අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.3.2.2. දුතිය අධම්ම සුත්තං

10.3.2.2. අධර්මය ගැන වදාළ දෙවෙනි දෙසුම

“මහණෙනි, අධර්මය ත්, ධර්මය ත් දත යුත්තේ ය. අයහපත ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, ධර්මය ත් දැන, අයහපත ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එය පිළිපැදිය යුත්තේ ය.

මහණෙනි, අධර්මය කුමක්ද? ධර්මය කුමක්ද? අයහපත කුමක්ද? යහපත කුමක්ද?

1. මහණෙනි, වැරදි දෘෂ්ටිය අධර්මය යි. නිවැරදි දෘෂ්ටිය ධර්මය යි. වැරදි දෘෂ්ටිය නිසාවෙන් අනේක වූ යම් පාපී අකුසල් දහම් හටගනියි ද මෙය අයහපත යි. නිවැරදි දෘෂ්ටිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් දියුණුවීමෙන් පිරිපුන් ව යයි ද මෙය යහපත යි.

2. මහණෙනි, වැරදි සංකල්පනා අධර්මය යි. නිවැරදි සංකල්පනා ධර්මය යි. වැරදි සංකල්පනා නිසාවෙන් අනේක වූ යම් පාපී අකුසල් දහම් හටගනියි ද මෙය අයහපත යි. නිවැරදි සංකල්පනා නිසාවෙන් අනේක වූ කුසල් දහම් දියුණුවීමෙන් පිරිපුන් ව යයි ද මෙය යහපත යි.

3. මහණෙනි, වැරදි වචන භාවිතය අධර්මය යි. නිවැරදි වචන භාවිතය ධර්මය යි. වැරදි වචන භාවිතය නිසාවෙන් අනේක වූ යම් පාපී අකුසල් දහම් හටගනියි ද මෙය අයහපත යි. නිවැරදි වචන භාවිතය නිසාවෙන් අනේක වූ කුසල් දහම් දියුණුවීමෙන් පිරිපුන් ව යයි ද මෙය යහපත යි.

4. මහණෙනි, වැරදි කායික ක්‍රියා අධර්මය යි. නිවැරදි කායික ක්‍රියා ධර්මය යි. වැරදි කායික ක්‍රියා නිසාවෙන් අනේක වූ යම් පාපී අකුසල් දහම් හටගනියි ද මෙය අයහපත යි. නිවැරදි කායික ක්‍රියා නිසාවෙන් අනේක වූ කුසල් දහම් දියුණුවීමෙන් පිරිපුන් ව යයි ද මෙය යහපත යි.

5. මහණෙනි, වැරදි ජීවිකාව අධර්මය යි. නිවැරදි ජීවිකාව ධර්මය යි. වැරදි ජීවිකාව නිසාවෙන් අනේක වූ යම් පාපී අකුසල් දහම් හටගනියි ද මෙය අයහපත යි. නිවැරදි ජීවිකාව නිසාවෙන් අනේක වූ කුසල් දහම් දියුණුවීමෙන් පිරිපුන් ව යයි ද මෙය යහපත යි.

6. මහණෙනි, වැරදි උත්සාහය අධර්මය යි. නිවැරදි උත්සාහය ධර්මය යි. වැරදි උත්සාහය නිසාවෙන් අනේක වූ යම් පාපී අකුසල් දහම් හටගනියි ද මෙය අයහපත යි. නිවැරදි උත්සාහය නිසාවෙන් අනේක වූ කුසල් දහම් දියුණුවීමෙන් පිරිපුන් ව යයි ද මෙය යහපත යි.

7. මහණෙනි, වැරදි සිහිය අධර්මය යි. නිවැරදි සිහිය ධර්මය යි. වැරදි සිහිය නිසාවෙන් අනේක වූ යම් පාපී අකුසල් දහම් හටගනියි ද මෙය අයහපත යි. නිවැරදි සිහිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් දියුණුවීමෙන් පිරිපුන් ව යයි ද මෙය යහපත යි.

8. මහණෙනි, වැරදි චිත්තේකාග්‍රතාව අධර්මය යි. නිවැරදි චිත්තේකාග්‍රතාව ධර්මය යි. වැරදි චිත්තේකාග්‍රතාව නිසාවෙන් අනේක වූ යම් පාපී අකුසල් දහම් හටගනියි ද මෙය අයහපත යි. නිවැරදි චිත්තේකාග්‍රතාව නිසාවෙන් අනේක වූ කුසල් දහම් දියුණුවීමෙන් පිරිපුන් ව යයි ද මෙය යහපත යි.

9. මහණෙනි, වැරදි ඥානය අධර්මය යි. නිවැරදි ඥානය ධර්මය යි. වැරදි ඥානය නිසාවෙන් අනේක වූ යම් පාපී අකුසල් දහම් හටගනියි ද මෙය අයහපත යි. නිවැරදි ඥානය නිසාවෙන් අනේක වූ කුසල් දහම් දියුණුවීමෙන් පිරිපුන් ව යයි ද මෙය යහපත යි.

10. මහණෙනි, වැරදි විමුක්තිය අධර්මය යි. නිවැරදි විමුක්තිය ධර්මය යි. වැරදි විමුක්තිය නිසාවෙන් අනේක වූ යම් පාපී අකුසල් දහම් හටගනියි ද මෙය අයහපත යි. නිවැරදි විමුක්තිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් දියුණුවීමෙන් පිරිපුන් ව යයි ද මෙය යහපත යි.

මහණෙනි, අධර්මය ත්, ධර්මය ත් දත යුත්තේ ය. අයහපත ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, ධර්මය ත් දැන, අයහපත ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එය පිළිපැදිය යුත්තේ ය වශයෙන් යමක් කියන ලද්දේ ද, එය කියන ලද්දේ මෙකරුණ සඳහා ය.”

සාදු! සාදු!! සාදු!!!

දුතිය අධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M