අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.1.8. අසේඛ සුත්තං

5.3.1.8. නිවන් මග සම්පූර්ණ කළ භික්ෂුව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි, ….(පෙ)…. ලොවෙහි අනුත්තර පින්කෙත වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව හික්මීම සම්පූර්ණ කරන ලද සීල ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. හික්මීම සම්පූර්ණ කරන ලද සමාධි ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. හික්මීම සම්පූර්ණ කරන ලද ප්‍රඥා ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. හික්මීම සම්පූර්ණ කරන ලද විමුක්ති ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. හික්මීම සම්පූර්ණ කරන ලද විමුක්ති ඥානදර්ශන ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි, ….(පෙ)…. ලොවෙහි අනුත්තර පින්කෙත වෙයි.

සාදු! සාදු!! සාදු!!!

අසේඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M