384. සැවැත් නුවරදී ……………
එදා භාග්‍යවතුන් වහන්සේ නිය සිළ මත පස් ස්වල්පයක් රඳවා ගෙන භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, මේ ගැන ඔබ මොකක් ද හිතන්නේ? ගොඩාක් වැඩි මොනවා ද? මා විසින් මේ නිය සිළට ගත් පස් ස්වල්පය ද, නැත්නම් මේ මහ පොළොව ද?”
“ස්වාමීනි, මේ මහ පොළොවේ පස් ම යි වැඩි. භාග්‍යවතුන් වහන්සේ විසින් ඔය ශ්‍රී හස්තයෙන් නිය සිළ මත රඳවා තිබෙන පස් නම් ස්වල්පයක් ම යි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ විසින් ඔය ශ්‍රී හස්තයේ නිය සිළ මත රඳවා තිබෙන පස් ස්වල්පය මහ පොළොවත් සමග සසඳා බැලීමේ දී, ගණනකින් දක්වන්නට බැරිතරම් ස්වල්පය යි. සොළොස් වෙනි කළාවටත් වඩා ස්වල්පය යි. උපමාවක්වත් හොයා ගන්නට බෑ.”
පින්වත් මහණෙනි, ඔන්න ඔය වගේ ම යි යම් සත්වයෙක් මිනිසුන් අතර උපදිනවා නම් ඒ සත්වයන් ගේ ප්‍රමාණය ඉතා ම ස්වල්පයයි. නමුත් මිනිස් ලොවින් බැහැර වූ අනිකුත් තැන්වල උපදින්නා වූ යම් සත්වයන් ඇත්නම් ඔවුන් ගේ ප්‍රමාණය ඉතාමත් ම වැඩියි.
පින්වත් මහණෙනි, ඒ නිසා මෙන්න මේ විදිහට යි හික්මෙන්නට ඕන. අපි නම් අප්‍රමාදී ව ධර්මයේ ම යි හැසිරෙන්නේ කියල. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට යි ඔබ හික්මෙන්නට ඕන.
සාදු! සාදු!! සාදු!!!
නඛසිඛා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_8-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M