භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රම පිළිවෙලවල් දෙවිදිහක් තියෙනවා. මොනවාද ඒ ක්‍රම දෙක? ‘පාපයන් ලාමක දෙයක් හැටියට දකින්න’යි කීම පළමුවෙනි ධර්ම දේශනා ක්‍රමයයි. ‘පාපය ලාමක දෙයක් හැටියට දැකලා ඒ ගැන කලකිරෙන්න, නොඇලෙන්න, නිදහස් වෙන්න’යි කීම තමයි දෙවෙනි ධර්ම දේශනා ක්‍රමය. පින්වත් මහණෙනි, තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රම කාරණා වශයෙන් මේ දෙවිදිහටයි පවතින්නේ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“සියලු සත්වයින් ගැන අප්‍රමාණ අනුකම්පා ඇති තථාගත සම්බුදු රජාණන් වහන්සේගේ පිළිවෙලින් වදාළ වචනය බලන්න. උන්වහන්සේ කාරණා දෙකක් ප්‍රකාශ කොට වදාළා.
මේ පාපය ලාමක වශයෙන් බලන්න. එහි ඇලෙන්න එපා. ඒ නොඇලුන සිතින් සියලු දුක් කෙළවර කරන්න’ කියලයි.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M