එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි හලිද්දවසන නම් වූ කෝලියවරුන්ගේ නියම් ගමෙහි වැඩවසන සේක. එකල්හී බොහෝ භික්ෂූහු පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවා ගෙන පාත්‍රය හා සිවුර ගෙන හලිද්දවසන නියම්ගමට පිඬු පිණිස පිවිසියාහු ය.
ඉක්බිති ඒ භික්ෂූන්ට මේ අදහස ඇතිවූයේ ය. ‘හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිරෙන්නට තව ම වේලාසන වැඩි ය. එහෙයින් අපි අන්‍යතීර්ථක පිරිවැජියන්ගේ ආරාමය වෙත යන්නෙමු නම් මැනැවැ’ යි.
ඉක්බිති ඒ භික්ෂූහු අන්‍ය තීර්ථක පිරිවැජියන්ගේ ආරාමය කරා ගියහ. ගොස් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හා සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු පිළිසඳර කථාව නිමා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූන්ට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙය පැවසූහ.
“ආයුෂ්මත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයින්ට මෙසේ ධර්මය දෙසත් නොවැ. එනම්, ‘එව් මහණෙනි, ඔබ සිත කෙලෙසන, ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට, මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේ දෙවෙනි දිශාව ත්, එසේ තුන්වෙනි දිශාව ත්, එසේ සිව්වන දිශාව ත් පතුරුවා වාසය කරව්. මෙසේ උඩ – යට – සරස, සියළු තන්හි, සියළු ආකාරයෙන්. සකළ ලෝකයට විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, අව්‍යාපාදයෙන් යුතු මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කරව්.
කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේ දෙවෙනි දිශාව ත්, එසේ තුන්වෙනි දිශාව ත්, එසේ සිව්වන දිශාව ත් පතුරුවා වාසය කරව්. මෙසේ උඩ – යට – සරස, සියළු තන්හි, සියළු ආකාරයෙන්. සකළ ලෝකයට විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, අව්‍යාපාදයෙන් යුතු කරුණා සහගත සිත පතුරුවා වාසය කරව්.
මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේ දෙවෙනි දිශාව ත්, එසේ තුන්වෙනි දිශාව ත්, එසේ සිව්වන දිශාව ත් පතුරුවා වාසය කරව්. මෙසේ උඩ – යට – සරස, සියළු තන්හි, සියළු ආකාරයෙන්. සකළ ලෝකයට විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, අව්‍යාපාදයෙන් යුතු මුදිතා සහගත සිත පතුරුවා වාසය කරව්.
උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේ දෙවෙනි දිශාව ත්, එසේ තුන්වෙනි දිශාව ත්, එසේ සිව්වන දිශාව ත් පතුරුවා වාසය කරව්. මෙසේ උඩ – යට – සරස, සියළු තන්හි, සියළු ආකාරයෙන්. සකළ ලෝකයට විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, අව්‍යාපාදයෙන් යුතු උපේක්ෂා සහගත සිත පතුරුවා වාසය කරව්” යනුවෙනි.
ආයුෂ්මත්නි, අපි ත් ශ්‍රාවකයන්ට ඔය අයුරින් දහම් දෙසමු. “එව් ආයුෂ්මත්නි, ඔබ සිත කෙලෙසන, ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට, මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. ….(පෙ)…. කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේ දෙවෙනි දිශාව ත්, එසේ තුන්වෙනි දිශාව ත්, එසේ සිව්වන දිශාව ත් පතුරුවා වාසය කරව්. මෙසේ උඩ – යට – සරස, සියළු තන්හි, සියළු ආකාරයෙන්. සකළ ලෝකයට විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, අව්‍යාපාදයෙන් යුතු උපේක්ෂා සහගත සිත පතුරුවා වාසය කරව්” යනුවෙනි.
ආයුෂ්මත්නි, මෙහිලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ හෝ අපගේ හෝ ධර්ම දේශනාවෙන් ධර්ම දේශනාව වේවා, අනුශාසනාවෙන් අනුශාසනාව වේවා, කවර විශේෂයක් ද? කවර අදහසක් ද? කවර නානත්වයක් ද?”
එකල්හී ඒ භික්ෂූහු ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ප්‍රකාශය නොපිළිගත්තාහු ය. ප්‍රතික්ෂේප නොකළාහු ය. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ‘භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ පැවසූ කරුණෙහි අර්ථය දැනගන්නෙමු’ යි හුනස්නෙන් නැගිට පිටත් ව ගියාහු ය.
ඉක්බිති ඒ භික්ෂූහු හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, මෙහිලා අපි පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන හලිද්දවසනයෙහි පිඬු පිණිස පිවිසියෙමු. ස්වාමීනී, ඉක්බිති අපට මේ අදහස ඇතිවූයේ ය. ‘හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිරෙන්නට තව ම වේලාසන වැඩි ය. එහෙයින් අපි අන්‍යතීර්ථක පිරිවැජියන්ගේ ආරාමය වෙත යන්නෙමු නම් මැනැවැ’ යි.
ස්වාමීනී, ඉක්බිති ඒ අපි අන්‍ය තීර්ථක පිරිවැජියන්ගේ ආරාමය කරා ගියෙමු. ගොස් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හා සතුටු වුණෙමු. සතුටු විය යුතු සිහි කටයුතු පිළිසඳර කථාව නිමා කොට එකත්පස් ව හිඳගතිමු. ස්වාමීනී, එකත්පස් ව හුන් ඒ අපට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙය පැවසූහ.
“ආයුෂ්මත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයින්ට මෙසේ ධර්මය දෙසත් නොවැ. එනම්, ‘එව් මහණෙනි, ඔබ සිත කෙලෙසන, ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට, මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. ….(පෙ)…. කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේ දෙවෙනි දිශාව ත්, එසේ තුන්වෙනි දිශාව ත්, එසේ සිව්වන දිශාව ත් පතුරුවා වාසය කරව්. මෙසේ උඩ – යට – සරස, සියළු තන්හි, සියළු ආකාරයෙන්. සකළ ලෝකයට විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, අව්‍යාපාදයෙන් යුතු උපේක්ෂා සහගත සිත පතුරුවා වාසය කරව්” යනුවෙනි.
ආයුෂ්මත්නි, අපි ත් ශ්‍රාවකයන්ට ඔය අයුරින් දහම් දෙසමු. “එව් ආයුෂ්මත්නි, ඔබ සිත කෙලෙසන, ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට, මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. ….(පෙ)…. කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේ දෙවෙනි දිශාව ත්, එසේ තුන්වෙනි දිශාව ත්, එසේ සිව්වන දිශාව ත් පතුරුවා වාසය කරව්. මෙසේ උඩ – යට – සරස, සියළු තන්හි, සියළු ආකාරයෙන්. සකළ ලෝකයට විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, අව්‍යාපාදයෙන් යුතු උපේක්ෂා සහගත සිත පතුරුවා වාසය කරව්’ යනුවෙනි.
ආයුෂ්මත්නි, මෙහිලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ හෝ අපගේ හෝ ධර්ම දේශනාවෙන් ධර්ම දේශනාව වේවා, අනුශාසනාවෙන් අනුශාසනාව වේවා, කවර විශේෂයක් ද? කවර අදහසක් ද? කවර නානත්වයක් ද?”
ස්වාමීනී, එකල්හී අපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ප්‍රකාශය නොපිළිගත්තෙමු. ප්‍රතික්ෂේප නොකළෙමු. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ‘භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ පැවසූ කරුණෙහි අර්ථය දැනගන්නෙමු’ යි හුනස්නෙන් නැගිට පිටත් ව ගියෙමු.”
“මහණෙනි, ඔය අයුරින් පවසන අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ පිළිතුරු දිය යුත්තේ ය.
‘ආයුෂ්මත්නි, මෛත්‍රී චිත්ත විමුක්තිය කුමන ගතියක් ඇත්තේ, කුමන උතුම් බවක් ඇත්තේ, කුමන ඵලයක් ඇත්තේ, කුමන අවසානයක් ඇත්තේ කෙසේ වැඩූ කල්හි ද?
ආයුෂ්මත්නි, කරුණා චිත්ත විමුක්තිය කුමන ගතියක් ඇත්තේ, කුමන උතුම් බවක් ඇත්තේ, කුමන ඵලයක් ඇත්තේ, කුමන අවසානයක් ඇත්තේ කෙසේ වැඩූ කල්හි ද?
ආයුෂ්මත්නි, මුදිතා චිත්ත විමුක්තිය කුමන ගතියක් ඇත්තේ, කුමන උතුම් බවක් ඇත්තේ, කුමන ඵලයක් ඇත්තේ, කුමන අවසානයක් ඇත්තේ කෙසේ වැඩූ කල්හි ද?
ආයුෂ්මත්නි, උපේක්ෂා චිත්ත විමුක්තිය කුමන ගතියක් ඇත්තේ, කුමන උතුම් බවක් ඇත්තේ, කුමන ඵලයක් ඇත්තේ, කුමන අවසානයක් ඇත්තේ කෙසේ වැඩූ කල්හි ද?’
මහණෙනි, මෙසේ විමසූ විට අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ පිළිතුරු දෙන්නට නොහැකිවන්නාහු ය. මත්තෙහි වෙහෙසට පත්වන්නාහු ය. ඒ මක් නිසා ද යත්, තමන්ට විෂය නොවන කරුණු අරභයා යම් සේ අසන ලද්දේ ද, එසේ ය.
මහණෙනි, තථාගතයන් විසින් හෝ තථාගත ශ්‍රාවකයෙකු විසින් හෝ මෙයින් අසා ඉගෙන ගත් කෙනෙකුන් හෝ හැර යමෙක් මේ ප්‍රශ්නයන් විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම්, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි එබඳු කෙනෙකු මම නොදකිමි.
මහණෙනි, මෛත්‍රී චිත්ත විමුක්තිය කුමන ගතියක් ඇත්තේ, කුමන උතුම් බවක් ඇත්තේ, කුමන ඵලයක් ඇත්තේ, කුමන අවසානයක් ඇත්තේ කෙසේ වැඩූ කල්හි ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව මෛත්‍රී සහගත ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව මෛත්‍රී සහගත ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි.
ඉදින් හේ පිළිකුල් නැති අරමුණෙහි පිළිකුල් හැඟීමෙන් වාසය කරන්නෙමි යි කැමති වෙයි නම් එහිලා පිළිකුල් සංඥාවෙන් වාසය කරයි. ඉදින් පිළිකුල් අරමුණෙහි පිළිකුල් නැති හැඟීමෙන් වාසය කරන්නෙමි යි කැමති වෙයි නම් එහිලා නොපිළිකුල් සංඥාවෙන් වාසය කරයි. ඉදින් නොපිළිකුල් අරමුණෙහි ත් පිළිකුල් අරමුණෙහි ත්, පිළිකුල් හැඟීමෙන් වාසය කරන්නෙමි යි කැමති වෙයි නම් එහිලා පිළිකුල් සංඥාවෙන් වාසය කරයි. ඉදින් පිළිකුල් අරමුණෙහි ත් නොපිළිකුල් අරමුණෙහි ත්, පිළිකුල් හැඟීමෙන් වාසය කරන්නෙමි යි කැමති වෙයි නම් එහිලා පිළිකුල් සංඥාවෙන් වාසය කරයි. ඉදින් නොපිළිකුල් අරමුණ ත්, පිළිකුල් අරමුණ ත් යන දෙක බැහැර කොට සිහි නුවණින් යුතු ව උපේක්ෂාවෙන් යුතු ව වාසය කරන්නෙමි යි කැමති වෙයි නම් එහිලා සිහි නුවණින් යුතු ව උපේක්ෂාවෙන් වාසය කරයි. සුභ විමෝක්ෂයට හෝ පැමිණ වාසය කරයි. මහණෙනි, මෙහිලා ප්‍රඥා සම්පන්න භික්ෂුවට මත්තෙහි අරහත්ඵල විමුක්තිය අවබෝධ නොකරන කල්හී මෛත්‍රී චිත්ත විමුක්තිය සුභ පරම කොට ඇතැයි මම කියමි.
මහණෙනි, කරුණා චිත්ත විමුක්තිය කුමන ගතියක් ඇත්තේ, කුමන උතුම් බවක් ඇත්තේ, කුමන ඵලයක් ඇත්තේ, කුමන අවසානයක් ඇත්තේ කෙසේ වැඩූ කල්හි ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව කරුණා සහගත ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව කරුණා සහගත ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි.
ඉදින් හේ පිළිකුල් නැති අරමුණෙහි පිළිකුල් හැඟීමෙන් වාසය කරන්නෙමි යි කැමති වෙයි නම් එහිලා පිළිකුල් සංඥාවෙන් වාසය කරයි. ඉදින් පිළිකුල් අරමුණෙහි පිළිකුල් නැති හැඟීමෙන් වාසය කරන්නෙමි යි කැමති වෙයි නම් එහිලා නොපිළිකුල් සංඥාවෙන් වාසය කරයි. ඉදින් නොපිළිකුල් අරමුණෙහි ත් පිළිකුල් අරමුණෙහි ත්, පිළිකුල් හැඟීමෙන් වාසය කරන්නෙමි යි කැමති වෙයි නම් එහිලා පිළිකුල් සංඥාවෙන් වාසය කරයි. ඉදින් පිළිකුල් අරමුණෙහි ත් නොපිළිකුල් අරමුණෙහි ත්, නොපිළිකුල් හැඟීමෙන් වාසය කරන්නෙමි යි කැමති වෙයි නම් එහිලා නොපිළිකුල් සංඥාවෙන් වාසය කරයි. ඉදින් නොපිළිකුල් අරමුණ ත්, පිළිකුල් අරමුණ ත් යන දෙක බැහැර කොට සිහි නුවණින් යුතු ව උපේක්ෂාවෙන් යුතු ව වාසය කරන්නෙමි යි කැමති වෙයි නම් එහිලා සිහි නුවණින් යුතු ව උපේක්ෂාවෙන් වාසය කරයි. සියළු අයුරින් රූප සංඥාවන් ඉක්ම යෑමෙන් ගොරෝසු සංඥාවන්ගේ නැතිවීමෙන් නා නා සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් අනන්ත වූ ආකාසය යැයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙහිලා ප්‍රඥා සම්පන්න භික්ෂුවට මත්තෙහි අරහත්ඵල විමුක්තිය අවබෝධ නොකරන කල්හී කරුණා චිත්ත විමුක්තිය ආකාසානඤ්චායතනය පරම කොට ඇතැයි මම කියමි.
මහණෙනි, මුදිතා චිත්ත විමුක්තිය කුමන ගතියක් ඇත්තේ, කුමන උතුම් බවක් ඇත්තේ, කුමන ඵලයක් ඇත්තේ, කුමන අවසානයක් ඇත්තේ කෙසේ වැඩූ කල්හි ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව මුදිතා සහගත ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව මුදිතා සහගත ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි.
ඉදින් හේ පිළිකුල් නැති අරමුණෙහි පිළිකුල් හැඟීමෙන් වාසය කරන්නෙමි යි කැමති වෙයි නම් එහිලා පිළිකුල් සංඥාවෙන් වාසය කරයි. ….(පෙ)…. ඉදින් නොපිළිකුල් අරමුණ ත්, පිළිකුල් අරමුණ ත් යන දෙක බැහැර කොට සිහි නුවණින් යුතු ව උපේක්ෂාවෙන් යුතු ව වාසය කරන්නෙමි යි කැමති වෙයි නම් එහිලා සිහි නුවණින් යුතු ව උපේක්ෂාවෙන් වාසය කරයි.
සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්ම යෑමෙන් අනන්ත වූ විඤ්ඤාණය යැයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙහිලා ප්‍රඥා සම්පන්න භික්ෂුවට මත්තෙහි අරහත්ඵල විමුක්තිය අවබෝධ නොකරන කල්හී මුදිතා චිත්ත විමුක්තිය විඤ්ඤාණඤ්චායතනය පරම කොට ඇතැයි මම කියමි.
මහණෙනි, උපේක්ෂා චිත්ත විමුක්තිය කුමන ගතියක් ඇත්තේ, කුමන උතුම් බවක් ඇත්තේ, කුමන ඵලයක් ඇත්තේ, කුමන අවසානයක් ඇත්තේ කෙසේ වැඩූ කල්හි ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව උපේක්ෂා සහගත ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව උපේක්ෂා සහගත ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි.
ඉදින් හේ පිළිකුල් නැති අරමුණෙහි පිළිකුල් හැඟීමෙන් වාසය කරන්නෙමි යි කැමති වෙයි නම් එහිලා පිළිකුල් සංඥාවෙන් වාසය කරයි. ඉදින් පිළිකුල් අරමුණෙහි පිළිකුල් නැති හැඟීමෙන් වාසය කරන්නෙමි යි කැමති වෙයි නම් එහිලා නොපිළිකුල් සංඥාවෙන් වාසය කරයි. ඉදින් නොපිළිකුල් අරමුණෙහි ත් පිළිකුල් අරමුණෙහි ත්, පිළිකුල් හැඟීමෙන් වාසය කරන්නෙමි යි කැමති වෙයි නම් එහිලා පිළිකුල් සංඥාවෙන් වාසය කරයි. ඉදින් පිළිකුල් අරමුණෙහි ත් නොපිළිකුල් අරමුණෙහි ත්, නොපිළිකුල් හැඟීමෙන් වාසය කරන්නෙමි යි කැමති වෙයි නම් එහිලා නොපිළිකුල් සංඥාවෙන් වාසය කරයි. ඉදින් නොපිළිකුල් අරමුණ ත්, පිළිකුල් අරමුණ ත් යන දෙක බැහැර කොට සිහි නුවණින් යුතු ව උපේක්ෂාවෙන් යුතු ව වාසය කරන්නෙමි යි කැමති වෙයි නම් එහිලා සිහි නුවණින් යුතු ව උපේක්ෂාවෙන් වාසය කරයි.
සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම යෑමෙන් කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙහිලා ප්‍රඥා සම්පන්න භික්ෂුවට මත්තෙහි අරහත්ඵල විමුක්තිය අවබෝධ නොකරන කල්හී උපේක්ෂා චිත්ත විමුක්තිය ආකිඤ්චඤ්ඤායතනය පරම කොට ඇතැයි මම කියමි.
සාදු! සාදු!! සාදු!!!
මෙත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-6-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M