සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

2.2.9. ඛයධම්ම සුත්තං

2.2.9. ගෙවී යන ස්වභාවයට අයත් දෙය ගැන වදාළ දෙසුම

178. සාවත්ථියං….

178. සැවැත් නුවර දී …………………

ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා රාධෝ භගවන්‌තං ඒතදවෝච. ඛයධම්මෝ ඛයධම්මෝති භන්තේ, වුච්‌චති. කතමෝ නු ඛෝ භන්තේ, ඛයධම්මෝති?

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, ‘ගෙවීයන ස්වභාවයට අයත් දෙය, ගෙවීයන ස්වභාවයට අයත් දෙය’ කියලා කියනවා. ස්වාමීනි, ගෙවීයන ස්වභාවයට අයත් දෙය කියලා කියන්නේ කවර දෙයකටද?”

රූපං ඛෝ රාධ, ඛයධම්මෝ, වේදනා ඛයධම්මෝ, සඤ්‌ඤා ඛයධම්මෝ, සංඛාරා ඛයධම්මෝ, විඤ්‌ඤාණං ඛයධම්මෝ. ඒවං පස්‌සං රාධ, සුතවා අරියසාවකෝ ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

“පින්වත් රාධ, රූපයයි ගෙවීයන ස්වභාවයට අයත් දෙය. විඳීමයි ගෙවීයන ස්වභාවයට අයත් දෙය. සඤ්ඤාවයි ගෙවීයන ස්වභාවය අයත් දෙය. සංස්කාරයි ගෙවීයන ස්වභාවයට අයත් දෙය. විඤ්ඤාණයයි ගෙවීයන ස්වභාවයට අයත් දෙය. පින්වත් රාධ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.”

සාදු! සාදු!! සාදු!!!

ඛයධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M