(භද්‍රාවුධ)
කාමය ගැන ඇල්ම නැසුව – හැම තණ්හා සිඳ බිඳ හළ
ආශ්වාදයන් ගැන ඇති – සියළු ඇල්ම බැහැරට කළ
සැඩ දිය සිඳ එතෙරට වැඩි – විමුක්තියට පත් වී ගිය
සියළු වාද මත සිඳ හළ – සොඳුරු නැණැති මුනිඳාණනි
නාගේන්ද්‍ර වූ මුනිඳු ගෙ – දහම් අසාගෙන බොහො දෙන
යන්නේ මෙතනින් බැහැරට
මහාවීර මුනිඳාණනි, – ඔබේ දහම් අසනු කැමති
නොයෙකුත් ජන පිරිස්ද මෙහි – සිටිති නොයෙක් දෙසින් පැමිණ
මෙහි සිටිනා හැම දෙනටම – දහම් දෙසත් නම් යහපති
ඔබ හට නම් මේ සදහම් – වැටහී ඇත ඉතා හොඳින්
(භාග්‍යවතුන් වහන්සේ)
අනාගතේ අතීතයේ – වර්තමාන කාලේ ඇති
වැළඳ ගත්ත හැම ආශා – දුරින්ම දුරු කරදමන්න
යම් ම දෙයක් මේ ලෝකේ – අල්ලා ගත්තොත් මනසින්
එයින්ම ඔහු පසු පස්සේ – මරුවා ලුහු බඳින්නේය
මෙකරුණ දන්නා සමණා – හොඳ සිහි නුවණින් සිටිමින්
මාර රාජධානිය තුළ – කොටු වී සිටිමින් ලෝ සත
එයටම ඇලෙමින් සිටිනා – ආකාරය නුවණින් දැක
ලොවේ තිබෙන කිසිම දෙයක් නැත්මය අල්ලා ගන්නේ
භද්‍රාවුධ නිසා වදාළ දෙසුම මෙහි දොළොස් වැන්න වේ.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_5-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M