සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.2.9. අරිය සුත්තං

2.2.9. ආර්ය වූ බොජ්ඣංගයන් ගැන වදාළ දෙසුම

මහණෙනි, ආර්ය වූ, නිවනට පමුණුවන්නා වූ, මේ සප්ත බොජ්ඣංගයෝ භාවිතා කරන, බහුල කරන, පිළිපදින තැනැත්තා හට මැනැවින් දුක් ක්ෂය කිරීමට පමුණුවති. ඒ කවර සප්ත බොජ්ඣංගයක් ද යත්; එනම්, සති සම්බොජ්ඣංගය ය, ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය. මහණෙනි, ආර්ය වූ, නිවනට පමුණුවන්නා වූ, මේ සප්ත බොජ්ඣංගයෝ භාවිතා කරන, බහුල කරන, පිළිපදින තැනැත්තා හට මැනැවින් දුක් ක්ෂය කිරීමට පමුණුවති.

සාදු! සාදු!! සාදු!!!

අරිය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M