සැවැත් නුවරදී ……………….
“පින්වත් මහණෙනි, ඤාණය ලැබීමේ කරුණු හතළිස් හතරක් ගැන මා ඔබට දේශනා කරන්නම්. එයා හොඳින් අහගන්න ඕන. ….(පෙ)…. පින්වත් මහණෙනි, ඤාණය ලැබීමේ කරුණු හතළිස් හතර මොනවාද?
ජරා මරණ ගැන දන්නා නුවණ. ජරා මරණ හටගැනීම ගැන දන්නා නුවණ. ජරා මරණ නිරුද්ධ වීම ගැන දන්නා නුවණ. ජරා මරණ නිරුද්ධ වීමේ මග ගැන දන්නා නුවණ.
ඉපදීම ගැන දන්නා නුවණ. ඉපදීම හටගැනීම ගැන දන්නා නුවණ. ඉපදීම නිරුද්ධ වීම ගැන දන්නා නුවණ. ඉපදීම නිරුද්ධ වීමේ මග ගැන දන්නා නුවණ.
භවය ගැන දන්නා නුවණ. භවය හටගැනීම ගැන දන්නා නුවණ. භවය නිරුද්ධ වීම ගැන දන්නා නුවණ. භවය නිරුද්ධ වීමේ මග ගැන දන්නා නුවණ.
උපාදාන ගැන දන්නා නුවණ ….(පෙ)…. තණ්හාව ගැන දන්නා නුවණ ….(පෙ)…. විඳීම ගැන දන්නා නුවණ ….(පෙ)…. ස්පර්ශය ගැන දන්නා නුවණ ….(පෙ)…. ආයතන හය ගැන දන්නා නුවණ ….(පෙ)…. නාමරූප ගැන දන්නා නුවණ ….(පෙ)…. විඤ්ඤාණය ගැන දන්නා නුවණ ….(පෙ)…. සංස්කාර ගැන දන්නා නුවණ. සංස්කාර හටගැනීම ගැන දන්නා නුවණා. සංස්කාර නිරුද්ධ වීම ගැන දන්නා නුවණ. සංස්කාර නිරුද්ධ වීමේ මග ගැන දන්නා නුවණ.
පින්වත් මහණෙනි, ජරා මරණ කියන්නේ මොකක්ද? ඒ ඒ සත්ව ලෝකවල සිටින ඒ ඒ සත්වයන්ගේ දිරා යාමක්, මහළු වන ස්වභාවයක්, දත් වැටීමක්, කෙස් පැහීමක්, ඇඟපත රැළි වැටීමක්, ආයුෂ පිරිහී යාමක් ඇද්ද, ඇස්, කණ් ආදී ඉඳුරන්ගේ මෝරා යාමක් ඇද්ද, මේකට තමයි ජරාව කියල කියන්නේ.
ඒ ඒ සත්වයන් ඒ ඒ සත්ව ලෝකවලින් යම් චුත වීමක්, චුත වන ස්වභාවයක්, බිඳීයාමක්, අතුරුදහන් වීමක්, මරණයට පත්වීමක්, කළුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳීයාමක්, සිරුර අත්හැර දැමීමක් ඇද්ද, මේකට තමයි මරණය කියන්නේ. මේ විදිහට මේ ජරාවත්, මේ මරණයත් කියන මෙයටයි, පින්වත් මහණෙනි, ජරා මරණ කියන්නේ.
ඉපදීම හටගැනීමෙනුයි ජරා මරණ හටගන්නේ. ඉපදීම නිරුද්ධ වීමෙනුයි ජරා මරණ නිරුද්ධ වන්නේ. ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට ජරා මරණ ගැන දන්නවා නම්, ජරා මරණ හටගැනීම ගැන දන්නවා නම්, ජරා මරණ නිරුද්ධ වීම ගැන දන්නවා නම්, ජරා මරණ නිරුද්ධ වීමේ මාර්ගය ගැන දන්නවා නම්, ඒක තමයි ධර්මය පිළිබඳව ඔහුගේ නුවණ. (ඉදමස්ස ධම්මේ ඤාණං) ඔහු විසින් දැකපු, අවබෝධ කරපු, අකාලික වූ, තමා විසින් පැමිණුන, බැසගත්ත මේ ධර්මයෙන් අතීතයත්, අනාගතයත් එම දහම් ක්‍රමයට අනුවම ගලපා බලයි.
අතීතයේ සිටිය යම්කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් හෝ ජරා මරණ ගැන අවබෝධ කරගත්තා නම්, ජරා මරණ හටගැනීම ගැන අවබෝධ කරගත්තා නම්, ජරා මරණ නිරුද්ධ වීම ගැන අවබෝධ කරගත්තා නම්, ජරා මරණ නිරුද්ධ වීමේ මාර්ගය ගැන අවබෝධ කරගත්තා නම්, ඒ සියලු දෙනාම මං දැන් අවබෝධ කරන්නේ යම් ආකාරයෙන්ද, ඒ ආකාරයටමයි අවබෝධ කරගෙන තියෙන්නේ.
අනාගතයේ ඇතිවන්නා වූ යම්කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් හෝ ජරා මරණ ගැන අවබෝධ කරගන්නවා නම්, ජරා මරණ හටගැනීම ගැන අවබෝධ කරගන්නවා නම්, ජරා මරණ නිරුද්ධ වීම ගැන අවබෝධ කරගන්නවා නම්, ජරා මරණ නිරුද්ධ වීමේ මාර්ගය ගැන අවබෝධ කරගන්නවා නම්, ඒ සියලු දෙනාම මං දැන් අවබෝධ කරන්නේ යම් ආකාරයකින්ද, ඒ ආකාරයටමයි අවබෝධ කරගන්නේ. මේක තමයි ධර්මයට අනුව ගලපා බැලීමෙන් ලත් ඔහුගේ නුවණ. (ඉදමස්ස අන්වයේ ඤාණං)
පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා හට ධම්මේ ඤාණයත්, අන්වයේ ඤාණයත් යන මේ ඤාණ දෙක පිරිසිදු විදිහට, පැහැබර විදිහට අවබෝධ වුණොත් පින්වත් මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකයාටයි සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා කියන්නේ. ආර්ය සත්‍යය දර්ශනයෙන් යුක්ත කෙනා කියෙන්නේ. මේ සද්ධර්මය වෙත පැමිණුන කෙනා කියන්නේ. මේ සද්ධර්මය දකින කෙනා කියන්නේ. ආර්ය මාර්ගයෙහි හික්මෙන නුවණැත්තා කියන්නේ. ආර්ය මාර්ගය ගැන අවබෝධය තිබෙන කෙනා කියන්නේ. මේ දහම් සැඩ පහරට පැමිණුන කෙනා කියන්නේ. ආර්යභාවයට පත්කරවන කළකිරීමෙන් යුතු කෙනා කියන්නේ. ඒ අමා නිවන් දොරෙහි වැදි වැදී සිටින කෙනා කියන්නේ.
පින්වත් මහණෙනි, ඉපදීම කියන්නේ මොකක්ද? ඒ ඒ සත්ව කොට්ඨාශ තුළ ඒ ඒ ….(පෙ)…. පින්වත් මහණෙනි, භවය කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, උපාදාන කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, තණ්හාව කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, විඳීම කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, ස්පර්ශය කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, ආයතන හය කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, නාමරූප කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, විඤ්ඤාණය කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, සංස්කාර කියන්නේ මොනවාද? පින්වත් මහණෙනි, සංස්කාර තුනක් තියෙනවා. ඒවාට තමයි කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන්නේ. පින්වත් මහණෙනි, මේවාට තමයි සංස්කාර කියන්නේ. අවිද්‍යාව හටගැනීමෙනුයි සංස්කාර හටගන්නේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙනුයි සංස්කාර නිරුද්ධ වන්නේ. සංස්කාර නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට සංස්කාර ගැන දන්නවා නම්, සංස්කාර හටගැනීම ගැන දන්නවා නම්, සංස්කාර නිරුද්ධ වීම ගැන දන්නවා නම්, සංස්කාර නිරුද්ධ වීමේ මාර්ගය ගැන දන්නවා නම්, ඒක තමයි ධර්මය පිළිබඳව ඔහුගේ නුවණ. (ඉදමස්ස ධම්මේ ඤාණං) ඔහු විසින් දැකපු, අවබෝධ කරපු, අකාලික වූ, තමා විසින් පැමිණුන, බැසගත්ත මේ ධර්මයෙන් අතීතයත්, අනාගතයත් එම දහම් ක්‍රමයට අනුවම ගලපා බලයි.
අතීතයේ සිටිය යම්කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් හෝ සංස්කාර ගැන අවබෝධ කරගත්තා නම්, සංස්කාර හටගැනීම ගැන අවබෝධ කරගත්තා නම්, සංස්කාර නිරුද්ධ වීම ගැන අවබෝධ කරගත්තා නම්, සංස්කාර නිරුද්ධ වීමේ මාර්ගය ගැන අවබෝධ කරගත්තා නම්, ඒ සියලු දෙනාම මං දැන් අවබෝධ කරන්නේ යම් ආකාරයෙන්ද, ඒ ආකාරයටමයි අවබෝධ කරගෙන තියෙන්නේ.
අනාගතයේ ඇතිවන්නා වූ යම්කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් හෝ සංස්කාර ගැන අවබෝධ කරගන්නවා නම්, සංස්කාර හටගැනීම ගැන අවබෝධ කරගන්නවා නම්, සංස්කාර නිරුද්ධ වීම ගැන අවබෝධ කරගන්නවා නම්, සංස්කාර නිරුද්ධ වීමේ මාර්ගය ගැන අවබෝධ කරගන්නවා නම්, ඒ සියලු දෙනාම මං දැන් අවබෝධ කරන්නේ යම් ආකාරයකින්ද, ඒ ආකාරයටමයි අවබෝධ කරගන්නේ. මේක තමයි ධර්මයට අනුව ගලපා බැලීමෙන් ලත් ඔහුගේ නුවණ. (ඉදමස්ස අන්වයේ ඤාණං)
පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා හට ධම්මේ ඤාණයත්, අන්වයේ ඤාණයත් යන මේ ඤාණ දෙක පිරිසිදු විදිහට, පැහැබර විදිහට අවබෝධ වුණොත් පින්වත් මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකයාටයි සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා කියන්නේ. ආර්ය සත්‍යය දර්ශනයෙන් යුක්ත කෙනා කියෙන්නේ. මේ සද්ධර්මය වෙත පැමිණුන කෙනා කියන්නේ. මේ සද්ධර්මය දකින කෙනා කියන්නේ. ආර්ය මාර්ගයෙහි හික්මෙන නුවණැත්තා කියන්නේ. ආර්ය මාර්ගය ගැන අවබෝධය තිබෙන කෙනා කියන්නේ. මේ දහම් සැඩ පහරට පැමිණුන කෙනා කියන්නේ. ආර්යභාවයට පත්කරවන කළකිරීමෙන් යුතු කෙනා කියන්නේ. ඒ අමා නිවන් දොරෙහි වැදි වැදී සිටින කෙනා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
ඤාණවත්ථු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M