ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

2.2.3. විජ්ජා සුත්තං

2.2.3. අවබෝධය (විද්‍යාව) ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, අකුසල් රැස් වෙන්න මුල් වෙන්නේ මේ චතුරාර්ය සත්‍යය ගැන ඇති අවබෝධය නැතිකම (අවිද්‍යාව) ම යි. පවට ලැජ්ජා නැතිකමත් පවට භය නැතිකමත් ඒ අනුව තමයි පවතින්නේ. පින්වත් මහණෙනි, කුසල් දහම් රැස් වෙන්න පෙරටු වෙන්නේ චතුරාර්ය සත්‍යය ගැන ඇති අවබෝධය (විද්‍යාව) යි. පවට තියෙන ලැජ්ජාවත්, බියත් ඒ අනුව තමයි පවතින්නේ.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“මෙලොව හරි, පරලොව හරි ලැබෙන යම් දුගතියක් තියෙනවා නම්, ඒ සියලු දුගති අවිද්‍යාව මුල් කරගෙනමයි ඇතිවෙන්නේ. ආශා කරන දේ සෙවීමත්, එයට ලෝභ ඉපදවීමත් තුළින් තමයි කර්ම රැස් වෙන්නේ.

යම් කලෙක මේ ලාමක ආශාවත්, පවට ලැජ්ජා නැති බවත්, කුසලයට ආශා නොවීමත් කියන මෙයින් තමයි පව් රැස් වෙන්නේ. ඒ හේතුව නිසාමයි අපායට යන්නේ.

ඒ නිසා ආශාවත්, ලෝභයත්, අවිද්‍යාවත් දුරු කරන්න ඕන. විද්‍යාව උපදවාගන්න ඕන. අන්න ඒ භික්ෂුව තමයි සියලු දුගතීන් දුරු කරලා දාන්නේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M