සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

2.2.8. අනත්තධම්ම සුත්තං

2.2.8. අනාත්මයට අයත් දෙය ගැන වදාළ දෙසුම

177. සාවත්ථියං…..

177. සැවැත් නුවර දී …………………

ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා රාධෝ භගවන්‌තං ඒතදවෝච. අනත්‌තධම්මෝ අනත්‌තධම්මෝති භන්තේ, වුච්‌චති. කතමෝ නු ඛෝ භන්තේ, අනත්‌තධම්මෝති?

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, ‘අනාත්මයට අයත් දෙය, අනාත්මයට අයත් දෙය’ කියලා කියනවා. ස්වාමීනි, අනාත්මයට අයත් දෙය කියලා කියන්නේ කවර දෙයකටද?”

රූපං ඛෝ රාධ, අනත්‌තධම්මෝ, වේදනා අනත්‌තධම්මෝ, සඤ්‌ඤා අනත්‌තධම්මෝ, සංඛාරා අනත්‌තධම්මෝ, විඤ්‌ඤාණං අනත්‌තධම්මෝ. ඒවං පස්‌සං රාධ, සුතවා අරියසාවකෝ ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

“පින්වත් රාධ, රූපයයි අනාත්මයට අයත් දෙය. විඳීමයි අනාත්මයට අයත් දෙය. සඤ්ඤාවයි අනාත්මයට අයත් දෙය. සංස්කාරයි අනාත්මයට අයත් දෙය. විඤ්ඤාණයයි අනාත්මයට අයත් දෙය. පින්වත් රාධ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.”

සාදු! සාදු!! සාදු!!!

අනත්තධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M