එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර රාජකාරාමයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, දහසක් භික්ෂුණී සංඝයා එතැනට පැමිණියාහු ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස් ව සිටගත්හ. එකත්පස් ව සිටගත් ඒ භික්ෂුණීන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මෙහෙණියෙනි, සතර ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවක තෙමේ සිව් අපායෙන් මිදුණේ, නියත වශයෙන් නිවන පිහිට කොට ගත්තේ, සෝවාන් වූයේ වෙයි. ඒ කවර කරුණු සතරකින් ද යත්;
මෙහෙණියෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙයි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින සීලයෙන් යුක්ත වෙයි.
මෙහෙණියෙනි, මේ සතර ධර්මයෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවක තෙමේ සිව් අපායෙන් මිදුණේ, නියත වශයෙන් නිවන පිහිට කොට ගත්තේ, සෝවාන් වූයේ වෙයි.”
සාදු! සාදු!! සාදු!!!
සහස්ස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M