☰
“ස්වාමීනී, ‘ප්‍රඥාව ඇත්තේ ය – කෙළතොළු නොවෙයි, ප්‍රඥාව ඇත්තේ ය – කෙළතොළු නොවෙයි’ යි කියනු ලැබේ. ස්වාමීනී, ප්‍රඥාව ඇති නොකෙළතොළු යැයි කියනු ලබන්නේ කවර කරුණු මත ද?”
“භික්ෂුව, සප්ත බොජ්ඣංගයන් භාවිත කළ බැවින්, බහුල කළ බැවින් ප්‍රඥාව ඇති නොකෙළතොළු යැයි කියනු ලැබේ. ඒ කවර සතක් ද යත්, සති සම්බොජ්ඣංගය ය ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය. භික්ෂුව, මේ සප්ත බොජ්ඣංගයන් භාවිත කළ බැවින්, බහුල කළ බැවින් ප්‍රඥාව ඇති නොකෙළතොළු යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
පඤ්ඤව සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M