සැවැත් නුවර දී ය …..
එකල්හී එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු සිහිකටයුතු පිළිසඳර කථාව නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කල් නොපවතින්නේ නම් එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කල් පවතින්නේ නම් එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”
“බ්‍රාහ්මණය, සතර සතිපට්ඨානය භාවිත නොකිරීමෙන්, බහුල නොකිරීමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කල් නොපවතින්නේ වෙයි. බ්‍රාහ්මණය, සතර සතිපට්ඨානය භාවිත කිරීමෙන්, බහුල කිරීමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කල් පවතින්නේ වෙයි. ඒ කවර සතරක් ද යත්,
බ්‍රාහ්මණය, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.
බ්‍රාහ්මණය, මේ සතර සතිපට්ඨානය භාවිත නොකිරීමෙන්, බහුල නොකිරීමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කල් නොපවතින්නේ වෙයි. බ්‍රාහ්මණය, මේ සතර සතිපට්ඨානය භාවිත කිරීමෙන්, බහුල කිරීමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කල් පවතින්නේ වෙයි.”
මෙසේ වදාළ කල්හී ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. ….(පෙ)…. අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
බ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M