සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්නාගත භික්ෂුව උවටැන් සඳහා පසු ශ්‍රමණයෙකු වශයෙන් නොගත යුත්තේ ය. ඒ කවර පස් කරුණකින් ද යත්;
ඉතා දුරින් හෝ යයි, ඉතාමත් ළඟින් හෝ යයි. පාත්‍රයෙන් දුන් දෙය
නොගන්නේ වෙයි. ඇවතට පත් විය හැකි වචන කතා කරන්නාව නොවළක්වන්නේ වෙයි. උපාධ්‍යායන් වහන්සේ කතා කරමින් සිටියදී මැදට පැන කතා කරන්නේ වෙයි. බුද්ධිමත් නොවූයේ, කෙළතොළු වූයේ දුෂ්ප්‍රාඥ වූයේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්නාගත භික්ෂුව උවටැන් සඳහා පසු ශ්‍රමණයෙකු වශයෙන් නොගත යුත්තේ ය.
මහණෙනි, පස් කරුණකින් සමන්නාගත භික්ෂුව උවටැන් සඳහා පසු ශ්‍රමණයෙකු වශයෙන් ගත යුත්තේ ය. ඒ කවර පස් කරුණකින් ද යත්;
ඉතා දුරින් හෝ නොයයි, ඉතාමත් ළඟින් හෝ නොයයි. පාත්‍රයෙන් දුන් දෙය ගන්නේ වෙයි. ඇවතට පත් විය හැකි වචන කතා කරන්නාව වළක්වන්නේ වෙයි. උපාධ්‍යායන් වහන්සේ කතා කරමින් සිටියදී මැදට පැන කතා නොකරන්නේ වෙයි. බුද්ධිමත් වූයේ, කෙළතොළු නොවූයේ ප්‍රඥාවන්ත වූයේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්නාගත භික්ෂුව උවටැන් සඳහා පසු ශ්‍රමණයෙකු වශයෙන් ගත යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
පච්ඡාසමණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M