සැවැත් නුවර දී ය …..
මහණෙනි, අට කරුණකින් සමන්විත වූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අප්‍රිය වෙයි. අමනාප වෙයි. අගරු වෙයි. සම්භාවනාවට පාත්‍ර නොවෙයි. ඒ කවර අට කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව අප්‍රියයන් පසසන්නේ වෙයි. ප්‍රියයන්ට ගරහන්නේ වෙයි. ලාභය කැමති වෙයි. සත්කාරය කැමති වෙයි. පවට ලැජ්ජා නැත්තේ වෙයි. පවට භය නැත්තේ වෙයි. පවිටු ආශාවන්ගෙන් යුක්ත වෙයි. මිසදිටු ගත්තේ වෙයි.
මහණෙනි, මේ අට කරුණෙන් සමන්විත වූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අප්‍රිය වෙයි. අමනාප වෙයි. අගරු වෙයි. සම්භාවනාවට පාත්‍ර නොවෙයි.
මහණෙනි, අට කරුණකින් සමන්විත වූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය වෙයි. මනාප වෙයි. ගරු වෙයි. සම්භාවනාවට පාත්‍ර වෙයි. ඒ කවර අට කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව අප්‍රියයන් පසසන්නේ නොවෙයි. ප්‍රියයන්ට ගරහන්නේ නොවෙයි. ලාභය කැමති නොවෙයි. සත්කාරය කැමති නොවෙයි. පවට ලැජ්ජා ඇත්තේ වෙයි. පවට භය ඇත්තේ වෙයි. අල්පේච්ඡ වෙයි. සම්දිටු ගත්තේ වෙයි.
මහණෙනි, මේ අට කරුණෙන් සමන්විත වූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය වෙයි. මනාප වෙයි. ගරු වෙයි. සම්භාවනාවට පාත්‍ර වෙයි.
සාදු! සාදු!! සාදු!!!
පඨම පිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M