385. සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පිරිමින් ඉතා අඩු නමුත් කාන්තාවන් වැඩිපුර ඉන්න පවුල් තියෙනවා. කළයෙහි සැඟ වූ පහන් එළියෙන් හොරකම් කරන කළහොරුන්ට ඉතා පහසුවෙන් අර පවුල්වල වස්තුව හොරකම් කරගන්නට පුළුවනි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ම යි යම් භික්ෂුවක් මෙත්තා චේතෝ විමුක්තිය නම් වූ මෛත්‍රී සමාධිය වඩල නැත්නම්, බහුල වශයෙන් පුරුදු කරල නැත්නම් අමනුස්සයන්ට ඉතා පහසුවෙන් ඔහුව වෙහෙසවන්නට පුළුවනි.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. කාන්තාවන් ඉතා අඩු නමුත් පිරිමි වැඩිපුර ඉන්න පවුල් තියෙනවා. කළයෙහි සැඟ වු පහන් එළියෙන් හොරකම් කරන කළහොරුන්ට අර පවුල්වල වස්තුව හොරකම් කරන එක ලෙහෙසි නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි භික්ෂුවක් මෙත්තා චේතෝ විමුක්තිය නම් වූ මෛත්‍රී සමාධිය වඩල තියෙනවා නම්, බහුල වශයෙන් පුරුදු කරල තියෙනවා නම් අමනුස්සයන්ට ඔහුව වෙහෙසවන එක ලෙහෙසි නෑ.
පින්වත් මහණෙනි, ඒ නිසා මෙන්න මේ විදිහට යි හික්මෙන්නට ඕන. අපි කවුරුත් මෛත්‍රී සමාධිය ප්‍රගුණ කර ගන්නවා. බහුල වශයෙන් ප්‍රගුණ කර ගන්නවා. ගමන් බිමන් යන වාහනයක් වගේ ප්‍රගුණ කර ගන්නවා. පිහිටා තිබෙන ගසක් වගේ ප්‍රගුණ කර ගන්නවා. මනා කොට සිහියේ රඳවා ගන්නවා. ඉතා මැනැවින් ප්‍රගුණ කර ගන්නවා. ඉතා හොඳින් සම්පූර්ණ කර ගන්නවා කියල. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්නට ඕන.
සාදු! සාදු!! සාදු!!!
කුල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_8-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M