසති සමාධිය සතර සතිපට්ඨානය සම්පූර්ණ කරයි.
මහණෙනි, කෙසේ දියුණු කරන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද සතර සතිපට්ඨානයෝ සප්ත බොජ්ඣංගයන් සම්පූර්ණ කරත් ද?
මහණෙනි, යම් අවස්ථාවක භික්ෂුවක් කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි ද, ඒ අවස්ථාවෙහි ඔහුගේ සිහිය මුලා නොවී, ඒ කායානුපස්සනා අරමුණෙහි එළැඹ සිටියේ වෙයි. මහණෙනි, යම් අවස්ථාවක භික්ෂුවගේ සිහිය මුලා නොවී කායානුපස්සනා අරමුණෙහි එළැඹ සිටියේ වෙයි ද, ඒ අවස්ථාවෙහි භික්ෂුව විසින් සති සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. ඒ අවස්ථාවෙහි භික්ෂුව සති සම්බොජ්ඣංගය වඩයි. ඒ අවස්ථාවෙහි භික්ෂුවගේ සති සම්බොජ්ඣංගය වැඩීමෙන් පිරිපුන් බවට යයි. ඔහු ඒ අයුරින් සිහියෙන් වාසය කරද්දී ඒ ධර්මය ප්‍රඥාවෙන් විමසයි. පිරික්සා බලයි. නැවත නැවත විමසා බලයි.
මහණෙනි, යම් අවස්ථාවක භික්ෂුව එසේ සිහියෙන් වාසය කරද්දී, ඒ ධර්මය ප්‍රඥාවෙන් විමසයි ද, පිරික්සා බලයි ද, නැවත නැවත විමසා බලයි ද, ඒ අවස්ථාවෙහි භික්ෂුව විසින් ධම්මවිචය සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. ඒ අවස්ථාවෙහි භික්ෂුව ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි. ඒ අවස්ථාවෙහි භික්ෂුවගේ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමෙන් පිරිපුන් බවට යයි. ඔහු විසින් ඒ ධර්මය ප්‍රඥාවෙන් විමසද්දී, පිරික්සද්දී, නැවත නැවත විමසා බලද්දී, වීර්යය අරඹන ලද්දේ, නොහැකිලුණේ වෙයි.
මහණෙනි, යම් අවස්ථාවක භික්ෂුව විසින් ඒ ධර්මය ප්‍රඥාවෙන් විමසද්දී, පිරික්සද්දී, නැවත නැවත විමසා බලද්දී, වීර්යය අරඹන ලද්දේ, නොහැකිලුණේ වෙයි ද, ඒ අවස්ථාවෙහි භික්ෂුව විසින් විරිය සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. ඒ අවස්ථාවෙහි භික්ෂුව විරිය සම්බොජ්ඣංගය වඩයි. ඒ අවස්ථාවෙහි භික්ෂුවගේ විරිය සම්බොජ්ඣංගය වැඩීමෙන් පිරිපුන් බවට යයි. අරඹන ලද වීර්යය ඇත්තාට නිරාමිස වූ ප්‍රීතිය උපදියි.
මහණෙනි, යම් අවස්ථාවක අරඹන ලද වීරිය ඇති භික්ෂුවට නිරාමිස වූ ප්‍රීතිය උපදියි ද, ඒ අවස්ථාවෙහි භික්ෂුව විසින් ප්‍රීති සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. ඒ අවස්ථාවෙහි භික්ෂුව ප්‍රීති සම්බොජ්ඣංගය වඩයි. ඒ අවස්ථාවෙහි භික්ෂුවගේ ප්‍රීති සම්බොජ්ඣංගය වැඩීමෙන් පිරිපුන් බවට යයි. ප්‍රීති සිත් ඇත්තාගේ කය ත් සංසිඳෙයි. සිත ත් සංසිඳෙයි.
මහණෙනි, යම් අවස්ථාවක ප්‍රීති සිතින් වසන භික්ෂුවගේ කය ත් සැහැල්ලු වෙයි ද, සිතත් සැහැල්ලු වෙයි ද, ඒ අවස්ථාවෙහි භික්ෂුව විසින් පස්සද්ධි සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. ඒ අවස්ථාවෙහි භික්ෂුව පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි. ඒ අවස්ථාවෙහි භික්ෂුවගේ පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමෙන් පිරිපුන් බවට යයි. සැහැල්ලු වූ කය ඇති ව සැපයෙන් සිටින කෙනාගේ සිත සමාධිමත් වෙයි.
මහණෙනි, යම් අවස්ථාවක සැහැල්ලු වූ කය ඇති ව, සැපයෙන් සිටින භික්ෂුවගේ සිත සමාධිමත් වෙයි ද, ඒ අවස්ථාවෙහි භික්ෂුව විසින් සමාධි සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. ඒ අවස්ථාවෙහි භික්ෂුව සමාධි සම්බොජ්ඣංගය වඩයි. ඒ අවස්ථාවෙහි භික්ෂුවගේ සමාධි සම්බොජ්ඣංගය වැඩීමෙන් පිරිපුන් බවට යයි. ඔහු එසේ සමාධිමත් වූ සිත දෙස මනාකොට මැදහත් උපේක්ෂාවෙන් බලයි.
මහණෙනි, යම් අවස්ථාවක භික්ෂුව ඒ අයුරින් සමාධිමත් සිත මනාකොට මැදහත් ව උපේක්ෂාවෙන් බලයි ද, ඒ අවස්ථාවෙහි භික්ෂුව විසින් උපෙක්ඛා සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. ඒ අවස්ථාවෙහි භික්ෂුව උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. ඒ අවස්ථාවෙහි භික්ෂුවගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමෙන් පිරිපුන් බවට යයි.
මහණෙනි, යම් අවස්ථාවක භික්ෂුවක් විඳීම් පිළිබඳ ව ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි ද, ඒ අවස්ථාවෙහි ඔහුගේ සිහිය මුලා නොවී, ඒ ධම්මානුපස්සනා අරමුණෙහි එළැඹ සිටියේ වෙයි. මහණෙනි, යම් අවස්ථාවක භික්ෂුවගේ සිහිය මුලා නොවී ධම්මානුපස්සනා අරමුණෙහි එළැඹ සිටියේ වෙයි ද, ඒ අවස්ථාවෙහි භික්ෂුව විසින් සති සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. ඒ අවස්ථාවෙහි භික්ෂුව සති සම්බොජ්ඣංගය වඩයි. ඒ අවස්ථාවෙහි භික්ෂුවගේ සති සම්බොජ්ඣංගය වැඩීමෙන් පිරිපුන් බවට යයි. ….(පෙ)…. ඔහු ඒ අයුරින් සමාධිමත් සිත මනාකොට මැදහත් ව උපේක්ෂාවන් බලයි.
මහණෙනි, යම් අවස්ථාවක භික්ෂුව ඒ අයුරින් සමාධිමත් සිත මනාකොට මැදහත් ව උපේක්ෂාවෙන් බලයි ද, ඒ අවස්ථාවෙහි භික්ෂුව විසින් උපෙක්ඛා සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. ඒ අවස්ථාවෙහි භික්ෂුව උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. ඒ අවස්ථාවෙහි භික්ෂුවගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමෙන් පිරිපුන් බවට යයි. මහණෙනි, මෙසේ දියුණු කරන ලද, මෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද සතර සතිපට්ඨානයෝ සප්ත බොජ්ඣංගයන් සම්පූර්ණ කරති.
මහණෙනි, කෙසේ දියුණු කරන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද සප්ත බොජ්ඣංගයෝ විද්‍යාව ත්, විමුක්තිය ත් සම්පූර්ණ කරත් ද?
මහණෙනි, මෙහිලා භික්ෂුවක් විවේකය ඇසුරු කොට, විරාගය ඇසුරු කොට, කෙලෙස් නිරෝධය ඇසුරු කොට, නිවනට නැඹුරු කොට සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. විවේකය ඇසුරු කොට, විරාගය ඇසුරු කොට, කෙලෙස් නිරෝධය ඇසුරු කොට, නිවනට නැඹුරු කොට උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ දියුණු කරන ලද, මෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද සප්ත බොජ්ඣංගයෝ විද්‍යාව ත්, විමුක්තිය ත් සම්පූර්ණ කරත්.
සාදු! සාදු!! සාදු!!!
දුතිය භික්ඛු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_10-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M