සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.5.10. ආසව සුත්තං

3.5.10. ආශ්‍රව ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ ආශ්‍රව තුනකි. ඒ කවර තුනක් ද යත්, කාම ආශ්‍රව ය, භව ආශ්‍රව ය, අවිජ්ජා ආශ්‍රව ය. මහණෙනි, මේ වනාහී තුනක් වූ ආශ්‍රවයෝ ය. මහණෙනි, මේ ආශ්‍රව තුන ප්‍රහාණය කිරීම පිණිස සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය. ඒ කවර සතරක් ද යත්,

මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.

මහණෙනි, මේ ආශ්‍රව තුන ප්‍රහාණය කිරීම පිණිස මේ සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

ආසව සූත්‍රය නිමා විය.

පස්වෙනි අමත වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

අමත සූත්‍රය, සමුදය සූත්‍රය, මග්ග සූත්‍රය, සතෝ සූත්‍රය, කුසල රාසි සූත්‍රය, පාතිමොක්ඛ සූත්‍රය, දුච්චරිත සූත්‍රය, මිත්ත සූත්‍රය, වේදනා සූත්‍රය සහ ආසව සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M