සැවැත් නුවර දී ය …..
මහණෙනි, අට කරුණකින් සමන්විත වූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අප්‍රිය වෙයි. අමනාප වෙයි. අගරු වෙයි. සම්භාවනාවට පාත්‍ර නොවෙයි. ඒ කවර අට කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ලාභය කැමති වෙයි. සත්කාරය කැමති වෙයි. අවඥා නොකැමති වෙයි. කල් නොදන්නේ වෙයි. පමණ නොදන්නේ වෙයි. අපිරිසිදු ක්‍රියා ඇත්තේ වෙයි. බොහෝ කියවන්නේ වෙයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ආක්‍රෝශ පරිභව කරන්නේ වෙයි.
මහණෙනි, මේ අට කරුණෙන් සමන්විත වූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අප්‍රිය වෙයි. අමනාප වෙයි. අගරු වෙයි. සම්භාවනාවට පාත්‍ර නොවෙයි.
මහණෙනි, අට කරුණකින් සමන්විත වූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය වෙයි. මනාප වෙයි. ගරු වෙයි. සම්භාවනාවට පාත්‍ර වෙයි. ඒ කවර අට කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ලාභය කැමති නොවෙයි. සත්කාරය කැමති නොවෙයි. අවඥා නොකැමති නොවෙයි. කල් දන්නේ වෙයි. පමණ දන්නේ වෙයි. පිරිසිදු ක්‍රියා ඇත්තේ වෙයි. බොහෝ කියවන්නේ නොවෙයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ආක්‍රෝශ පරිභව නොකරන්නේ වෙයි.
මහණෙනි, මේ අට කරුණෙන් සමන්විත වූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය වෙයි. මනාප වෙයි. ගරු වෙයි. සම්භාවනාවට පාත්‍ර වෙයි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය පිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M